Monday 23 June 2014

11. පෙරේදා, ඊයේ, අද, සහ හෙට

පෙරේදා
අත පසු වූ නිසා එන්නට කියූ ලෙස
මඩිනට සැහැසි ඒ ගොර බිර මදුරු විස
මැතිසඳ කීමටත් පෙර තම වරද නිස
බැඳගත්තා කඹක් ගෙන ලඟ තිබූ ගස

ඊයේ
ගිය කළ විසඳන්ට ගැටුමක් නැගී ඇති
ගැටුමෙහි වූවො මුට එරෙහිව නැගී ගති
බිය සැක නැගී ඌ සියොළඟ වෙළාගති
සිය අවියෙන්ම සිය සිරසම පළා ගති

අද
ඇඳගත් චීවරෙන් පටියක් ඉරාගෙන
තදකොට දෑත හා දෙපයත් වෙළාගෙන
හිස බානා කරෙන් බිජ්ජත් කපාගෙන
සිටියා වැටී මළමිනියක් විලාසෙන

හෙට
ලියන්නෝ සිටිත් උන් අත් කපාගෙන
කියන්නෝ සිටිත් උන් දිව කපාගෙන
අසන්නෝ සිටිත් උන් කන් කපාගෙන
අසිරිය නැගෙත් මුළු දිවයින වසාගෙන


මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.

Follow This Blog !!!

19 comments:

  1. කරගල ගගා එන්න
    කරගල ගගා එන්න
    කරණවෑමි සොහොයුරානනේ
    මා සුන්නත් කරන්න
    පෙරසම ඇද කපන්න
    කරණවෑමි සොහොයුරානනේ

    ReplyDelete
    Replies
    1. කරණවෑමි සොහොයුරා ඔන්නෑ කියල නෙව දැං කියන්නේ

      Delete
  2. හිනාවෙනවද අඬනවද කියලා මේ හිත හිත ඉන්නේ

    ReplyDelete
    Replies
    1. දැං මේවට ඇඬෙන්නෙ හිනා යන්නෙ නෑ බං.

      Delete
  3. \\ලියන්නෝ සිටිත් උන් අත් කපාගෙන
    කියන්නෝ සිටිත් උන් දිව කපාගෙන
    අසන්නෝ සිටිත් උන් කන් කපාගෙන
    අසිරිය නැගෙත් මුළු දිවයින වසාගෙන//

    ඕක තමයි ලොකුම ඛේදවාචකය. ලොකුම හානිය මෝඩයන් සිටීම නෙවෙයිලුනෙ, බුද්ධිමතුන් නිහඬව සිටීමලුනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ ආශ්චර්යෙ දෝරෙ ගලන්නේ

      Delete
  4. ලියන්නෝ නොලියති
    කියන්නෝ නොබනිති
    අසන්නෝ නාසති
    කා බී සුකති සැනසෙති

    ReplyDelete
    Replies
    1. ඇත්තෝ කා බී සුකති
      නැත්තෝ @#$ සුකති

      Delete
  5. ඔන්න හෙට අනිද්දට නානසාර ළමයෙක් වැදුවොත් මාව එහෙම අල්ලගන්න එපා.

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහට ඒ ටිකත් වෙයි වගේ තමා පේන්නේ

      Delete
  6. ටොක්ක තදටම රිදෙන්නටම වැදේවා...
    පට්ට
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ටොකු ඇන්නට වැඩක් නෑ
      කාටවත් ම දැනෙන් නෑ

      Delete
  7. අඩේ මේක නම් නියමයි බං..

    ReplyDelete
  8. ඇළේ.....මල් මසුරං....කියලා වැඩක් නැහැ.

    කවි කෙලින් කරන විදිහක් තියෙනවා නේද...කවි බ්ලොග්ස් ලියන අය දන්නවා.

    ReplyDelete
  9. මෑත කාලීන ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක් හරස්කඩක් ලෙස බොගේ මේ කයිය මවිසින් හදුනාගතිමි.

    ReplyDelete