
අනේ මලේ ticket එකක් අරං වරෙං
ඇළට වැටෙයි පය බුරුලෙං තබා වරෙං
ආශ්චර්යේ උතුරනවා බලා
වරෙං
සදුකාර දී ඔරුවක නැගී
වරෙං
අම්මේ මට ගෙදර එන්ට
පුංචි බොට්ටුවක් එවන්ට එවන්ට
අම්මෙ පොඩි මල්ලි අතේ
පුංචි බොට්ටුවක් එවන්ට
ඕං මම පටං ගත්තා. ඉතිරිටික බොලා කියාපල්ලා
(පොටෝව ඉස්සුවේ මෙතනිං http://www.pathula.com/index.php/archives/13327)
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
බැස කෝච්චියේ පාරේ
ReplyDeleteපීන පීන නාමුකෝ නගෝ
සීතල ජලය අගෙයි ගත සිත පිනයි පිනයි
Delete.
.
.
.
.
හනිකට පදිමු නගෝ නාමු නාමු ගිලෙමින ජලයේ
පීනමුකෝ මේ ගඟේ කිරි උතුරන මේ උදයේ
ReplyDeleteදෙගොඩතලා යන වතුරේ,කෝච්චි නැතේ මා මිතුරේ
කිරි උතුරන මේ උදයේ
දුඹුරු දියේ හිරු කැළුම් ඇදීලා දිය වැලි හා රඟ දෙන්නේ
Deleteසුදට සුදේ අර ගල් බෝතලයක් දිය මතුපිට පාවෙන්නේ
කිරි උතුරන මේ උදයේ
(අනේ මෙහෙම වුනා නං බලාගන්ට තිබ්බා)
හයිවේ ඉඳිවේය නව කඳු හැදුනේය
ReplyDeleteදෙපැත්තේම බිම් පහතට යනවාය
රෙල් පාරේ පාරු පදින්නට සිඳුවේය
පාරු කවි කිය කියා කොළඹට ආවාය
පට්ටයි ඇලපාතයෝ..
වැඩට යන්ට ආ කල මා උදයේම
Deleteමහ වැස්සක් වැටුනයි හිටි හැටියේම
දෙගොඩ තලා මහ ජල කඳ ගැලුවාය
පාරු පදින්නට අද නං සිදුවේය
මලේ මලේ ඔය නාමල නෙලා වරෙන්
ReplyDeleteඅත්ත බිඳයි පය බුරුලෙන් තබා වරෙන්
රාගම ජැටියේ නැව් යනවා බලා වරෙන්
සාධූ කාර දී දුම් රියේ නැගී වරෙන්
ඔන්න මලක් මම නෙළුවා බලා ගනිං
Deleteඅත්ත බිඳුනා මාව වැටෙයි අල්ලගනිං
රාගමටත් නැව් එනවා ඊයෙ දුටිං
හම්බංතොටට නැව් එනදා කවුරු දනිං
එන්නද බැසිලෝ මං රාගමටා - පදින්න කෝච්චි කබල්
ReplyDeleteඔහෝ ලාස්සනයි ඔහො ලාස්සනයි ඔහො ලාස්සනයි අර
බැසිලගෙ රට අමුඩේ...........
වරෙං වරෙං බොල රාගමටා - අපි පදිනෙමු කොච්චි කබල්
Deleteඔහෝ ලාස්සනයි ඔහො ලාස්සනයි ඔහො ලාස්සනයි මගේ
මල් මල් රට අමුඩේ...........
අනේ මහතුනේ මට උන වියෝයා……
ReplyDeleteඉස්ටේෂම වතුරෙන් යට උනෝයා……
ගෙදර යන්ට කෝච්චි නැති උනෝයා……
පාරු කවි කියා මා සැනසුනෝයා……
පට්ට කියන්නෙ සුපිරි ඇළේ.
අනේ මහතුනෙ මට වුනු වියෝගෙට
Deleteඉෂ්ටේසම වතුරෙං යට වුනු කලට
වැඩට යනු කෝම ගෙදරත් බෑ යන්ට
පාරු කවි කියා බැරිවෙයි සැනසෙන්ට
old පාරු කවිය.
ReplyDeleteඔයේ වතුර යන්නේ පරඬැල් එක්කා
ගඟේ වතුර යන්නේ කුඩමසු එක්කා
මලේ සුවඳ ගන්නේ බඹරුන් එක්කා
කියතොත් කියාපන් සිව්පද මා එක්කා
new කෝච්චි කවිය
ඔයේ වතුර යන්නේ පරඬල් එක්කා
ග ඟේ වතුර යන්නේ කුඩමසු එක්කා
උගේ වතුර යන්නේ විත් නයනක්කා
රේල්ලුවේ වතුර පිරෙද්දී කක්කා
ඔයේ පඬරැලුත් ගියදෙං මට මක්කා
Deleteගඟේ කුඩමසුත් ගියදෙං මට මක්කා
මලේ සුවඳ ඉඹ ඉඹ උකුලෙම ඔක්කා
වෙල්ගම පදී පාරුව with නයනක්කා
pattai oi
Deleteඉන්දික හා ඇලපාත,
Deleteකාලයක් මගේ අස්ලැවැසියා වුනෙත් එකම සේවකයා බෙදාගත්තෙත් මායි වෙල්ගමයි. ඒක හින්දා මේ කතාවේ ටිකක් විතර රස දේවල් මාත් දන්නවා. ඇත්තටම මම මේක එස් එම් එස් කරන්නද ඔය ඒ තරමටම රහයි
හැට්ස් ඕෆ් ...... (උඹලාගේ කවිකමට)
එස් එම් එස් මොටද නෑ මට ඉන් කාරී
Deleteලියලා තබනු මෙහි ඒ කී රස කෑලී
කරුණක් කියමි මේ දිනවල ඇති කාරී
ගලවනු එපා තොප්පිය හිස තෙමේවී
මෙච්චර දක්ශ පාරු කවියෝ ඉන්දෙදි අපි මොකටද හාල්පාරු කවි ලියන්නේ?
ReplyDelete++++
Deleteසුගතදාස පිහිනිමු තටාකයට වඩා සිරා බං මේක....ඒක මීටර් 50 නෙ...ඒකට මේක...බොර පාට වෙනුවට වතුර නිල් පාට කලා නම් ලස්සනට තියේවි.
ReplyDeleteඔව් ඔව් ඊලඟ සැරේ වහිනකොට ටක් ගාල නිල් පැකට් ටිකක් කඩලා දැම්ම නං හරි
DeleteBy the rivers of Babylon, there we sat down
ReplyDeleteye-eah we wept, when we remembered Zion.
By the rivers of Babylon (dark tears of Babylon)
there we sat down (You got to sing a song)
ye-eah we wept, (Sing a song of love)
when we remember Zion. (Yeah yeah yeah yeah yeah)
By the rivers of Babylon (Rough bits of Babylon)
there we sat down (You hear the people cry)
ye-eah we wept, (They need their God)
when we remember Zion. (Ooh, have the power)
කෙළියා නේද තාප්පෙටම. දැං මේකට කොහොමද කඩ්ඩෙං පිළිතුරු කවියක් ලියන්නේ.
Deleteමරදාන බලා යාත්‍රා කරන දුම් රිය පලමුවන ජැටියට පා වෙනවා ඇත.
ReplyDeleteඑය මරදාන දක්වා ඇති සියලුම ජැටි වල නැංගුරම් දමනු ඇත.
හැක් හැක් හැක්
Delete