මැකී ගියා පෝස්ටුවක් තිබුණු දමා
සෙව්වත් පිළියමක් වැටි වැටි අඬා දොඩා
නොදිටිමි පිළිතුරක් සනසන සිතැඟි මෙමා
Google දෙයියන්ට යදිමින් අඩමානේ
Forum එකින් එක බලමින් සිටියානේ
Pressure වැඩි වෙලා නියපොතු කැවුනානේ
Delete වී ගියෙ ඇයි මේ මළදානේ
කොහොම නමුත් දත කාලා අවසානේ
බොහොම වෙලා සැරිසරලා මම ජාලේ
මෙහෙම පිළිතුරක් දැක්කයි නෙතු මානේ
එහෙම කළොත් ගොඩයනවලු මන්ද අනේ
අමාරුවෙන් cached copyයක් සොයාගෙන
අත්වාරුවෙන් forum මයේ කියූ ලෙස
සෝදිස්සියෙන් steps ටික follow කොට
සන්තොසයෙන් දැම්මෙමි re-post කොට
නෝනාවරුණි මහතුනි කරුණාවන්ත
මා වැනි දුහුනන්ද අද ලොව තව නැද්ද
සමා වෙලා නොදැනී වුණු වැරැද්දට
ගොඩවී යන්ට එනුමැන පෙර පුරුදු ලෙස
ඕන්න එහෙනං re-post එක දැම්මා. Sorryවේවා හොඳේ.
02. නොනිදන පුරවරයේ අපේ ජීවිතෙ (1 කොටස)
හරි දැන් ඉතින් බ්ලොග් එකක් පටාන් ගත්ත කියමුකෝ. දන් ඉතින් මොනවද ලොක්කා ලියන්නෙ?
හරි එහෙනම් ඉස්සෙල්ලාම වර්තමාන කතාව කියල ඉමුකෝ.මම කලින් කීවනේ මම ඉන්නේ මැදපෙරදිග කියලා.මම දැන් නං ඉන්නේ කටාර් රාජ්‍යයේ (State of Qatar). දන් මෙහෙට ඇවිල්ලා අවුරුදු 4ක් විතර වෙනවා. මෙහෙට එන්ට කලින් ඩුබායි (Dubai - UAE) වලත් අවුරුදු 3ක් විතර හිටියා. එහෙම ඉන්නකොට තමා අපිව කුණාටුවකට අහුවුනේ (වයිටයි ගලිවරුයි වගේ). කුණාටුවක් කීවෙ සුළි කුණාටුවක් නෙවේ ආර්ථික කුණාටුවක්. ලංකාවට ඒ තරම් දැනුනෙ නැති වුනාට 2007-08 දී ඇතිවුන ආර්ථික අවපාතය ඩුබායි වලට හොඳටම දනුනා.බොහොමයක් දෙනාට බඩ රස්සාව නැතිවුනා. මමත් එයින් එකෙක්.
ඒක වුනහැටිත් ටිකක් ලස්සන කතාවක්. කතාව ලස්සන වුනාට ඒ දවස්වල නම් කෙළවෙලා හිටියේ.
ඔන්න ඉතින් මම (මම කීවට ගෙදර උන්දැත් එක්කම තමා ගොඩබැස්සේ) මුලින්ම ඩුබායි වලට ආවේ 2006 දී. අපි දෙන්නම රස්සාව කළේ එකම company එකක. කොහොමහරි ඔහොම ඉතින් අවුරුද්දක් හමාරක් ඉන්නකොට අපිට හිතුන දැන් මේ company එකේ හිටිය ඇති කියලා. ඒ ඇයි කියනව නම්, අපි අන්තිම වෙනකොට හිටිය construction site එක අපි නැවතිල හිටපු තැන (අපි මුලින්ම නැවතිලා හිටියෙත් එලම කිරි පලාතක තමා, පස්සෙ කියන්නංකෝ) ඉඳලා ටිකක් දුරකින් තිබුනේ. ඉතින් වැඩට යෑම සහ ඊම හෙනම වාතයක් වෙලා තිබුනේ. එහෙ ලංකාවෙ වගේ හැමතැනටම යන්ට බස් නෑ. එක්කො තමන්ගෙ වහනේ නැත්නම් taxi එකක තමා යන්ට වෙන්නේ. අපිට ඒ දවස් වල වාහනයක් තිබුනෙ නෑ ඒ හින්දා ඉතින් ටැක්සි සරණ තමා. ඒ දවස් වල taxi එකක් අල්ල ගන්නවා කියන්නෙ හෙනම ගේමක්. ටැක්සි කාරයෝ හිටියෙ හරියට උන් එලවන්නෙ Air bus A380 වගෙ (ඒ දවස්වල A380 තිබුනෙ නෑ හැබැයි!!!). උදේ 8ට වැඩට යන්ට පාන්දර 6යේ ඉඳන් පාරේ ඉන්ට ඕනේ. කොහොම හරි ඉඳල ටැක්සියක් අල්ලගත්තා කියමුකො, එත් වැඩේ පත්තුවෙන්නෙ site එක ළඟට ගියාම. site එක තිබුනෙ මහ පාරේ (yes, high way) ඉඳන් ටිකක් ඈතට වෙන්ට. site එක අතුලෙ තාර දාපු පාරවල් නැහැ. ඉතින් ටැක්සි කාරයා නාහෙන් අඬන්ට ගන්නවා site එක අතුලට යන්ට බෑ කියලා. දැන් ඉතින් වෙන කුමක් කරන්ටද කියල අපි ටැක්සි කාරයට සල්ලි දීල (උගේ හත්මුතු පරම්පරාවටම පින් දීලා) ටැක්සියෙන් බැහැල gate එක ගාවට වෙලා ඉන්නව site එක ඇතුලට යන වාහනයක් එනකම් (summer එකට උදේ පාන්දර කියල නෑ. අව්වෙ ඉන්නකොට මාර සනීපයක් තියෙන්නේ. temperature hits 35C to 40C even before it is 8 am). කොහොමින් හරි site එක අතුලට ගියා කියමුකො. දැන් කතාව ඉවරද. තාම නෑ සුපින්වතුනි, වැඩ ඉවරවෙලා site එකෙන් එලියට ඇවිල්ලා ගෙදර එන එක වැඩට ගියාට වඩා ත්‍රාසය, භීතිය කුතුහලය පිරුනු වීර චාරිකාවක්.
Site එකෙ අපිත් එක්කම වැඩ කරපු අයියා කෙනෙක් හිටියා අපි හවසට පොරගෙ වාහනේ බස් එකක් නවත්ත ගන්ට පුලුවන් තැනකට එනවා. (හවසට ටැක්සියක් අල්ලගන්න වට වඩා ලේසියි මාතලීට call එකක් දීල විජයෝත්රථය ගෙන්නගන්නා එක).ඊට පස්සේ බස් එකක් එනකන් පැයක් හමාරක් ඉඳලා එකේ නැගලා (බොහෝ විට හිටගෙන.ඉඳගන්ට ලබුනත් මම එක තැනක එවුන්දෑ තවතැනක. ගැහැනු පිරිමි ඉඳගන්ට වෙන වෙනම වෙන් කොරලනෙ තියෙන්නේ. උන්ගෙ අම්මගෙ රෙද්දෙ, රෙද්දෙ නෙවෙයි අත්තටම කිකාබයේ සදාචාරේ) පැයක් විතර රවුමෙ ඇවිල්ලා බහින්ට වෙන්නෙත් ගේ ගාවට වඩා 1.5 Km විතර ඈතින්. ඉතින් ඊට පස්සේ ඉතිරිටික පයින් එන්ටත් ඔනේ (පාර පැනගන්ට හෙන ගේමක් දෙන්ට ඕනේ). කොහොම හරි අපේ දවසේ වීර චාරිකාව ඉවර වෙනකොට රෑ 8.30 විතර වෙනවා. (සමහර දවස් වලට මීටත් වඩා රෑ වෙනවා). ගෙදර ඇවිල්ලා බලනකොට ගජමන් නෝනගෙ කකුල් සෙරෙප්පු වලට කැපිලා, මූනෙ ගෑව සායම් දාඩියට හේදිලා, රස්නෙට මූන ඉදිමිලා රතුවෙලා (කෙටියෙන්ම, මූන දෙල් වෙලා!!! දෙක පුල් වෙලා!!!). දැන් රෑට උයා කන්ටත් ඕනේ, හෙට දවල්ට කන්ට ගෙනියන්ට දෙයක් හදාගන්ටත් ඕනෙ, දෙන්නගෙන් එකෙකුටවත් හරියට උයන්ටත් බෑ (අපේ ගජමන් නෝනත් අම්මා උයනු මම කයනු ජතියෙ ගෑණු පරානයක් වෙච්චි. හැබැයි දැන්නම් යන්තම් කන්ට පුලුවන් ගානට ගොඩදාගන්ට පුලුවන්!!!). අන්තිමේ ඔන්න ඔහෙ මොනවහරි මළදානයක් තම්බල ගන්නවා. (බොහෝ විට රෑට කෑවෙ කඩෙන්. පරාටා සහ පරිප්පු තමා නැත්තම් chicken බුරියානි. මේ යෝදි කඩෙන් කන්ටත් ඒ හැටි මනාපයක් නෑ. අයෙ මම කියල මක් කොරන්ටද මේ නොරට වෙච්චී!!!). ඔයින් මෙයින් කෑවයින් නොකෑවයින් බුදිය ගන්නවා. ඊලඟ දවසෙ උදේම නැගිටින්ටත් එපැයි. (ආයෙ මොන කතාද, මම කීවනෙ හවසට එනකොට ගජමන් නෝනගෙ හැටි සුබාවෙ. අයෙ ඉතින් මීක් නොකිය බුදියාගන්ට වෙනවා. No overtime!!!).
ඉතින් මෙයාකාර දවස ගෙවෙන එක අපිට එපාම වෙලා තිබුනෙ. (විශේෂයෙන් මට. බැඳපු අලුත මෙහෙම ඉන්නවට වඩා හොඳයි නෙව UPN කාරයො ටිකක් සැට්කොරගෙන මත්තල ගියානං. ඉතින්, සිරි යහනේ නැත සහනේ!!!).
කොහොමහරි අන්තිමේ අපි තීරනේ කොලා මේ රස්සාවෙන් අයින් වෙලා වෙන රස්සාවක් හොයා ගන්ට. ඒ දවස් වල රස්සාවක් හොයා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවේ. (මේ 2007 දෙසැම්බර් වගේ). ඉස්සෙල්ලම මට අලුත් රස්සාවක් සැට් වුනා. ඒ, ඒ දවස්වල ඩුබායි වල තිබුන ලොකුම development company එකක. අයෙ මොනාද, ටක් බක් ගාල අලුතෙන් ගෙයකුත් හොයාගෙන, වාහනේකුත් අරගෙන (driving license ගන්නව කියන්නෙ වෙනම project එකක්. ඒක පස්සෙ කියන්නංකෝ) අලුත් තැන වැඩට යන්ට පටන් ගත්තා. ඊට මාස කීපයකට පස්සෙ ගජමන් නෝනටත් හොඳ තැනක, හොඳ පඩියකට (පඩි මටත් වඩා වැඩී, මගෙ ගෘහමූලික කොමටත් කෙලවුනා!!!) රස්සාවක් හම්බ වුනා. ඉන්පසු මේ රජ කුමාරයත් රජ කුමරියක් සමයෙන් සතුටින්
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
ප.ලි.
ඔන්න දෙවෙනි පොස්ට් එකත් අදම දැම්මා. නැත්තම් වැරදිලාවත් මොකෙක් හරි මේක බලන්ට අවොත් බලන්ට දෙයක් නැහැනෙ. එතකොට පුදපු ගමන් කාපි යකා වෙනවා.
හොඳයි, ලියන්න හැකියාවක් තියෙන බව මේ කතාව ලියල තියෙන විදියෙන්ම පේනවා.ඇළපාත කියල තියෙන සමහර දේවල් මමත් අත්විඳල තියෙන නිසා හුරුපුරුදු ගතියක් තියෙනව.දිගටම ලියන්න.
ReplyDeleteප.ලි
ගජමන් නෝනා මේ බ්ලොගේ බලන්නෙ නැතුව ඇති නේද.
නෑ කොහෙත්ම නෑ. ඒකනෙ මේ නිර්භීතව හරි හතරැස් පුරුසයෙක් වගෙ ලියන්නෙ.
Deleteරජෝ උඹ බ්ලොග් ලියන බව නම් ගජමන් නෝනට නොකියා හිටු . . බොලාට ආයෙමත් පරාටයි පරිප්පුයි තමා ඕන් කිව්වොත් . . හිකිස්
ReplyDeleteඅනිවා
Deleteඋඹ ලියනව රහයි.. දිගටම ලියපං ..අපි එන්නං හූ කියාන !!
ReplyDeleteමාතලංගෙ සිඩියෙ දැම්මද ?? ඌට මේල් එකක් දාල ඒකෙත් එල්ලපං මචං..
හූ..............................................................................
Deleteහූ හරි හී, හරි කියාගෙන වරෙල්ලා!!!
Deleteදිගටම ලියාගෙන යන්ට තමා අදහස බලමුකෝ. පහු පහු වෙනකොට කොහු කොහු වුනෙ නැත්තං හරි.
මාතලන්ට mail එකක් දැම්මා. ඌ කීවා සින්ඩියේ එල්ලුවා කියලා. හැබැයි මටත් සින්ඩියේ මගේ බ්ලොග පෙනුනෙ නම් නැහැ. මොකක් හරි අවුලක්ඩ දන්නෙ නෑ.
දිගට ලියං යං එහෙනං
ReplyDeleteජය වේවා!!
ලියමු ලියමු අපි ලියමු
Deleteනියමයි.ලියන්න හොද හැකියාවක් තියෙනව.දිගටම ලියමු.ජයවෙවා.
ReplyDeletethank u වේවා. දිගටම ලියන්ට තමා අදහස බලමු
Deleteමුදලි තුමා...ඔන්න මමත් ඇවිත් ගියා..දිගටම එන්නං...මමත් අවුරුදු ගානක් බොගවල් කියවලා යුනිකෝඩ් එසැණින් පරිවර්තකය සහ මහාචාර්ය මාතලන් ගේ බොග කෝස් එක ෆලෝ කරලා තමයි ලියන්න පටන් ගත්තේ...
ReplyDeleteඅරූ කීව පරිදි හිමින් ලියපන් මචෝ...
ජයවේවා...
මමත් එසේමැ යි. මහච්චාරිය තුමාගේ පංතියට ගියා. ගමන කොහොමත් හෙමිං තමා. මග දිගට කවි කිය කියා නෙව එන්නෙ හික් හික්.
Deleteහෆොයි මෙන්න තවත් අපේ කාන්තාර වැසියෙක්. දිගටම ලියපන්.
ReplyDeleteමේ ජීවන කතරේ, කටාර් වැලි කතරේ....
Deleteලියමු ලියමු දිගටම ලියමු
යකඩෝ මෙන්න තව ඌරෙක්... හැක්..
ReplyDeleteජය වේවා.. ෆලෝවර් ගැජට් එක දාහං
දැම්මා දැම්මා.
Deleteඌරෙක්? යකො මෙහෙ ඌරෙක් වුනොත් අම්බානකට කන්ට තමා වෙනේ
මටනම් මේ ලිපිය කියවලා ඇත්තටම සතුටක් නෙවේ ඇතිවුනේ දුකක්. ඔබේ තරුණ ජවයට වටින ගෙවීමක් ලැබෙනවාද? ඔබේ අනාගත සැළසුම් සඳහා මේ රැකියාව තුළ අවකාශයක් තිබේද? අවම වශයෙන් ඔබ අවුරුදු 45 ක් පමණ වයසට එනවිට ඔබේ ජීවිත ස්ථාවරත්වය කෙබඳු වේද? වැනි හැඟීම් මට ඇතිවුනේ. මෙය ඔබ ගැන පමණක් නොව ඔබ වැනි තවත් දහස් ගණනක් පිලිබඳ ඇතිවුණු හැඟීමක්.
ReplyDeleteඅපි ඩුබායි වලින් ලංකාවාට ගිහිල්ල ටික කාලෙකින් මෙහෙට (කටාර්) ආවා. දැන්නං ඇත්තටම ඒ හැටි අවුලක් නැහැ. ඒත් ඉතින් හෙට වෙන දේ අද කියන්ට බෑ කියනවනේ. කව්ද හිතුවෙ ඩුබායි වල යසට හිටපු අපට කෙළවෙයි කියලා. මෙහෙම් ඉඳල බලමු තව ටිකක් මොකද වෙන්නෙ කියල නේද.
ReplyDeleteමේ පැත්තෙ ආවට thank u වේවා.
where are working in Qatar. I'm in QCON.
ReplyDelete