අද ඔන්න ටිකක් හුස්මක් කටක් ගන්ට පුලුවං ගතියක් තියෙන්නේ. තිබ්බ වැඩ ටික හිමිහිට ලියුං සහ e-mail ටිකක් ගහල අනිත් එව්වංට pass කොරලා දැම්මා. ආයෙ ඉතිං එව්වට ඕකුං උත්තර බඳින්නෙ ලබන සුමානෙ තමයි. බුරහස්පතින්දා කියන්නෙ සතියේ අන්තිම දවස හින්දා කව්වුරුවත් ඒ හැටි වැඩක් කොරන්නේ නෑ. e-mail එකත් එව්වත් ඒක එවන්නෙ වැඩ ඇරෙන්ට ඔන්න මෙන්න කියලා. එතකොට ෂුවර්නෙ එකට reply එකක් එන්නෙ නෑ කියලා. ඕන්න ලෝස් බෝස් නැතුව ගුරු මුට්ටි නැතුව රාජකාරී රහසකුත් කියල දුන්නා. මේවෑ ඉන්න එකාලත් එක්ක ඉහ ගහගෙන ඉන්ට නං ඔය වාගෙ සූස්තර කොයිකත් දැනගෙන ඉන්ට ඔනෑ. නැත්තං වසල හමාරයි ඕං.
ඔයිං මෙයිං කියන්ට ආ කතාව මග ඇරෙනව ඕං. මේ කතාව මට මතක් වුනේ හැලපෙගේ බ්ලොගේ තිබුණ තොරණෙ විස්තරෙ දැකලා.තොරං කිව්වම මහ ගොඩක් ජාති තියෙනවා මේ දවස් වල තියෙන වෙසක් තොරං පොසොන් කාලෙට පොසොං තොරං පල්ලියෙ මංගල්ලෙ දාට පොල් තොරං මගුල්තුලාඔලදි ගහන මගුල් තොරං (මගුලෙං පස්සෙ ගහන කුරුළු තොරං හැබැයි මේ තොරණ නං ගහන්නෙ බැඳපු එවුං දෙන්නා විතරයි) ඔක්කොම දාල වෑගංපිටි යන දාට සොහොන් තොරං ඔන්න ඔය වාගේ අටෝ රාසියක් තොරං ජාති තියෙනවා.
තොරං ගැන නෙවේනෙ කතාව. හිටිවන කවි ගැන නේ. මේක මම කොහෙදි හරි කියවපු කතාවක්. මෙන්න මෙහෙමයි කතාව.
ඔන්න එකමත් එක ගමක හිටියලු බොහොම සමත් හිටිවන කයි කාරයෙක්. අහල ගං හතේම තොරං පොළවල්, පිංකං පොළවල්, වෙන්දේසි පොළවල් ඔය කෝකත් හිටිවන කවියෙං ඔප කොළේ මේ කයි රාළ තමා. දන්න දා ඉඳලා කවි කිය කිය දහ අතේ ගියා මිසක්කා කර කාරයක් බැඳගත්තෙත් නෑ. දැං ඉතින් ඉහ නිකට පැහිලා හිරයක් ගන්න වයසත් පහුවෙලා.ඉතිං අපේ කයියා දවසක් උදෑනැක්කේ මිදුල අතු ගගා කල්පනා කොළා තමුංටම කියලා දරුමල්ලෙකුත් නැති එකේ මගෙන් පස්සෙං පහු මේ සාස්තරෙ මං කාට කියල දෙන්නටද. ඒ හින්දා ගෝලයො දෙතුං දෙනෙක් හදා ගත්තනං යසයි කියලා. මෙහෙම හිතලා ගමේ හිටිය පැල් කයියට අඬහැරේට දස්ස පස්සකං ඇති ගැටයො දෙතුන් දෙනෙක් එක්කාසු කොරගෙන ඕන්න "ස්වස්ථි සිද්ධම්" කියලා කයි පද බඳින හැටි ගෝලයන්ට කියාදෙන්ට පටං ගත්තා. දැං කයි කැලෑසිය පටං ගෙන කාලයක් ගෙවිලා ගියා. ගෝලයොත් ඉතින් දැං යංතරමක කයියෝ වෙලා හිටියේ. ඔහොම ඉන්නකොට දවසක් අහළ ගමක තියෙන කයි මඩුවකට අපේ කයියට ආරාධනාවක් ලැබුණා.
කයියත් ලැබුණු ආරාධනාව බොහොම හිත් සතුටින් බාරගත්තා. මිනිහගෙ පැලෑන වුනේ මේ කයි මඩුවෙදි තමංගේ ගෝලයින්ව දොරට වඩම්මංට. ඔහොම හිතල ඔන්න ගෝලයො සැට් එකත් එක්කාසු කොරගෙන කයිමඩුවට ගියා කියමුකො. ඉතින් දැං කයි මඩුව බොහොම සාර සුබාවෙට කෙරීගෙන යනවා. කයිමඩුවෙ උන්නු හැම කයියාම රස වෑහෙන කයියෙං සබාව පිනෙව්වා. අපේ කයියගෙ ගෝලයනුත් ඉතිං තමංගේ අවස්ථාව එනකං දැං බලගෙන ඉන්නවා.
ඔන්න දැං කයි මඩුවෙ අවසාන භාගයටත් ලඟාවුණා. අපේ කයියා කවියෙන්ම තමන්ගෙ ගෝලබාලයින්ගේ වරුනාව කොරලා ගෝලයින්ට ආරධනා කොළා පිරුං කයියක් කියන්ට. පිරුං කයියක් කියන්නෙ කීපදෙනෙක් එකතුවෙලා එක් එක් කෙනා කයියෙ පදේ හෝ දෙක බැගිං කියලා කයිය සම්පූර්ණ කොරන එකටයි. ඉතිං ඔන්න පළවෙනි ගෝලයා කයිය පටන්ගතතා මෙන්න මෙහෙම.
"නමදිමි වැදූ මගෙ මව් හට සෙත් වේවා."
ගෝලයා නමෝ විත්තියෙං කියන කයිය තමුංගෙ මෑණියං සිහිකොරලාම පටන් ගත්තා. ඊට පස්සෙ හිටිය දෙවැනි ගෝලයත් ඉතින් ටිකක් කල්පනා කොරලාහෙම මෙන්න මෙහෙම කීවා.
"නමදිමි හැදූ මගෙ පිය හට සෙත් වේවා."
තුංවැනි ගෝලයා කලිං උං දෙන්නා දෙමාපියං සිහිකොරාපු හිංදා තමංගෙ වාරෙදි මෙහෙම කයිය පිරුවා.
"නමදිමි සුරූ මගෙ ගුරු හට සෙත් වේවා."
දැං තුංවැන්නගෙ වාරේ. මේකා ටිකක් විතර ලැජ්ජාකාරයා. කයි කියන්ට පුළුවං වුනාට මොකද රැස්වෙලා හිටය සෙනග දැකලා මිනිහා හොඳටම කලබොල වෙලා හිටියෙ තමංගෙ කයි පද වරදීදෝ කියලා. දැං කලබොලේ හින්ද මිනිහට කයි පදයක් හිතට එන්නෙත් නෑ. පෙර පද වල තිබ්බ එළිසමෙත් මිනිහට දැං නිච්චි නෑ. දැං ඔන්න මිනිහ තටම තටමා "නම... නම.... නම..." කිය කිය ඉන්නව. ගැට පොල්ලකිං හිස්මුදුනට පතබෑවා වගේ දැං මේකා හිරිවැටිලා ඉන්නෙ. කිසිම දෙයක් මතකෙට එන්නෙනෑ.
දැං නං ගුරාටත් ටිකක් මල පැනලා. ගෝලයා දිහෑ විඩිං විඩේ රවල ඔරවල බලනවා. ඔය අව් අස්සෙ තුංවෙනි ගෝලයා හෙමිං සැරේ හතර වෙනියගෙ කනට ළංවෙලා මෙහෙම කීවා.
"ඇයි යකෝ ඊයෙ රෑ අපි පාඩං කොරේ තොට මතක නැද්ද?"
මේක ඇහුනා විතරයි ඔන්න හතරවෙනි ගෝලයාත් ඔලුව හෙම වනල, උගුරරේ රැල් බුරුල් ඇරලා නළල එහෙම කහලා බොහොම අභිමානවත් විඩදිහට සභාව දිහෑ බලා මෙන්න මෙහෙමෙ පිරුං කයිය අවසං කොළා.
"ඊයේ රෑ හදපු හිටිවන කවි මේවා"
පහුවෙනිදා උදේ අහල ගං හතේම ගහක් ගලක් ගානෙ ඔය පහළ තියෙන කයිය ඊට අනුපානෙට ලියපු තව කයි කීපයකුයි එක්ක බොහොම අගේ ඇති කෑළෑ පත්තරේක තිබුණා.
නමදිමි වැදූ මගෙ මව් හට සෙත් වේවා
නමදිමි හැදූ මගෙ පිය හට සෙත් වේවා
නමදිමි සුරූ මගෙ ගුරු හට සෙත් වේවා
ඊයේ රෑ හදපු හිටිවන කවි මේවා
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
ඇලපාතත් මහ පළවෙනි කයියෙක් කියල අපි නොදන්නවයැ.පද බඳින්න තරං කයියක් නැති නිසා නිකා ඉන්නව මිසක.
ReplyDeleteඔව් බං හැලප අයියේ දැන්නං බඳින්ට තරං කයියක් නෑ තමා
ReplyDeleteඔන්න මාත් ආවා හා හා පුරා කියලා.මගේ අලුත් බ්ලොග් එක පැත්තේත් ගොඩවෙලා යන්න්කෝ.
ReplyDeleteඑන්නං බොල. මෙ office කියන එවුවගෙ වැඩ කියල ජාතියෙකුත් තියනවා නොවෑ.
Deleteමුදලිතුමා අහලා නැද්ද තොරන් කවි වල තියනවා මහ අමුතු ජාතියේ එව්වා. ගලප්පත්ති කියන මහත්තයාගේ ආධාරය අරන් තොරන් කවි කාරයෙක් කිව්වේ මෙහෙමයි.
ReplyDeleteපේනවා නේද දිලිසෙන හැටි තොරණෙ බලුප්
අධාරය දුන්නේ අපේ මැතිඳු ගලප්
පත්තියි කිව්වහම දන්නවා ගමම කුලප්
පුවෙනව හැඩ රුවට එතුමගෙ ..........
ඉතිරි කොටස මතකයෙන් ගිලිහිලා
ඈ හැලපේ, හුහ්.....එතකොට අපිට විතරද පද බඳින කයියවල් තියෙන්නේ?
ඔව් ඔව් ඔය තොරං කයියෝ මහ පුදුමාන්තර විදිහේ කවි තමා කියන්නේ
Delete//ඈ හැලපේ, හුහ්.....එතකොට අපිට විතරද පද බඳින කයියවල් තියෙන්නේ?// හැලපෙටත් ඇති අපිට නොකීවට
අංගම්මන සුමන හාන්දුරුවන්ගෙ ගෝලයත් උනේ ඔහොම සීන එකක් තමා.
ReplyDeleteමටත් එක මතක් වුනා
Deleteඅංගම්මන සුමන අංගම්මන සුමන ....
Deleteඅන්තිම පදේ මතකද අංගම්මන සුමන උගේ %^ට හු*(
Deleteහිටගෙන කියන නිසා මම මුල් කාලේ හිතුවේ ඕවට කියන්නේ හිටගන කවි කියලා.
ReplyDeleteඅම්මාපල්ලා මාත් පොඩිදවස්වල හිතුවෙ ඔහොමමතමා. ඉස්සර xx එකේ ගියා හිටිවන කවි මඩුවක් මට මතක නෑ කොයි කාලෙද කියලා.
Deleteමම හිතුවෙ ඇළපාත සිරිලංකාවෙ බදුකිරි බීලා ජීවත්වෙන ගොයියෙක් කියලා...මක්කා උනත් ඉතාම වටින කවිපෙළ..කයි සෑර් පස්සෙ දවසක අර අප්සැට් පදය කිව්ව එකාගෙ දෙමාපියො එහෙමත් මතක් කරන්න ඇති මගෙ හිතේ...
ReplyDeleteඅනිවා, දෙපොළටම සෙත් පතලා කවි වැලක්ම කීව කියල තමා ඕං ආරංචිය තියෙන්නේ.
ReplyDeleteකොහොම වුනත් ආයෙත් පස්සේ දවසකත් කයි සෑරුයි ගෝලයෝ සැට් එකයි කවි මඩුවකට ගියා. ඉස්සල්ලා සැරේ වගේම මෙ සැරෙත් ඔන්න ගෝලයන්ට කයියක් කියන්යන්ට කීවා. ඔන්න පළවෙනියා පටාන් ගත්තා;
"ඒ දණ්ඬෙන් යන කලටා", මේ සැරෙ ගුරාම කීවා කයිය පොඩියට සරළෙට කියන්ට කියලා. නැත්තං ගියසැරේ වගේම නාන්ට සිද්ද වෙන හින්දා. ඊලඟට දෙවෙනියා, "මුත්තා වැටුනි ගඟටා". දැන් තෙවෙනියා; "පිහිණුමුත් බැරි කලටා", දැං අන්තිමයා. අර ඉස්සල්ලා එකාම තමා. මෙවරත් පෙර සේම මූට පදේ අමතකයි. කොහොම හරි මතක් කොරලා අන්තිමට මෙහෙම කීවා. "හුටා හුට පටා". පහුවෙනිද කළෑ පත්තරෙ කවිය මෙහෙමයි.
ඒ දණ්ඬෙන් යන කලටා
මුත්තා වැටුනි ගඟටා
පිහිණුමුත් බැරි කලටා
හුටා හුට පටා
ඉස්සර වෙසක් කූඩු තොරන්වල කවි කිව්වා කවිකෝකිළ කියලා පොරක්. පටන් ගන්නේ කවිවලින්. මහ රෑ වෙනකොට බයිලා ටියුන් එකෙන් තමයි වැඩේ යන්නේ.
ReplyDeleteඅනිවා. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට තමා. ඇයි ඉතින් සංවිධායක මංඩලේ කයියා පාංදර ජාමෙ පින්නට අහුවෙලා හෙම්බිරිස්සාව හදුනොත් කියල ඌට කොත්තමල්ලි වතුර දෙනව නෙව.
Deleteහප්පේ එන්න පරක්කු වුණා නෙව... අහිතක් හිතන්ට එපා...
ReplyDeleteඅපරාචෙ කලිං දැක්කෙ නෑනෙ මේ බොග... පට්ට ඈ...
ජයවේවා..
හැමදාම එන්න මාත් දාගත්ත රෝලට
//හැමදාම එන්න මාත් දාගත්ත රෝලට//
Deleteහැබැයි රෝල් නොවී කියවපං
හිටිවන කවි මඩුවක්, මඩුවක් කිව්වට මඩුවක් ඕන නෑ බ්ලොග් පෝස්ටුවක් තියමුද?
ReplyDeleteතියලා බලමු දවසක
Deleteඇලයා... බ්ලොගර් ෆාලෝවර් ගැජට් එක දාමුාකෝ..
ReplyDeleteමචෝ ඔය දාලා තියෙන google+ gadget එක හරියන්නෙ නැද්ද. වෙන gadget එකක් නං දන්නේ නැත. දානහැටි කියලා දීපං.
ReplyDeleteඑහෙනං අපි හිටගෙන කවිමඩුවක් දාමු බ්ලොගක දවසක......
ReplyDelete- නලින් දිල්රුක්ෂ
දාමු දාමු, හිටගෙන
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසක් මේ පැත්තට එන්න මාර පරක්කු වෙලා නේ
ReplyDeleteපමා වෙලා මම ආවා ඇලපාත
සමා වෙලා දීපන් මට අතට අත
හිනාවෙලා කෑවත් ඔය ඉදෙන බත
බොන්නටනම් බෑ බොල මම මතට තිත
පමා වුනත් කම් නැත ආවොත් ඇතිය
Deleteසමා වුනත් අත දෙන්නට නම් බැරිය
හිනා වෙවී කමු එහෙනම් බත් හැළිය
බීවත් නොබීවත් මගෙ තරහක් නැතිය