පෙරේදා
අත පසු වූ නිසා එන්නට කියූ ලෙස
මඩිනට සැහැසි ඒ ගොර බිර මදුරු විස
මැතිසඳ කීමටත් පෙර තම වරද නිස
බැඳගත්තා කඹක් ගෙන ලඟ තිබූ ගස
ඊයේ
ගිය කළ විසඳන්ට ගැටුමක් නැගී ඇති
ගැටුමෙහි වූවො මුට එරෙහිව නැගී ගති
බිය සැක නැගී ඌ සියොළඟ වෙළාගති
සිය අවියෙන්ම සිය සිරසම පළා ගති
අද
ඇඳගත් චීවරෙන් පටියක් ඉරාගෙන
තදකොට දෑත හා දෙපයත් වෙළාගෙන
හිස බානා කරෙන් බිජ්ජත් කපාගෙන
සිටියා වැටී මළමිනියක් විලාසෙන
හෙට
ලියන්නෝ සිටිත් උන් අත් කපාගෙන
කියන්නෝ සිටිත් උන් දිව කපාගෙන
අසන්නෝ සිටිත් උන් කන් කපාගෙන
අසිරිය නැගෙත් මුළු දිවයින වසාගෙන
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
ඇළපාත මුදළි මං
ගජමන් නෝනට පෙම් බැඳි
Monday, 23 June 2014
Tuesday, 17 June 2014
10. අලුත්ගමදී ගත් අලුත්ම පංසිල්
Wednesday, 11 June 2014
09. Invisible Button
අතීත කතාව
එක් සමයෙක්හි ඇළපාත නම් නියම් ගම් වැසි කුලදරුවාණ කෙනෙක් තමා වැඩිවියට පැමිණියේ පසල් දන්ව්වේ තිබ්බාවූ සිප්හල අකුරු කරවා අන්තයේ රජයෙන් පවත්වන්නට යෙදුනා වූ විභාගයෙනුත් සමර්ථවූයේ උන් දෙමාල්ලන් හා ගුරුන් විසින් උපමාවිෂයාතිඃක්‍රන්ත ලෙසින් වැනුවා වූ ද සකළ ශිල්පයට ම නිධාන වූ ද කොළොම්තොට නිසා එක් මනරම් සරසවියකට බැඳී උසස් උසස් මහැදුරන් යටතේ යහපත් කොට සිල්ප හදාරන්ට වන්නේ ය.
මෙසේ මේ මානවක තෙමේ ගුරුන්ගෙත් හිත් ගන්නා ලෙසිං සිල්පයත් ප්‍රගුන කරමිං බඩබැදි යාලු කොල්ලනුත් සමග කෙළිදෙලෙං දවසරින්නේ ක්‍රමයෙං පළමු වසරින් සමත් වැ දෙවැනි වසරට වන් කල උන්ගේ සරසවියට නවක මානව මානවිකාවන් බඳවා ගන්නා දිනත් උදාවි ය. ඇළපාතයාත් නවකයිං පිළිගන්නා සැටියෙන් උන්ගේ යාලු කොල්ලන් හා එක්ව සරසවිය පුරා බිම මට්ටම් කරවා ඊ පිට සුදු වැලි අතුරා යන්නා වූ මග දෙපස මල්ගොමු ලියගොමු හා ඉරු රැස් වලකන්ට ආසින් ආ වළාවන් බඳු වූ මහ දජ සේසත් නංවාලා කුඩා අනුකුඩා ද්වාර දෑළේ කුඩා අනුකුඩා පුංකළස් ද තබ්බාලා උතුරු වාසල්දොර මල්කමිං ලියකමිං හා සත්ත්ව කැටයමිං ඔපවැඩියාවූ ගන්ධදාම පුෂ්පදාමාවලම්භිත විතානෝපලක්ෂිත මාඇඟි තොරණක් ද ඉදි කළේ ය.
මෙසේ තොරණ හා දජ සේසත් ඈ නො එක් විසිතුරු කර්මන්තයෙන් ගැවසියා වූ සරසවියට පැමිණි ඒ නවකයින්, උයන් කර්මාන්තයට නො දෙවෙනි වූ චිත්තාකර්ශනීයවූ උළෙලක් ද ඊට ම ආනුෂංගිකවූ මහැදුරන් සමහරක්ගේ ගම්බිර දෙසුම් ද පවත්වා අවසන බත්කෑ මනාවුන්ට බුලත් විටකුත් දී ලන්නාසේ දෙවැනි වසරේ වූ කතාවට සමර්ථ එක් මුකරි කොල්ලෙක් ලවා නවකයින් පිළිගන්නා ලෙසින් හා උන්ගේ බියදුරුවනු පිණිස බුහුටි දෙසුමක්ද කොට සරසවියට පිළිගන්නට වූයේ ය. ඉනික්ඹිති අලුත්වැ ආ උන් හා සුදුසු ලෙසින් පිළිසඳර කතාත් කොට අනෙක් දින හිමිදිරියේ ම සරසවියට පැමිණෙන නියායෙන් උන් හැම ගිවිස්වාගෙනැ අන්තයේ උන් සියල්ල ම නම් පොත් ආදියෙ නම් ඇතුළු කිරීම ඈ තව ඉතිරි වැ ඇති පරිපාලන කටයුතු කරන පිණිස නිසි ඒ ඒ නිලදරුවන් වෙත පමුණුවාලා ඇළපාතයා තම යාලු ගණාත් පිරිවරගෙනැ තමා වසන නේවාසිකාගාරයට ම නික්මුණේ යැ.
එතෙක් පටන් දිනක් දිනක් පාසාම තව තුන් මසක් විචර කල් ඒ පැමිණි නවකයින් උදාසන සරසවි බිමට වන්නටත් පළමුව මේ ඇළපාත නම් මානවකයා, පෙර සේ හිරු රැස් නැගී තම පශ්චාත් භාගය දවන තෙක් නිදා නො සිට හිමිදිරියේ සැවුළන් හඬන්නාත් හාම යානෙන් නැගිටපියා ඇලි මැලි දුරලා අසුරුසැනයෙන් වත පස කිස නිමවා තමා අනු දක්නා ඒ යාලු පිරිවරත් සමග උදාසනක් සේ ම සරසවි බිමට නික්මෙන දෑ ය. නික්මී, තම පිරිස බනවා කියන්නේ "නුඹලා එක් තැනක නො සිට තැන් තැන්වලට වී සිට ඒ පැමිණෙන නවකයින් අල්ලා ගනුව. මාත් මගේ මේ සහචර කොල්ලාත් එක්වී සරසවිය වටබැඳි පවුරේ ඇති කුරුබිලිය අසළ රැක සිට ඉන් රිංගා එන වුන් අල්ලාගන්නේම් වේ දැ" යි කියා ලා ඓරාවණයා නවතන්නට යන සුර සෙනවියෙක් සේ තම සහචර කොල්ලාත් සමග පැදුම් දෙස බලා නික්මෙන දෑ ය. මෙපරිද්දෙන් ඒ තුන් මස මුළුල්ලේ ම සරසවියට අමුතුව ආ ඒ නවකයින් තන්හි තන්හි සිට අල්ලා ගන්නා මේ ඇළපාතයා හා සහචර පිරිස ඒ බියපත් වූ නවක බාලක බාලිකාවන්ට හස්ත විකාර මුඛ විකාර දක්වාලා උන් නො කළ වරදටත් මහ මූද පරගාන්නා සේ අක්‍රෝස පරිබව බෙනෙමින් උදාසන පටන් සූර්යයා අස්තංගතවනතුරුත් උන් හැම මුළුල්ල මහත් වෙහෙසට පත් කෙරෙ යි.අවසන, නවකානුරුපිතාව යැ යි කියූ ඒ තුන් මස ගෙවී ගිය කල්හී රැඟුම් වැයුම් ඇතුළත් විසිතුරු උලෙළක් කරවා අන්තයේ කන්නන්ට නිසි බත්, මස්, මාළු ආදී භෝජන පිරි බඳුන් ද බොන්නන්ට නිසි පාෂාණ, පරණ, සිංහ ආදී පැන් පිරි සැල්ද ඊට ම නිසි ඔඩම් ද තබා කාද්‍යභෝද්‍යෙන් ගැවසීගත් මහා සංග්‍රහ පවත්වා නවකයින් මුළුල්ලට ද නිසි පරිද්දෙන් නටා ගයා ප්‍රීති වීමට සලස්වා තුමූ සියල්ල දැන් එක් සමාගමයෙක් වී යැ යි මුලු සරසවි බිම් පුරා ආළෝලනය කළෝ ය.
දැන් වනාහි නවකයින් යනු පිරිසක් නැත්තේ ම යැ. ඇළපාතයා ඈ දෙටුවනුත් අලුත්වැ ආ උනුත් දැන් එකා වන් වැ සතුටු සාමීචියේ යෙදෙන්නෝ ය. උන් මුන්ටත් මුන් උන්ටත් විසුළු නම් කියා අමතන්නෝ ය. ඉන් උරණ වන්නෙක් නැති. මෙ පරිද්දෙන් දවසරිනා කළැ මෙපුවතෙහි කතුවා වන ඇළපාතයා සිතැ අමුතු මැ සිතිවිල්ලෙක් නැගී අයේ යැ.මේ නම් නිකම් නැගී ආ සිතිවිල්ලක් නො වී යැ. කලෙක් පටන් උන් සිතැ පිරිසිඳී කල් යත් යත් මැ කෙමෙන් වැඩී ආ හැඟුමකි. දැන් ඇළපාතයා වනාහී වෙනස් මැ එකෙකි. උන් පෙර සේ තම යාලු කොල්ලන් හා කතාවට නො එයි. උන් හා කෙළි හෝ කවට නො ද කෙරෙ යි. දවස මුළුල්ලේ බලා ගත් අත මැ බලා සිටී. සිල්ප උගැන්මෙ ද නිසි ඇළ්මක් නො කෙරෙ යි. පෙර කල කෑ පරිද්දෙන් වැළදීමද නො කෙරෙ යි. එකල්හි උන් අසළට ආ එක් වූ උගේ තන් වැසියෙක් අසන්නේ;
"කොල ඇළපාත, තෝ අපත් සමග යම් අමනාපයක් වී ද? නො සිතා කළ යම් විසිළුවකුත් හැර අපගෙන් වුණු අන් වැරැද්දකුත් ඇද් ද? අහරෙත් ඇළුම් නැතිවී මිතුරන්ගෙනුත් දුරු වූ කලට සිල්ප සෑදෙන්නෙත් කෙසේද?"
"මා ප්‍රියය, තොපතින් වූ වැරැද්දෙක් නැති. මේ මාතින් ම වූ මහත් වැරැද්දෙක. කලෙක පටන් මා සිතට කිසි සැනසිල්ලෙක් නැති. උදෑසන පටන් මැදුම් රෑ තෙක් මගේ සිතිවිල්ලට නම් නින්දෙක් නැති. ඌ මා දිවා රෑ දෙකේ නො නිදා දවයි".
"කියව යහළුව කිමෙක් ද ඒ සා වූ මහත් ලතැවුල. තොප පවුලේ යමෙකුට යම් ගැහැටක් වී ද? අපටත් කළහැකි යමක් වේ ද? දුක් ගැහටේදි නැති මුතුරුදමිං කම් කිම්ද?"
"නැත නැත කොල්ල, අප පවුලේ කාටත් කිනම් හෝ විපතක් නැත. නමුත් මට නම් වූයේ මහත් විපත. අහෝ, මේ මට වූයෙ කිම් ද?"
"කොල ඇළපාතය, ගෙල බැඳි මුත්හර වල්කොටගත් සොළොස්වියැති කෙල්ලක සා නො වැළපී තොට වුයේ කිම්දැ යි කියව. මෙසක්වළ නැගි කිනම් හෝ පැනයකටත් පිළිතුරක් ඇත්තේ වේ ද? කියව, තොට පිළිසරණ වන්නට මා හැර වෙන සමර්ථ වන්නෙකුත් වෙන ඇද් ද? මාගේන් මුෂ්ටි ප්‍රහාරයක් නො කා වහා කියව, පැන විසඳන්නේ නම් මම්ම වේ ද?"
"එසේ නම් අසා ගනුව. මෑතක සිට මා සිත අලුත් වැ ආ අර ගජමං නම් කෙල්ල කරා යෙ යි. උන් කෙරේ නො වලක්නා පරිද්දෙන් ආල සිතක් බැඳී යෙ යි. උන් නො ලද්දොත් නම් මා දිවි නො රැකෙ යි".
"වන්නාට ඇළපාත, එය මේ නො කා නො බී සිටිය යුතු දෙයක? ආලය නම් ලෙඩෙක? තෝ නො බා සිටුව. තම ස්වාමී වූ වේදේහරජුට, චූලණී බ්‍රඃමදත්තයා සේනා යොදා රැකි ඒ පංචාලචන්ඩි කුමාරිකාව අගමෙහෙසුන් කොට දුන්නා සේ ම්ම් නුඹට මේ ගජමං නැමැති කෙල්ලව සරි කොට දෙන්නෙමි. තෝ රිසි සේ කා බී සතුටු වෙව. කාරිය කරන්නේ නම් මම් වේ ද". මේසේ වාසි බස් දෙඩූ ඒ ඇළපාතයාගේ සහචරයා ගජමං නැමැති ඒ කෙල්ලට අසෙන සේ නො එක් නො එක් ලෙසින් ඇළපාතයාගේ ගුණ මැ කියා අවසනැ කෙසේ හෝ ඒ කෙල්ලගේ සිත මේ ඇළපාතයා කෙරෙ සිතිවිල්ලක් පාල කළේ ය. නො බෝ දිනෙකින් ම ඇළපාතයා තම යාලු කොල්ලා යොදා දුන් පරිදි ඒ ගජමං නැමති කෙල්ල සම්මුඛවි තම සිතැඟි පවසා ඈ සමග ආල සන්ථවයකට මුල පිරී යැ.
කල් ගතවත් මැ ඇළපාතයා හා ගජමං යන දෙදෙන අතර ඇති ප්‍රේමය අතු ඉති ලා වැඩෙන්නට වනැ. දිනක් දිනක් පාසා මුන් දෙන්නා ඒ ඒ සන්ථාගාරය පාමුල ද ඒ ඒ අවන්හල් තුළ ද ඈ එකී මෙකී නො කී සියළු තන්හී සිට පෙම් බස් බනන්නට වනැ. මේසෙ කල් යන්නට වු අතුරේ දිනක පෙම් බස් මුමුණනාතුර ගජමං නැමති ඒ බාලිකාව මෙසේ කියන්නට වන.
"මා ප්‍රිය ඇළපාතය, මාගේ එක් ගැබ්බර ඤාතිවරියක් වෙයි. ඈට සිරිපා කරුණා කෙරුමට දොළක් උපනි. මහ හිමේ යෑම නම් ඉතා දුස්කර දෙයක. ඒත් ඈ එහි යෑමට ම ඉල්ලා සිටී. ඇගේ දුක්පත් ස්වාමියා කෙසේ මේ දොළ සන්සිඳවන්නෙ දැ යි කියමිං තැවේ. මතු යම් දිනෙක මා මෙසේ වූ දෙයක් කියතොත් තෝ කරනුයේ කිම් ද? දොළ නො පුරා මා වළප්නේ නම් තෝ කරනුයේ කිම්ද?"
"ප්‍රිය දේහනිය, මා සිත නො තලව. තී එක් දරුවෙක් වදා නැවත ගැබ්බරව සිටි කල්හි මේවන් වූ වරයක් ඉල්ලුව මැනව. මේ ඇළපාත වන මම් ඇතුන් දස දෙනෙක්හුගේ බල ඇතියෙමි. තී එක් උරෙකත් ළපැටියා අනෙක් උරෙත් තබා වක් කළ අතක් දික් නො කරන තාක් මහ හිමය එසැණින් තරණය කොට තොප හැම සිරිපතුල් මුළ ලන්නෙ වේ ද? තී විපිළිවර නො වෙව. මහ බලැති ඇළපාතයා නම් මම ය".
වර්තමාන කතාව (දසකයකට පමණ පසු)
ඇළේ, අපි මේ සැරේ ලංකාවට ගියාම සිරීපාදෙ වඳින්ට යමුද?
පිස්සු කතා කරනවද, මේ ළමයි බමයි උස්සාගෙන කොහොමද යන්නේ. මේ ගොල්ලෝ ලොකුවුන දවසක යං. පොඩි කාලෙ ඔකේ යන්ට හොඳ නෑ. ලෙඩ වෙනවා. හෙන හීතල.
අප්පෝ ඒ දවස්වල් නං කීවෙ කොහොමද "තී එක් උරෙකත් ළපැටියා අනෙක් උරෙත් තබා වක් කළ අතක් දික් නො කරන තාක් මහ හිමය එසැණින් තරණය කොට තොප හැම සිරිපතුල් මුළ ලන්නෙ වේ ද? තී විපිළිවර නො වෙව. මහ බලැති ඇළපාතයා නම් මම ය", අනේද කියන්නෙ කෝ ඒ කීව මහ බලේ මොකද බොලේ එකට වුනේ?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අපේ උන්දෑලාගේ red button එක පේන්ට නෑ එච්චරයි.

Monday, 9 June 2014
08. crush එකක් හින්දා crash වෙන්ට ගිය හැටි
"ලොකු නුවණක්කාර පුංචි ඉවාන්ගෙ" crush කතාව කියපුවම මට කතාවක් මතක් වුනා. මේක නං crush කතාවක් නෙවේ crash වෙන්ට ගිය කතාවක්. එහෙනං අහගන්ටලා.
ඒ මං O/L කොරළා පොරතිපල එනකං ගෙදර හිටි කාලේ. අයෙ මොනාද දිවිය ගෙවුනෙ නිකං සරුංගලයක් වගේ. උදේට කාල ගෙදරිං එළියට බැස්සම ඉතින් බල්ලට හැතම්ම නෑ වගෙ තමා ඔහේ හත්දික්කරාවෙම ගාටල අයෙ රැ ජාමෙට තමා ගෙදර එන්නෙ. අයෙ කොරන්ට කියල වැඩක් තියෙන එකක්යැ ඉතිං.
ඔය සන්දියේ මට යාලුවෙක් හිටියා (එකෙක් නෙවේ හැත්තබුරුත්තක්ම හිටියා) ම්... කියමුකෝ මූට කමල් කියලා. ඉතිං මේ කමලට ගැණුදරුවෙක් එක්ක පටලැවිල්ලක් තිවුනා. එක පටලැවිල්ලක් නෙවේ මේකට පටලැවිලි කීපයක්ම තිබුණා (අන්තෝ ජටා බහි ජටා). කොහොම හරි ඉතිං මේ කාලෙ වෙනකොට මේ කියන පයුරු පාසනේ තමා ලකේටම තිබුණේ ඕං.
මේ දැරිවිගේ ගෙවල් තිවුනෙ අපෙ ගමේ ඉඳල ටිකක් ඈත. ඈත කියනේ බස් එකේම යන්ට ඔනේ. ඉතිං ඔන්න දවසක් කමලා මට කිවුවා;
"ඇළපාත මලෙ අපි හෙට කුමරිලෑ දිහෑවෙ යමුද?"
"අනෙ බං අය්යේ මට නං බෑ. බොට ඕන්නං තනියෙං පලයං. මට බෑ ඕවයේ ගිහිල්ල උන්දැලාගෙ අප්පගෙං මැරුං කන්ට."
මේ සම්බන්දෙ ගැන කුමාරිලාගෙ ගෙවල් ඔලිනුත් ටික ටික දැනගෙන උන්නෙ. උන්දැලගේ අප්පල කඩ කාරයෝ. අපේ එකා මේ නිකම්ම නිකං නිකමා. "කපලා ගඟේ මූදෙ දැම්මත් හතීකොන රස්තියාදු ගහන ඔය වගේ කඩප්පුලියෙකුට නං දුව දෙන්නෙ නෑ" කියල තමා කුමරිලෑ අප්පුච්චා කියලා තිබ්බේ. ඉතිං එහෙව් එකේ කුමාරි බලන්ට ඒකිලෑ ගෙදෙට්ටම යන්ට මේකට මොනාට හිතුනද කියලයි මං කල්පනා කොලේ.
"එහෙම නෙවේ බං, හෙට කුමාරිලෑ ගෙදර කවුරුවත් නෑ කිව්වා. උංගෙ මලයත් උදේට ඉස්ස්කොලෙ ගිහිල්ලා එනකොට දවල් වෙනවා, ඉතිං ඌ ගෙදර එන්ට කලිං අපි එහෙ ගිහිල්ල එමු."කමලා එහෙම කීව්වා.
"හරි ඉතිං අපි යනකොට ගෙදර කවුරු හරි හිටියොත් මොකද කොරන්නේ. වැරදිලාවත් මාමංඩිකාරයා එහෙම හිටියොත් බඩු බනිස්ම තමා" මම කිව්වා.
"එව්වට ක්‍රම සහ විදි තියනවා හරිද මල්ලී. අපි එවා ඔක්කොම ගානට පැලෑන් කොරලයි තියෙන්නෙ. මෙහෙමයි, හෙට උදේ ගෙදර කට්ටිය හැමෝම පිටවෙලා ඒරියල් එක ක්ලියර් වුනාම කුමාරී එයාලගේ ලැට් එක උඩ ප්ලේට් එකේ රතු පාට බාල්දියක් තියනවා. අපි ගේ ලඟ පාරේ වංගුව ගාවට ගියාම ගානට ලැට් එකෙ ප්ලේට් එක පේනවා. ඉතිං බාල්දිය තිබ්බොත් අපිට සේප් එකෙ ගෙදෙට්ට යන්ටයි තියෙන්නෙ, සරළයි, සුගමයි. මොකද කියන්නෙ, බෑ නොකියා කොහොම හරි යමං. ඕන්නං අර සුනිල ඉනේ ඕකවත් තනියට ඇදගෙනයං".
ඒ දවස් වල මේ දැං වගෙ කොල්ලටයි බල්ලටයි හැම එකාලටම mobile phones තිබ්බේ නෑ. ඔය වගෙ කෙරේම ඔලිං තමා බොහොමයක් සුපෙංවතුං පයිඩ හුවමාරු කොරගත්තේ.
"හරි එහෙනං සුනිලත් එක්ක යමං නැත්තං උඹල දෙන්නා ඔය අවල කෙළි ඔක්කොම කෙළිනකං මට උඩබලාගෙන ඉන්ට තමා වෙනේ. හැබැයි පුතෝ මං ගාව නං සතයක්වත් නෑ. උඹ බස් එකට ටිකට් ගනිං".
කොහොම හරි වදෙං පොරෙං සුනිලවත් වැඩේට කැමති කොරගෙන ඔන්න පහුවෙනිදා උදැහැනැක්කෙම තුං දෙනාම ගමන පිටත් වුනා. ඔය කුමාරිලගේ ගෙවල් ඔලට පහලිං තියෙනවා පොඩි කඩ මංඩියක්. අපි එතනිං බස් එකෙං බැස්සා, ඉතිරු ටික පයිම යන එක කෝකටත් හොඳයි කියලා. මොකද ගේ ලඟම බහින්ට ගිහිල්ලා කාට හරි මාට්ටුවුනොත් හෙම හෙන කෙලියක්නෙ වෙන්නේ. ඉතිං කඩ මංඩිය ගාවිං බැහලා දැං තුන් දෙනා හෙමීට කන්ද නගිනවා.විනාඩි පහකිං වගේ කුමාරිලෑ ගේ ගාව වංගුව ලඟට අවා. අම්මද බොල, ඔය තියෙන්නෙ සුබ නිමිති. ලැට් එකේ ප්ලේට් එකෙ උඩ රතුපාට බාල්දිය උදේම වැටෙන ලා ඉර එළියට දිස්ස්නෙ දෙනවා. ඒ දිස්නෙට වඩා කමලගේ මූණෙ පෙම්පාට වැටිල දිස්නෙ දෙනවා. ගේ ඉඳිකඩුල්ල ලඟට එනකොට අපි දැක්ක කුමාරිත් හිනා කටක් පුරෝගෙන ඉන්නවා. අපිත් වට පිට බලලා කවුරුවත් එන්ට කලිං ටක් ගාල කඩුල්ලෙං පැනල ගේ පැත්තට ගියා.
ඉතිං සාද කතා සහ අපේ වීර චාරිකවේ මං විස්තර කුමාරිට කියල ඉවර වෙලා කුමාරි හදල දුන්න තේ එකත් බීල හෙම උං දෙන්නා අපිට ටිකක් ඉන්ට කියල ඔන්න පල්ලෙහා තට්ටුවට බැස්සා. කුමරිලෑ ගෙවල් තියෙන්නෙ මහ හෙලේ. යමක් කමක් තියෙන උන්දැලා ගෙවල් හදන්නේ තට්ටු දෙකට. පොළෝ මට්ටමේ එක තට්ටුවයි, ඊට පහළිං හෙළපැත්තට තව තට්ටුවයි. ඉතිං උං දෙන්නා පහළට ගියාට පස්සෙ අපි දෙන්නා උඩ තට්ටුවට වෙලා කයියක් ගහ ගෙන හිටියා. පැයක් හිටියා, දෙකක් හිටියා ම්හ් මුං දෙන්න නෙවෙයි උඩට ආවේ. ඔන්න දැං සුනිල කුරු කුරු ගාන්ට ගත්තා ඌට මොකක්දො තව වැඩකට යන්ට තියෙනවා වෙලා යනවා කියලා. ඉතිං මම සුපෙංවතුන්ට කරදරයක් කියල දැන දැනම කමලට කතා කොළා.
"කමලෝ මේං මේ සුනිලට විගහට යන්ට ඕනැලූ තව විනාඩි දහයෙකිං එන බස් එකේ ඌ යනවලූ".
"අනේ ඇළපාතේ ඌට යන්ට කියල උඹ හිටහං. මං තව සුට්ටෙං එනවා අපි දෙන්න ඊලඟ බස් එකෙ යං". කමල පහළ ඉඳලම කිව්වා.
මං දැං මොකද කොරන්නේ. මේකා දාලා යන්ටත් බෑ. මොකක් හරි කෙළියක් උනොත් හෙම කාට කියන්ටද. එහෙම හිතලා මම සුනිල්ට යන්ට කිව්වා මම කමල එක්ක පස්සෙ එන්නං කියලා. ඊට පස්සෙ මං TV එකත් දගෙන ටික වෙලාවක් කිව්වට ටික වෙලාවක් නෙවේ තවත් පැයක් හමාරක් විතරම හිටියා. ඔන්න ටිකකිං ජෝඩුව උඩට අවා. ඇවිල්ලා සාලේ ගාවම තිවුනු කුමාරිගෙ කමරේ ඇතුලට ගිහිං අයෙත් කයිය ගහන්ට පටං ගත්තා. දැං නං මටත් ටිකක් මල පැනල හිටියෙ ඇයි යකො ආ කාරිය කොරගත්තනං ගෙදර පලකෝ අයෙ තවත් මොන කිරි කේජුවක් කන්ට ලගිනවද මං අහන්නේ.
"අඩේ කමලෝ දැං නං ඉස්කොලේ ඇරෙන්ටත් ලඟයි තව ටිකකිං මලයා එයි ඊට කලිං යම යන්ට" මම බලා ඉඳලා බැරිම තැන කීවා.මට මෙහෙම කියලා කට ගන්ට හම්බ වුනේ නෑ, කුමාරි "කමල් කමල් , මල්ලි මල්ලි" කියල කෑ ගැහුවා. කෙලියා තාප්පෙට, මේකා ඉස්කොලේ ඇරෙන්ටත් කලිං ගෙදර එනවා. කමලා සුටුස් ගාලා කමරෙං එළියට පැන්න පාරට ලඟ තිබ්බ කනප්පුවේ වැදිලා අන්ඩක් නොකැඩී බේරුනේ ඌ ඒ දවස් ඔල ඔය ජිට් කුන්ඩොද බිං කුන්ඩොද මොකද්ද එක ප්‍රගුන කොළහින්දා වෙන්ට ඔනේ මයෙ හිතේ. දැං මොකෑ කොරන්නේ. ජනෙලෙං අපිට පේනවා මලය හිමීට හිමීට කන්ද නැගගෙන එනවා. කුමාරිට දෙලෝ රත් වෙලා. තුම්මුනිං දඩිය දාලා "අනේ කමල්, අනේ කමල්" කියල කියනවා. බයටම වචන හරියට පිටවෙන්නෙත් නෑ. "ක ක ක .." කියනවා. මටත් දැං හීන් දාඩිය දලතියෙන්නෙ. මාට්ටු වුනොත් නං බබියත් සුං බබිගෙ ආච්චිත් සුං.
ගේ අතුලෙ හැංගෙන්ටත් බෑ. පල්ලෙහට බැහලා එහෙං එළියට යන්ට තැනකුත් නෑ අපි දෙන්නා සහ මුලිම්ම කොටුවලා. එළියට යනවනං ආපු විදිහටම ඉඳිකඩුල්ලෙම්ම තමා යන්ට වෙන්නේ. අප්පා දැං මොක්කුද කොරනවා.
"දැං කොරන්ට දෙයක් නෑ ඇළපාතේ, මොනව වෙන්ට හරි කියල ඉස්සරහිම්ම තමයි යන්ට වෙන්නේ. මලය ගෙට ඇතුල් වෙනවත් එක්කම අපි දෙන්න සුටුස් ගාල ඌට පේන්නෙ නැති වෙන්ට මාරු වෙමු", කමලා කිව්වා.
කුමරිලෑ ගෙට ඇතුල් වෙන්ට දොරවල් දෙකක් තියෙනවා ඉස්සරහා ඉස්තෝප්පුවෙ දෙකෙළවරට වෙන්ට.
"මල්ලි සාමාන්‍යයෙං ගෙට එන්නෙ මොන දොරෙංද?" කමල් කුමාරිගෙං ඇහුවා.
"අර පැත්තෙ තියෙන දොරෙං", කුමාරි එක පැත්තක තියෙන දොරක් පෙන්නුවා.
"හරි මචො එහෙනං මේකයි සිද්දිය හරි. අපි මල්ලි දොර ගාවටම එනකං ඌට පේන්නෙ නැති විදිහට ගේ ඇතුලට වෙලා ඉන්නවා. ඌ ගෙට ඇතුල් වෙනවත් එක්කම අපි අනික් දොරෙං ටිස් ගාලා පැනලා සිං ගාලා කඩුලෙං පැනලා පාරෙ පල්ලෙහට දුවනවා හරි".
"ටිස් ගාල, සින් ගාල, තොට මම කිව්ව යම විගහට කියල කොහෙද ඉතිං අපෙ රැවුල නෑ නේ. දැං සනීපයිනෙ. තොපි එක්ක එනවට අපිට මෙහෙම වෙලා මදි". ඔන්න දැං කුමාරි "අනේ කමල්" වෙනුවට "අනේ ඇළේ, අනේ ඇළේ", ගගා කෙඳිරි ගානවා. මට දැක්කම පව් කියල හිතුනා. කෙල්ලගෙ මූන රතුවෙලා, කං දෙකෙං දුම් පිට වෙනවා, නාහෙං හොටු බේරෙනවා. අනේ ආලේ නිසානේ මේ දුක මට දෙයියනේ කියල හිතුනා.
මොකක් නමුත් දැං නං ක්ෂනිකවම කොරන්ට ඕනේ. කමල කිව්ව විදිහ ඇරෙංට වෙන විකල්පයකුත් නෑ. ඕන පුකක් වෙද්දෙං කියලා මමත් "හරි යමං" කියල දැං බිත්ති කන්ඩියට මුවා වෙලා මලය එන දිහා හොරෙං බලාන ඉන්නවා. කුමාරිත් කමලගෙ අතේ එල්ලීගෙන ඉන්නවා. අම්මාපල්ලා මේ ගෑණු කියන ජාතිය. මෙහෙං අපි අර වසවර්තියාට නොපෙනෙන්ට පට ගාල පැනගන්ට බලාන ඉන්නව මුංදෑ වාහෙගේ අතෙ එල්ලීගෙන හූල්ලනවා. "බොල කුමාරි අක්කේ එහාට වෙලා හිටු අපිට පැන ගන්ට, බොලත් උස්සාගෙන යන්ටද අපිට කියන්නේ", මම කිව්වා. ඔන්න ඒ පාර කුමාරි ටිකක් පස්සට වුනා ඒත් කුනු කුනුව නැවතුනේ නෑ.
ඔන්න දැං තමයි අර බුත්සරණේ එන නාලගිරි දමනය episode එකට එන්නේ.
ඈත පොත් ටික අතට ගත්තු මලයාය, මෑත බාටා දෙක අතට ගත්තු කමලාය, ඈත සන්සුං ගමනිං එන මලයාය, මෑත පොළොව පළාපියන්නා සේ දිවෙන්නට සැරසීගත් කමලාය, ඈත වට පිට බලමිං එන මලයාය, මෑත එක එල්ලේම කවුළුවෙං පිටත බලාගත් කමලාය (කමලාය කියල ලිව්වෙ rhyme වෙන්ටය. මමත් ඌට පිටිපස්සෙ සිටියාය). ඔන්න දැං තමා climax එක. මලයා දැං දොර ගාවටම අවිල්ලා. "අක්කා" කියාගෙන ගෙට ඇතුල් වෙන්ට ඔන්න මෙන්න. අපි දෙන්නා මල්ලි ගෙට ඇතුල්වෙන වේගෙම්ම හෙමීට නොකර සද්ද අනිත්දොරෙං එළිය පැත්තට කැරකෙනවා. හරියටම මලයා ගෙට ඇතුල් වෙනවත් එක්කම අපි දෙන්නා සුටුස්ගාල එළියෙ ඉස්තොප්පුවට ගොඩවෙන්ට තිබ්බ පඩිපෙළටත්ත් උඩිං පැනලා කාල් ලුවිස්ටත් (ඒ දවස් ඔල උසේන් බොල්ට් හිටුයෙ නෑ, හිටිය නං උගෙ රැකෝඩ් කුඩේ කුඩු) වැඩි වේගෙං දුවල ගිහිං කඩුල්ලට උඩින්, කන්ථකයා නේරංජනාවට උඩිං පැන්නටත් වඩා හොදිං පැනල පාරේ පහලට ටික දුරක් දුවගෙන ගියා. දැං අපි දෙන්නට මැරෙන්ට හිනා වෙච්ච වැඩේට. කොහොම හරි ටික වෙලාවක් බඩ කොර වෙනකං හිනාවුනාට පස්සෙ ඕං කමලට පියවි සිහිය ආවා.
"අඩේ ඇළපාතයො අරෙහේ මොනවා වෙලාද දන්නෙ නෑ, වර ටිකක් හොස්ස දාල බලලා එමු", එහෙම කිව්ව කමල මාවත් ඇදගෙන අයෙත් කුමරිලෑ ගෙවල් දිහාට යන්ට ලෑස්තියි.
"ඔහොම ටිකක් හිටු. මේ බලාපිය යකෝ මගෙ සෙරෙප්පු දෙක නෑ".
"හෑ, ඇයි බොල ගොං වස්සෝ තො ගෙයිං එලියට පනිංට ඉස්සෙල්ලා බාට දෙක අතට ගත්තෙ නැද්ද?"
"කොහොමද යකෝ ගන්නේ, මම සෙරෙප්පු දෙක ගැලෙව්වේ අර තොගෙ වෙන්ට මස්සිනා කියන එකා ගෙට ආපු දොර ගාවනෙ. දැං කොහොමද බොල විලිලැජ්ජාවක් නැතුව බස් එකේ යන්නේ. අනේ තොපි වාගෙ එවුං එක්ක ගමං එනවට අපිට මෙහෙම වෙලා මදි".
මේකයි සිද්දවුනේ, උදෙ අපි කුමරිලෑගෙට එනකොට කමල කුමාරිත් එක්කම ගෙට ගියාට මමයි සුනිලයි ටිකක් එළියට වෙලා ඉඳල පස්සෙ තමා ගෙට ගියේ. අපි දෙන්න ගෙට ගියේ කමල ඇතුළට ගිය දොරෙං නෙවෙ අනිත් දොරෙං. දැං කොහොම හරි සෙරෙප්පු දෙකක් නෑ. කකුල් දෙකටම ඩෙනිමක් ගහගෙන සෙරෙප්පු දෙකක්වත් නැතුව බස් එකේ යන්නෙ කොහොමද. වස ලැජ්ජාවයි.
"හරි හරි මම තොට පල්ලෙහා කඩෙං බාටා දෙකක් ඇන්න දෙන්නං. දැං යමකො අරපැත්තෙ මොකද වුනේ කියල පොඩ්ඩක් බලලා එන්නට. අරූට වැඩේ මාට්ටුවුනාද දන්නෙත් නෑ".
"අනේ පල යන්ට තෝ ඇන්න දෙන සෙරෙප්පු මම දැක්කනේ උදේ බස් එකෙ ටිකට් ගන්ට කොන්දට කැටේ කඩල වගේ මාරු කාසි තොගයක් දුන්නා. පල පල මට ඕනැති සෙරෙප්පුවක් නෑ. මම මෙහෙම්ම යන්නං"
මෙහෙම කියල අපි ඒ පැත්ත්ට එන්ට හදනකොටම "කමල් කමල්" කියල කව්රු හරි කතා කොරනවා ඇහුනා. බැලින්නං කුමාරි. මේ බඩ්ඩ මලය බත් බෙදාගන්ට කුස්සියට ගිය අල්ලපනල්ලේ මගේ සෙරෙප්පු දෙක අරගෙන ඇවිලා. ඒක දැක්කම අයෙත් අපි දෙන්නට හිනා යන්ට පටං ගත්තා.
"දැං මෙතන හිනාවෙවි ඉන්නෙ නැතුව මේකත් අරගෙන විගහට යනවලා. කවුරුහරි දැක්කොත් එහෙම මේකේ වසල හමාරයි" කියල කුමාරි අපි දිහාට සෙරෙප්පු දෙක විසික්කා කොළා. ටික් ගාල සෙරෙප්පු දෙක ඇහිදගෙන අපි දෙන්න ඩබල් එකේ පල්ලෙහාට දුවගෙන ඇවිල්ලා ඊලඟ බස් එකේ ගෙදර ආවා. ඕන්න ඔහොමයි යාන්තං crush එකක් හින්දා crash නොවී බේරුනේ.
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
ප. ලි.
කොහොමිං හරි පස්සෙං පහු මුං දෙන්නා කසාද බැන්ඳා. දැං ලොකු දරුවොත් ඉන්නවා. තාමත් සැට්වුනාම අපේ ත්‍රාසය භීතිය කුතුහලය රැගත් වීර ප්‍රේම චාරිකාව මතක් කොරලා බඩ පැළෙනකං හිනා වෙනවා.

Monday, 2 June 2014
07. පාරු කවි
අනේ මලේ ticket එකක් අරං වරෙං
ඇළට වැටෙයි පය බුරුලෙං තබා වරෙං
ආශ්චර්යේ උතුරනවා බලා
වරෙං
සදුකාර දී ඔරුවක නැගී
වරෙං
අම්මේ මට ගෙදර එන්ට
පුංචි බොට්ටුවක් එවන්ට එවන්ට
අම්මෙ පොඩි මල්ලි අතේ
පුංචි බොට්ටුවක් එවන්ට
ඕං මම පටං ගත්තා. ඉතිරිටික බොලා කියාපල්ලා
(පොටෝව ඉස්සුවේ මෙතනිං http://www.pathula.com/index.php/archives/13327)
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
Wednesday, 28 May 2014
06. දේව වරම
පහුගිය දොහේ උනු අලකලංචිය හින්දා බ්ලොග් ලිවිල්ල අල්ලා දාන්ටත් හිතුනා. ඒත් අන්තිමේ ඒක ගොඩදාගන්ට පුලුවං කොරමේයක් හම්බවුන හින්දා උන්නු විදිහට මළාමදිද කියල ඔන්න ඔහෙ හිත හදා ගත්තා.
අද උදේ බ්ලොග් සාගරයේ ජබුඃ ගහන කොට උදෙම දැක්කෙ රවී ලියා තිවුනු මැගිලිං ගෙ කතාව. මීට කලිනුත් ඔය රවිය මේ වගේ කාන්තා විමුක්ති අරගලයට හරස්කපන ඔය වගේ පොරතිගාමී කතා ලියලා තිබුනා. ඕන්න යන්තමිංවත් බබලතුංගෙ එඩිය වඩවන්ට හේතුවුනෙ අර හැලපයා දමපු කොච්චිමෝලේ කතාව විතරයි. ඒ හින්දා මටත් හිතුනා අපේ ධීර වීර බො.බ.සේ (බොදු බබලත් සේනාව)ට දිරි දෙන කතාවක් ලියන්ට. ඒක හරි හමං පුරුසයෙකුගෙ යුතුකොමක් වෙච්චි.
මේක ඔය රවියලා හැලපයලා කියන්නැහේ මේ ඊයෙ පෙරේදා උන්නු ඔය මැගිලිං, අමරේ, බමරේ වගේ අවසේස එකාලගෙ සන්දියේදී වුනු සංගෙදියක් නෙවේ. ඔය බලංගොඩ මනවයා නෙවේ ඒකාගෙ අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා තියා කිරිකෑමුත්තටත් කලියෙං සිද්ද වෙච්ච දෙයක් ඕං. සහසුද්දෙම්ම කියනවානං ලෝකාරම්බයේදීම වෙච්චි වැඩක්.
ඔන්න දැං සර්වබලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත පරිදි මේ මගුල් සක්වළත් ඔය තියෙන ගහකොල, දියෑලිත් ඉන්න අනෙකුත් සතා සීපාවත් ප්‍රාදූර්බභූත කොරලා අහක්ක වෙලා අන්තිමේදි මේ සියලු දෙවල් බලා කියාගෙන ඉන්ටය කියලා මේ මනුසතාත් කිරියේට් කොළා. උන්වහන්සේ මේක කළේ බොහොම ක්‍රමනානුකූලව පියවරෙන් පියවර. මුලිං ලෝකය හා දෙව්ලොව, ඊගාවට අඳුර, ආළෝකය, මුහුද, තාරකා ඔයසේරම මවා තියලා සවැනි දවසේ තමයි ඕං මේ මගුල්සක්වළට හා පුරා කියලා මනුසතාව පහල කොලේ. එකා තමා "ආදම්" (දැං කාලෙ එකාලනං කියන්නෙ ඇන්ඩම් කියලා).ඉතිං ටික කාලයක් මේ ආදම් බොහොම සමාදානෙං ඊඩ්න් උයනට වෙල හිටියා. ඔහොම යනකොට දෙවියන් වහන්සේට හිතුනා මූත් ඊතිං කාගෙ වුනත් දරුවෙක්නෙ තනියෙං තියන එකත් හරිනෑනේ කියලා ආදම්ට නින්ද යනකං ඉඳල උගේම ඉළ ඇට කෑල්ලක් අරගෙන "ඒවා" කියන ලෝකේ පළවෙනි ඉස්තිරියාව පහල කොලා. (දැං බලමුකො එකෙත් හැටි මුන්දැලා මූලාරම්බේ ඉදලම අපේ ඇටේ (මං කිව්වේ මේ ඉළ ඇටේ, ඉළ ඇටේ) කාගෙනමනේ හැදිල තියෙන්නේ).
ඉතිං දැං දෙන්නම ඊඩ්න් උයනට වෙලා පළවැල වළඳමිං කල් යවනවා. හැබැයි දෙවියන්නාන්සේ එක කොන්දේසියක් දැම්මා. ඒ තමා තහනම් ගහේ පළ කෑම තහංචියි කියන එක. උන්වහන්සේ මේ තහංචිය පනවලා නිකා හිටියෙ නෑ. ආදම් සහ ඒවා තහනම් ගහෙන් දුරිං දුරුවෙලා සතුටිං සුවෙං ඉන්නවද කියල බලන්ට විඩිං විඩේ ඇවිදිල්ල යනවා. උන්නාංසේ මෙහෙම විසිට් කොරනකොට ඔය අපේ එකාල වගේ හිස් අතිං අවේ නෑ. හැමදාම ආදම්ට සහ ඒවාට මොනවා හරි තමූංගේ හචා මල්ලේ දාගෙනම තමා ආවේ (අපේ උන්දැලගේ මලුඔල තියෙන එවෑ හැටියට සර්වබලධාරී වූ උන්නාසෙගේ මල්ලෙ කොච්චරනං දේවල් තියෙන්ට ඇද්ද නේද?). එතුමා අරගෙන ආවෙත් ඔය අද කාලෙ වගේ ටොපිචොකලට්, සිං කාඩ් (sim card) නෙවේ. හැමදාම ගෙනාවේ ආදම් සහ ඒවාගෙ ජීවිතේට වැදගත්වෙන දෙයක් තමා. ඒ ගේන එක එක දේවල්වලින් උන්වහන්සේ තමා මැවූ මේ සුහුඹුල් ජීවීන් දෙන්නගේ සරීර කූඩු තව තව වැඩි දියුණු කොලා. කෙටියෙං කියනවා නං fine tune කලා ඕං.
ඔන්න ඉතිං දවසක් විසිට් එකක් ආපු වෙලාවක ආගිය තොරතුරු කතා කොරල හිට (\\එහෙත් හරි වැස්ස මෙහෙත් හෙම වෙංටැ//, \\බුලත්මද කන්නේ සුරුට්ටුද බොන්නෙ//) උන්වහන්සේ මෙන්න මෙහෙම කීවා.
"අද මම බොලාට බොහොම වටිනා කියන තෑගි දෙකක් ගෙනැල්ලා තියෙනවා. මේ දෙකම බොහොම බලගතු වරම් දෙකක්. තමන්ගෙ වරම තමාට තෝරාගන්ට පුලුවං.හැබැයි එකක් හොඳට මතක තියාගන්ට ඕනේ. තමුංගෙ වරම තොරාගත්තට පස්සෙ අයේ තව අවුරුදු දාහකට නෙවේ කෝටියකට පස්සෙ මගෙ ලඟට ඇවිත් ඉල්ලුවත් අයේ දුන්න වරම වෙනස් කොරන්ට විදිහක් නෑ. ඒ හින්ඳා බොහොම කල්පනාවෙන් තමුංගේ වරම තොරා ගන්ට ඕන. හොඳයි ඉස්සලාම දෙන වරම තමා තමුංට හිටගෙන මුත්‍රා කොරන්ට පුලුවන් වීමෙ වරම. කාටද මේක ඔනේ?"
ආදම් ඔහොම හිටියට හොඳ කල්පනා කාරයා. මිනිහා ක්ෂනිකව හිතුව "මට මේ වරම ලැබුනොත් ආයෙ ගස් ගල් අස්සෙ රිංග රිංගා බිමට පාත් වෙවී ඉන්ට ඔනෙ නෑ කෙලිං හිටගෙනම කාරිය කොරගන්ට පුළුවං". මෙහෙම හිතලා ආදම් විගහට පැනලා කීවා "අනෙ දෙවියනේ මට දෙන්ට, මට දෙන්ට" කියලා.
දෙවියන් වහන්සේ ඒ පාර බැලුවා ඒවා දිහා. බලලා ඇහුවා "ඒවා, දුව මොකද කියන්නේ. මේ වරම එහෙනං මේකට දීල දාන්ටද?"
ඒවාත් ටිකක් කල්පනා කොරලා මෙහෙම කීවා." කොයි හැටි වෙතත් ඉතිං ආදම් නෙව වැඩිහිටියා. එයාට කැමති එක ඔන්න ඔහෙ ගත්තාවෙ ආයෙ මයෙ මොකෝ. ඔක්කෝම හරි ඔය වරම මට දුන්නා කියමුකෝ. මේ තියෙන විදිහට (අදාළ අවයවෙත් පෙන්නලා, ආයෙ ඉතිං රෙදි ඇඳගෙන හිටිය එකක්යැ) ඔය කාරිය හිටගෙන කොරන්ට ගිහිල්ල අයෙ මොටද ඔය හුළිජ්ජ දෙපරැංදෙත් හිට ගා ගන්නෙ. ඔන්න ඔහෙ ආදම්ටම දීල දාන්ට. මයෙ අමනාපයක් නෑ."
"හා එහෙනං හොඳයි" කියලා උන්නාන්සෙත් ආදම්ගෙ ජුන්ඩට ළං කොල්ලා අසුරක් ගැහුවා, ගහලා පුඃ පුඃ පුඃ කියල තුංපාරක් පිඹලා හිට , "හා එහෙනං ආදම් කොලුවො චැක් කොරලා බලපං" කියලා කීවා. ආදමුත් ඔන්න වැඩෙ චැක් කොලා. අම්මද බොල, ඔය යන්නෙ තුන් දෙනාම ඩබල් දාලා හිටගෙනම. ආදම්ට දැං හෙන සැට. මේකනෙ යකෝ නියම සුදිය කියල මිනිහ දැං අහළ තියෙන හැම ගහක් ගලක් ගානෙම ගිහිල්ලා ටැප් එක අල්ලනවා. විසිල් ගහනවා. තනි කකුලෙං හිටගෙන චූ කොන්නවා. කකුල් දෙක ඈත් කොරගෙන චූ කොන්නවා වැඩ කෝටියයි.
ඕන්න ටික වෙලාවකට පස්සෙ ආදම් තමංගෙ ආතල් එක අරගෙන ඉවර වුනා. (මං හිතන්නේ ටැංකිය හිස් වෙන්ට ඇති). ඔන්න ඊට පස්සෙ දෙවියන්වහන්සේ මෙහෙම කීවා. "හා ඕන්න එහෙනං ඒවා දුවගෙ වරම. ඒක තමා, තමුංට මිං පස්සෙ පුලුවං බහු සුරතාන්ත (multiple orgasms) අත්විඳින්ට." මේක ඇහුනා විතරයි ආදම්ට තමං ඉක්මං වෙලා වැඩේ අල කොරගත්ත බව තෙරුං ගියා. "අනේ දෙවියනේ, අනේ ...", "හා හා මම කීවනේ ආයෙ මේ වරම වෙනස් කොරංට විදිහක් නෑ කියල දැං ඉතිං කොරන්ට දෙයක් නෑ. මෙහෙම කියල දෙවියන් වහන්සෙ එවාටත් ආදම්ට සේම පුඃ පුඃ පුඃ කියල තුංපාරක් පිඹලා අහක්කලා උන්වහන්සෙගේසක කිරි සේ හොබන ධවල සෛන්ධවයින් සදෙනෙක් යෙදූ දිව්‍ය රථයට නැගලා දෙන්නටම ටටා පාරක් දාල තමුංගෙ විමානෙට ගියා.
හොඳටම පශ්චත්තාප වුනු ආදම්, "දැං ඉතිං වෙන කුමක් කොරන්ටද, මේ දිවිය මට මොටද" කියලා ගිහිං තහනං ගහට නැගලා "මම මැරිලම පලච්චාවේ" කියල එකේ තිබුන ගෙඩි ටික කාගෙන කාගෙන ගියා.
ඉතිං මේ ආදම් කියන අපේ මුත්තගෙත් මුත්තගෙත් මුත්තගෙත් .... මුත්තා ( ...තා) කියන එකා හදිස්සි වෙලා කොරගත්තු දෙයිං මේ පිරිමි සංහතියට වුනු සැසඳිය නොහැකි (incomparable) පාඩුව දැක්ක නේද (මෙන්න point එක බො.බ.සේ ට අල්ලගන්නවානං). ඒ නිසා මිං ඉදිරියට පිරිමි අපි ගන්නා සෑම තීරණයක්ම වඩාත් හොඳිං හිතා බලා ගන්නට අපි අපටම සපථ කොර ගමු (අපි වෙනුවෙං අපි).
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
ප. ලි.
එත් ඉතිං පළවෙනි වරම ඒවට දීලා දෙවෙනි එක ගන්ට හිටියා නං එක මොකක් වෙයිද කියලා කව්ද දන්නෙ. සමහරවිට ඒක මාසික දිනුම් ඇදීම වුනානං හෙම කාට කියන්ටද නේද?

Monday, 26 May 2014
02. නොනිදන පුරවරයේ අපේ ජීවිතෙ - Repost
බ්ලොගක් දමන්නට ආ කළ සිකුරාදා
මැකී ගියා පෝස්ටුවක් තිබුණු දමා
සෙව්වත් පිළියමක් වැටි වැටි අඬා දොඩා
නොදිටිමි පිළිතුරක් සනසන සිතැඟි මෙමා
Google දෙයියන්ට යදිමින් අඩමානේ
Forum එකින් එක බලමින් සිටියානේ
Pressure වැඩි වෙලා නියපොතු කැවුනානේ
Delete වී ගියෙ ඇයි මේ මළදානේ
කොහොම නමුත් දත කාලා අවසානේ
බොහොම වෙලා සැරිසරලා මම ජාලේ
මෙහෙම පිළිතුරක් දැක්කයි නෙතු මානේ
එහෙම කළොත් ගොඩයනවලු මන්ද අනේ
අමාරුවෙන් cached copyයක් සොයාගෙන
අත්වාරුවෙන් forum මයේ කියූ ලෙස
සෝදිස්සියෙන් steps ටික follow කොට
සන්තොසයෙන් දැම්මෙමි re-post කොට
නෝනාවරුණි මහතුනි කරුණාවන්ත
මා වැනි දුහුනන්ද අද ලොව තව නැද්ද
සමා වෙලා නොදැනී වුණු වැරැද්දට
ගොඩවී යන්ට එනුමැන පෙර පුරුදු ලෙස
ඕන්න එහෙනං re-post එක දැම්මා. Sorryවේවා හොඳේ.
02. නොනිදන පුරවරයේ අපේ ජීවිතෙ (1 කොටස)
හරි දැන් ඉතින් බ්ලොග් එකක් පටාන් ගත්ත කියමුකෝ. දන් ඉතින් මොනවද ලොක්කා ලියන්නෙ?
හරි එහෙනම් ඉස්සෙල්ලාම වර්තමාන කතාව කියල ඉමුකෝ.මම කලින් කීවනේ මම ඉන්නේ මැදපෙරදිග කියලා.මම දැන් නං ඉන්නේ කටාර් රාජ්‍යයේ (State of Qatar). දන් මෙහෙට ඇවිල්ලා අවුරුදු 4ක් විතර වෙනවා. මෙහෙට එන්ට කලින් ඩුබායි (Dubai - UAE) වලත් අවුරුදු 3ක් විතර හිටියා. එහෙම ඉන්නකොට තමා අපිව කුණාටුවකට අහුවුනේ (වයිටයි ගලිවරුයි වගේ). කුණාටුවක් කීවෙ සුළි කුණාටුවක් නෙවේ ආර්ථික කුණාටුවක්. ලංකාවට ඒ තරම් දැනුනෙ නැති වුනාට 2007-08 දී ඇතිවුන ආර්ථික අවපාතය ඩුබායි වලට හොඳටම දනුනා.බොහොමයක් දෙනාට බඩ රස්සාව නැතිවුනා. මමත් එයින් එකෙක්.
ඒක වුනහැටිත් ටිකක් ලස්සන කතාවක්. කතාව ලස්සන වුනාට ඒ දවස්වල නම් කෙළවෙලා හිටියේ.
ඔන්න ඉතින් මම (මම කීවට ගෙදර උන්දැත් එක්කම තමා ගොඩබැස්සේ) මුලින්ම ඩුබායි වලට ආවේ 2006 දී. අපි දෙන්නම රස්සාව කළේ එකම company එකක. කොහොමහරි ඔහොම ඉතින් අවුරුද්දක් හමාරක් ඉන්නකොට අපිට හිතුන දැන් මේ company එකේ හිටිය ඇති කියලා. ඒ ඇයි කියනව නම්, අපි අන්තිම වෙනකොට හිටිය construction site එක අපි නැවතිල හිටපු තැන (අපි මුලින්ම නැවතිලා හිටියෙත් එලම කිරි පලාතක තමා, පස්සෙ කියන්නංකෝ) ඉඳලා ටිකක් දුරකින් තිබුනේ. ඉතින් වැඩට යෑම සහ ඊම හෙනම වාතයක් වෙලා තිබුනේ. එහෙ ලංකාවෙ වගේ හැමතැනටම යන්ට බස් නෑ. එක්කො තමන්ගෙ වහනේ නැත්නම් taxi එකක තමා යන්ට වෙන්නේ. අපිට ඒ දවස් වල වාහනයක් තිබුනෙ නෑ ඒ හින්දා ඉතින් ටැක්සි සරණ තමා. ඒ දවස් වල taxi එකක් අල්ල ගන්නවා කියන්නෙ හෙනම ගේමක්. ටැක්සි කාරයෝ හිටියෙ හරියට උන් එලවන්නෙ Air bus A380 වගෙ (ඒ දවස්වල A380 තිබුනෙ නෑ හැබැයි!!!). උදේ 8ට වැඩට යන්ට පාන්දර 6යේ ඉඳන් පාරේ ඉන්ට ඕනේ. කොහොම හරි ඉඳල ටැක්සියක් අල්ලගත්තා කියමුකො, එත් වැඩේ පත්තුවෙන්නෙ site එක ළඟට ගියාම. site එක තිබුනෙ මහ පාරේ (yes, high way) ඉඳන් ටිකක් ඈතට වෙන්ට. site එක අතුලෙ තාර දාපු පාරවල් නැහැ. ඉතින් ටැක්සි කාරයා නාහෙන් අඬන්ට ගන්නවා site එක අතුලට යන්ට බෑ කියලා. දැන් ඉතින් වෙන කුමක් කරන්ටද කියල අපි ටැක්සි කාරයට සල්ලි දීල (උගේ හත්මුතු පරම්පරාවටම පින් දීලා) ටැක්සියෙන් බැහැල gate එක ගාවට වෙලා ඉන්නව site එක ඇතුලට යන වාහනයක් එනකම් (summer එකට උදේ පාන්දර කියල නෑ. අව්වෙ ඉන්නකොට මාර සනීපයක් තියෙන්නේ. temperature hits 35C to 40C even before it is 8 am). කොහොමින් හරි site එක අතුලට ගියා කියමුකො. දැන් කතාව ඉවරද. තාම නෑ සුපින්වතුනි, වැඩ ඉවරවෙලා site එකෙන් එලියට ඇවිල්ලා ගෙදර එන එක වැඩට ගියාට වඩා ත්‍රාසය, භීතිය කුතුහලය පිරුනු වීර චාරිකාවක්.
Site එකෙ අපිත් එක්කම වැඩ කරපු අයියා කෙනෙක් හිටියා අපි හවසට පොරගෙ වාහනේ බස් එකක් නවත්ත ගන්ට පුලුවන් තැනකට එනවා. (හවසට ටැක්සියක් අල්ලගන්න වට වඩා ලේසියි මාතලීට call එකක් දීල විජයෝත්රථය ගෙන්නගන්නා එක).ඊට පස්සේ බස් එකක් එනකන් පැයක් හමාරක් ඉඳලා එකේ නැගලා (බොහෝ විට හිටගෙන.ඉඳගන්ට ලබුනත් මම එක තැනක එවුන්දෑ තවතැනක. ගැහැනු පිරිමි ඉඳගන්ට වෙන වෙනම වෙන් කොරලනෙ තියෙන්නේ. උන්ගෙ අම්මගෙ රෙද්දෙ, රෙද්දෙ නෙවෙයි අත්තටම කිකාබයේ සදාචාරේ) පැයක් විතර රවුමෙ ඇවිල්ලා බහින්ට වෙන්නෙත් ගේ ගාවට වඩා 1.5 Km විතර ඈතින්. ඉතින් ඊට පස්සේ ඉතිරිටික පයින් එන්ටත් ඔනේ (පාර පැනගන්ට හෙන ගේමක් දෙන්ට ඕනේ). කොහොම හරි අපේ දවසේ වීර චාරිකාව ඉවර වෙනකොට රෑ 8.30 විතර වෙනවා. (සමහර දවස් වලට මීටත් වඩා රෑ වෙනවා). ගෙදර ඇවිල්ලා බලනකොට ගජමන් නෝනගෙ කකුල් සෙරෙප්පු වලට කැපිලා, මූනෙ ගෑව සායම් දාඩියට හේදිලා, රස්නෙට මූන ඉදිමිලා රතුවෙලා (කෙටියෙන්ම, මූන දෙල් වෙලා!!! දෙක පුල් වෙලා!!!). දැන් රෑට උයා කන්ටත් ඕනේ, හෙට දවල්ට කන්ට ගෙනියන්ට දෙයක් හදාගන්ටත් ඕනෙ, දෙන්නගෙන් එකෙකුටවත් හරියට උයන්ටත් බෑ (අපේ ගජමන් නෝනත් අම්මා උයනු මම කයනු ජතියෙ ගෑණු පරානයක් වෙච්චි. හැබැයි දැන්නම් යන්තම් කන්ට පුලුවන් ගානට ගොඩදාගන්ට පුලුවන්!!!). අන්තිමේ ඔන්න ඔහෙ මොනවහරි මළදානයක් තම්බල ගන්නවා. (බොහෝ විට රෑට කෑවෙ කඩෙන්. පරාටා සහ පරිප්පු තමා නැත්තම් chicken බුරියානි. මේ යෝදි කඩෙන් කන්ටත් ඒ හැටි මනාපයක් නෑ. අයෙ මම කියල මක් කොරන්ටද මේ නොරට වෙච්චී!!!). ඔයින් මෙයින් කෑවයින් නොකෑවයින් බුදිය ගන්නවා. ඊලඟ දවසෙ උදේම නැගිටින්ටත් එපැයි. (ආයෙ මොන කතාද, මම කීවනෙ හවසට එනකොට ගජමන් නෝනගෙ හැටි සුබාවෙ. අයෙ ඉතින් මීක් නොකිය බුදියාගන්ට වෙනවා. No overtime!!!).
ඉතින් මෙයාකාර දවස ගෙවෙන එක අපිට එපාම වෙලා තිබුනෙ. (විශේෂයෙන් මට. බැඳපු අලුත මෙහෙම ඉන්නවට වඩා හොඳයි නෙව UPN කාරයො ටිකක් සැට්කොරගෙන මත්තල ගියානං. ඉතින්, සිරි යහනේ නැත සහනේ!!!).
කොහොමහරි අන්තිමේ අපි තීරනේ කොලා මේ රස්සාවෙන් අයින් වෙලා වෙන රස්සාවක් හොයා ගන්ට. ඒ දවස් වල රස්සාවක් හොයා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවේ. (මේ 2007 දෙසැම්බර් වගේ). ඉස්සෙල්ලම මට අලුත් රස්සාවක් සැට් වුනා. ඒ, ඒ දවස්වල ඩුබායි වල තිබුන ලොකුම development company එකක. අයෙ මොනාද, ටක් බක් ගාල අලුතෙන් ගෙයකුත් හොයාගෙන, වාහනේකුත් අරගෙන (driving license ගන්නව කියන්නෙ වෙනම project එකක්. ඒක පස්සෙ කියන්නංකෝ) අලුත් තැන වැඩට යන්ට පටන් ගත්තා. ඊට මාස කීපයකට පස්සෙ ගජමන් නෝනටත් හොඳ තැනක, හොඳ පඩියකට (පඩි මටත් වඩා වැඩී, මගෙ ගෘහමූලික කොමටත් කෙලවුනා!!!) රස්සාවක් හම්බ වුනා. ඉන්පසු මේ රජ කුමාරයත් රජ කුමරියක් සමයෙන් සතුටින්බොහොම ටික කාලයක් ජීවත් වුනා. (දැන්, සිරි යහනෙ ඇත සහනේ!!!). ඕන්න ඔය වෙලාවෙ තමා සුපින්වතුනි American කුමන්ත්‍රණ කාරයො එකතු වෙලා අපේ සොඳු දිවිය අවුල් කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් ආර්ථික අවපාතය ඇති කොලෙ. මට යන්තම් මාස 11 යි අලුත් තැන වැඩ කොරන්ට ලබුනේ. year end vacation එක ගිහිල්ල එනකොට ලියුම ("We regretfully inform you that your services as a xxxx is no more required ...") ගහල තිබුනෙ (මම මේක කලින් දැනගෙන තිබුනෙ නැත්නම් පපුවෙ අමාරුව හැදෙනවා!!!). දෙය්යනේ කියලා මාස තුනක පඩි වැඩිපුර දුන්නා. ඒකත් අරගෙන ආර්ථික අවපාතයට ජයවේවා කියල මම ගෙදර ආවා. ගජමන් නෝනගේ රස්සාවටනම් ඒ වෙලාවේ අවුලක් වුනෙ නැහැ. කොහොම වුනත් මෙතනින් පස්සෙ අපෙ Dubai ජීවිතේ අවසාසනය අරම්භ වුනා.
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
ප.ලි.
ඔන්න දෙවෙනි පොස්ට් එකත් අදම දැම්මා. නැත්තම් වැරදිලාවත් මොකෙක් හරි මේක බලන්ට අවොත් බලන්ට දෙයක් නැහැනෙ. එතකොට පුදපු ගමන් කාපි යකා වෙනවා.
මැකී ගියා පෝස්ටුවක් තිබුණු දමා
සෙව්වත් පිළියමක් වැටි වැටි අඬා දොඩා
නොදිටිමි පිළිතුරක් සනසන සිතැඟි මෙමා
Google දෙයියන්ට යදිමින් අඩමානේ
Forum එකින් එක බලමින් සිටියානේ
Pressure වැඩි වෙලා නියපොතු කැවුනානේ
Delete වී ගියෙ ඇයි මේ මළදානේ
කොහොම නමුත් දත කාලා අවසානේ
බොහොම වෙලා සැරිසරලා මම ජාලේ
මෙහෙම පිළිතුරක් දැක්කයි නෙතු මානේ
එහෙම කළොත් ගොඩයනවලු මන්ද අනේ
අමාරුවෙන් cached copyයක් සොයාගෙන
අත්වාරුවෙන් forum මයේ කියූ ලෙස
සෝදිස්සියෙන් steps ටික follow කොට
සන්තොසයෙන් දැම්මෙමි re-post කොට
නෝනාවරුණි මහතුනි කරුණාවන්ත
මා වැනි දුහුනන්ද අද ලොව තව නැද්ද
සමා වෙලා නොදැනී වුණු වැරැද්දට
ගොඩවී යන්ට එනුමැන පෙර පුරුදු ලෙස
ඕන්න එහෙනං re-post එක දැම්මා. Sorryවේවා හොඳේ.
02. නොනිදන පුරවරයේ අපේ ජීවිතෙ (1 කොටස)
හරි දැන් ඉතින් බ්ලොග් එකක් පටාන් ගත්ත කියමුකෝ. දන් ඉතින් මොනවද ලොක්කා ලියන්නෙ?
හරි එහෙනම් ඉස්සෙල්ලාම වර්තමාන කතාව කියල ඉමුකෝ.මම කලින් කීවනේ මම ඉන්නේ මැදපෙරදිග කියලා.මම දැන් නං ඉන්නේ කටාර් රාජ්‍යයේ (State of Qatar). දන් මෙහෙට ඇවිල්ලා අවුරුදු 4ක් විතර වෙනවා. මෙහෙට එන්ට කලින් ඩුබායි (Dubai - UAE) වලත් අවුරුදු 3ක් විතර හිටියා. එහෙම ඉන්නකොට තමා අපිව කුණාටුවකට අහුවුනේ (වයිටයි ගලිවරුයි වගේ). කුණාටුවක් කීවෙ සුළි කුණාටුවක් නෙවේ ආර්ථික කුණාටුවක්. ලංකාවට ඒ තරම් දැනුනෙ නැති වුනාට 2007-08 දී ඇතිවුන ආර්ථික අවපාතය ඩුබායි වලට හොඳටම දනුනා.බොහොමයක් දෙනාට බඩ රස්සාව නැතිවුනා. මමත් එයින් එකෙක්.
ඒක වුනහැටිත් ටිකක් ලස්සන කතාවක්. කතාව ලස්සන වුනාට ඒ දවස්වල නම් කෙළවෙලා හිටියේ.
ඔන්න ඉතින් මම (මම කීවට ගෙදර උන්දැත් එක්කම තමා ගොඩබැස්සේ) මුලින්ම ඩුබායි වලට ආවේ 2006 දී. අපි දෙන්නම රස්සාව කළේ එකම company එකක. කොහොමහරි ඔහොම ඉතින් අවුරුද්දක් හමාරක් ඉන්නකොට අපිට හිතුන දැන් මේ company එකේ හිටිය ඇති කියලා. ඒ ඇයි කියනව නම්, අපි අන්තිම වෙනකොට හිටිය construction site එක අපි නැවතිල හිටපු තැන (අපි මුලින්ම නැවතිලා හිටියෙත් එලම කිරි පලාතක තමා, පස්සෙ කියන්නංකෝ) ඉඳලා ටිකක් දුරකින් තිබුනේ. ඉතින් වැඩට යෑම සහ ඊම හෙනම වාතයක් වෙලා තිබුනේ. එහෙ ලංකාවෙ වගේ හැමතැනටම යන්ට බස් නෑ. එක්කො තමන්ගෙ වහනේ නැත්නම් taxi එකක තමා යන්ට වෙන්නේ. අපිට ඒ දවස් වල වාහනයක් තිබුනෙ නෑ ඒ හින්දා ඉතින් ටැක්සි සරණ තමා. ඒ දවස් වල taxi එකක් අල්ල ගන්නවා කියන්නෙ හෙනම ගේමක්. ටැක්සි කාරයෝ හිටියෙ හරියට උන් එලවන්නෙ Air bus A380 වගෙ (ඒ දවස්වල A380 තිබුනෙ නෑ හැබැයි!!!). උදේ 8ට වැඩට යන්ට පාන්දර 6යේ ඉඳන් පාරේ ඉන්ට ඕනේ. කොහොම හරි ඉඳල ටැක්සියක් අල්ලගත්තා කියමුකො, එත් වැඩේ පත්තුවෙන්නෙ site එක ළඟට ගියාම. site එක තිබුනෙ මහ පාරේ (yes, high way) ඉඳන් ටිකක් ඈතට වෙන්ට. site එක අතුලෙ තාර දාපු පාරවල් නැහැ. ඉතින් ටැක්සි කාරයා නාහෙන් අඬන්ට ගන්නවා site එක අතුලට යන්ට බෑ කියලා. දැන් ඉතින් වෙන කුමක් කරන්ටද කියල අපි ටැක්සි කාරයට සල්ලි දීල (උගේ හත්මුතු පරම්පරාවටම පින් දීලා) ටැක්සියෙන් බැහැල gate එක ගාවට වෙලා ඉන්නව site එක ඇතුලට යන වාහනයක් එනකම් (summer එකට උදේ පාන්දර කියල නෑ. අව්වෙ ඉන්නකොට මාර සනීපයක් තියෙන්නේ. temperature hits 35C to 40C even before it is 8 am). කොහොමින් හරි site එක අතුලට ගියා කියමුකො. දැන් කතාව ඉවරද. තාම නෑ සුපින්වතුනි, වැඩ ඉවරවෙලා site එකෙන් එලියට ඇවිල්ලා ගෙදර එන එක වැඩට ගියාට වඩා ත්‍රාසය, භීතිය කුතුහලය පිරුනු වීර චාරිකාවක්.
Site එකෙ අපිත් එක්කම වැඩ කරපු අයියා කෙනෙක් හිටියා අපි හවසට පොරගෙ වාහනේ බස් එකක් නවත්ත ගන්ට පුලුවන් තැනකට එනවා. (හවසට ටැක්සියක් අල්ලගන්න වට වඩා ලේසියි මාතලීට call එකක් දීල විජයෝත්රථය ගෙන්නගන්නා එක).ඊට පස්සේ බස් එකක් එනකන් පැයක් හමාරක් ඉඳලා එකේ නැගලා (බොහෝ විට හිටගෙන.ඉඳගන්ට ලබුනත් මම එක තැනක එවුන්දෑ තවතැනක. ගැහැනු පිරිමි ඉඳගන්ට වෙන වෙනම වෙන් කොරලනෙ තියෙන්නේ. උන්ගෙ අම්මගෙ රෙද්දෙ, රෙද්දෙ නෙවෙයි අත්තටම කිකාබයේ සදාචාරේ) පැයක් විතර රවුමෙ ඇවිල්ලා බහින්ට වෙන්නෙත් ගේ ගාවට වඩා 1.5 Km විතර ඈතින්. ඉතින් ඊට පස්සේ ඉතිරිටික පයින් එන්ටත් ඔනේ (පාර පැනගන්ට හෙන ගේමක් දෙන්ට ඕනේ). කොහොම හරි අපේ දවසේ වීර චාරිකාව ඉවර වෙනකොට රෑ 8.30 විතර වෙනවා. (සමහර දවස් වලට මීටත් වඩා රෑ වෙනවා). ගෙදර ඇවිල්ලා බලනකොට ගජමන් නෝනගෙ කකුල් සෙරෙප්පු වලට කැපිලා, මූනෙ ගෑව සායම් දාඩියට හේදිලා, රස්නෙට මූන ඉදිමිලා රතුවෙලා (කෙටියෙන්ම, මූන දෙල් වෙලා!!! දෙක පුල් වෙලා!!!). දැන් රෑට උයා කන්ටත් ඕනේ, හෙට දවල්ට කන්ට ගෙනියන්ට දෙයක් හදාගන්ටත් ඕනෙ, දෙන්නගෙන් එකෙකුටවත් හරියට උයන්ටත් බෑ (අපේ ගජමන් නෝනත් අම්මා උයනු මම කයනු ජතියෙ ගෑණු පරානයක් වෙච්චි. හැබැයි දැන්නම් යන්තම් කන්ට පුලුවන් ගානට ගොඩදාගන්ට පුලුවන්!!!). අන්තිමේ ඔන්න ඔහෙ මොනවහරි මළදානයක් තම්බල ගන්නවා. (බොහෝ විට රෑට කෑවෙ කඩෙන්. පරාටා සහ පරිප්පු තමා නැත්තම් chicken බුරියානි. මේ යෝදි කඩෙන් කන්ටත් ඒ හැටි මනාපයක් නෑ. අයෙ මම කියල මක් කොරන්ටද මේ නොරට වෙච්චී!!!). ඔයින් මෙයින් කෑවයින් නොකෑවයින් බුදිය ගන්නවා. ඊලඟ දවසෙ උදේම නැගිටින්ටත් එපැයි. (ආයෙ මොන කතාද, මම කීවනෙ හවසට එනකොට ගජමන් නෝනගෙ හැටි සුබාවෙ. අයෙ ඉතින් මීක් නොකිය බුදියාගන්ට වෙනවා. No overtime!!!).
ඉතින් මෙයාකාර දවස ගෙවෙන එක අපිට එපාම වෙලා තිබුනෙ. (විශේෂයෙන් මට. බැඳපු අලුත මෙහෙම ඉන්නවට වඩා හොඳයි නෙව UPN කාරයො ටිකක් සැට්කොරගෙන මත්තල ගියානං. ඉතින්, සිරි යහනේ නැත සහනේ!!!).
කොහොමහරි අන්තිමේ අපි තීරනේ කොලා මේ රස්සාවෙන් අයින් වෙලා වෙන රස්සාවක් හොයා ගන්ට. ඒ දවස් වල රස්සාවක් හොයා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවේ. (මේ 2007 දෙසැම්බර් වගේ). ඉස්සෙල්ලම මට අලුත් රස්සාවක් සැට් වුනා. ඒ, ඒ දවස්වල ඩුබායි වල තිබුන ලොකුම development company එකක. අයෙ මොනාද, ටක් බක් ගාල අලුතෙන් ගෙයකුත් හොයාගෙන, වාහනේකුත් අරගෙන (driving license ගන්නව කියන්නෙ වෙනම project එකක්. ඒක පස්සෙ කියන්නංකෝ) අලුත් තැන වැඩට යන්ට පටන් ගත්තා. ඊට මාස කීපයකට පස්සෙ ගජමන් නෝනටත් හොඳ තැනක, හොඳ පඩියකට (පඩි මටත් වඩා වැඩී, මගෙ ගෘහමූලික කොමටත් කෙලවුනා!!!) රස්සාවක් හම්බ වුනා. ඉන්පසු මේ රජ කුමාරයත් රජ කුමරියක් සමයෙන් සතුටින්
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
ප.ලි.
ඔන්න දෙවෙනි පොස්ට් එකත් අදම දැම්මා. නැත්තම් වැරදිලාවත් මොකෙක් හරි මේක බලන්ට අවොත් බලන්ට දෙයක් නැහැනෙ. එතකොට පුදපු ගමන් කාපි යකා වෙනවා.
Subscribe to:
Posts (Atom)