Thursday 24 April 2014

01. මගෙ පළමු Post එක

අද (ඊයේ) හොඳ දවසක්. මෙච්චර දවසක් බ්ලොග් බල බලා හිටපු මට අද (ඊයේ) එකපාරටම හිතුන මමත් බ්ලොග් එකක් පටන් ගත්තොත් හොඳයි කියලා. එකපාරටම හිතුන කිව්වට එහෙමමත් නෑ. මම මීට කලිනුත් බ්ලොග් එකක් හදන්ට පටන් ගත්තා. ඒත් ඒ උත්සාහය ලත් තැනම ලොප් වුනා. ඒකට මූලික හේතුව වුනේ මට අල්ලලා යන විදිහට සිංහල හරියට type කරගන්ට බැරි වුන එක.ඉංග්‍රීසියෙන් ලිව්වට හිතට කිසි ෆිට් එකක් නෑ (ඇත්තම කියනව නම් ඉතින් හරියට ඉංග්‍රීසියෙන් ලියාගන්ටත් බෑ. තටම තටමා බොහොම අමාරුවෙන් තමා ලීව ටිකත් ලියාගත්තේ).මොකද ඔය සිංහල ෆොන්ට්ස්, සිංහල යුනිකෝඩ් අරව මේව මේ උලව් කොම්පීටරේට (office computer) දාගන්ට විදිහක් නැහැ. මේ IT උන්ගෙ කෙරුවාවල් හින්ද ("please log on as administrator!!!). කොහොම වුනත් මට අද (ඊයේ) ජාලයේ රස්තියාදු වෙවී ඉන්නකොට (මේ දවස් වල ඔපීසියේ වැඩ අඩුයි) එළ site එකක් හම්බ වුනා. එකෙ නම SinhalaInput (http://sinhalaunicode.gishan.net). ඒක Sinhala real-time unicode converter එකක්. වැඩේ ලේසියි. Singlish වලින් ටයිප් කරගෙන යන්ටයි තියෙන්නේ text එක automatically සිංහලෙන් (සිංහල ෆොන්ට් එකෙන්) එනවා. ඉතින් ඊටපස්සෙ තියෙන්නෙ copy & past. සරළයි සුගමයි.

ඇත්තටම මට බ්ලොග් එකක් පටන් ගන්ට හිතුනෙ ඇයි (" "). ඒකට විශේෂ හේතුවක් නැහැ. මම දැන් අවුරුදු දෙකක් තුනක් විතර තිස්සේ බ්ලොග් බලනවා. හැබැයි ඉස් ඉස්සෙල්ලාම බ්ලොග් එකක් කියල බැලුවෙ සඳරුවගේ "හිස් අහස" (දැන් ඒකාට මොකද වෙලාතියෙන්නේ කියලා දෙය්යෝ දනී මං නොදනී). ඒක බැලුවේ ලක්බිම පත්තරේ තිබුන ලිපියක් කියවලා. ඊට පස්සේ හිස් අහසේ තිබුන links (and through links on mathalan, ambagahayata, lankeeyasithiwili යන සින්ඩි) හරහා තව ගොඩක් (50ක් 100ක් 500ක් විතර!!!) බ්ලොග් බැලුවා. මාතලන්, මාරයා, අටමා, විචාරක, කාකා, සුධීක, රවි, සරා, සරත්, නලීන්, හැලපයා, රාජ්, ඇල්කෙමියා, හෙන්ඩ්‍රි, දේශකයා, තිලකසිරි (වැඩිහිටි සැට් එක!!! මමත් ඒ ගොඩේම තමා) හිරු, ලිහිණි, පොඩි කුමාරිහාමී, බස්සි, මල්මි, බින්දි, (කෙල්ලෝ) නාඩියා, කෝරළේ, සිරා, චූටි මහත්තයා, අඩවි රජා (කොල්ලෝ) සහ එකී මෙකී නොකී මේ හැමෝගෙම බ්ලොග් වල තියෙන හැම පොස්ට් එකක්ම වගේ බලලා තියෙනවා.

මම දැනට රස්සාව කරගෙන ඉන්නේ මැදපෙරදිග රටක (දැන් මැදපෙරදිගට අවිල්ලා අවුරුදු අටක් විතර වෙනවා!!!, දැන් නම් මූණත් ටිකක් ඔටුවෙකුගේ වගේ වෙලාද කොහෙද!!!) . කරන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක් (No, I am not an Engineer!!!).කොහොම හරි දැන් ඉතින් එකක් පටාන් ගත්තනේ. බලමු ඉස්සරහට මොනවද ලියන්ට තියෙන්නෙ කියලා.

මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.

Follow This Blog !!!