Wednesday 7 May 2014

04. මොකටද අවදානමක් ගන්නෙ නේද ?

මම අද උදේ බුකියෙ දැක්කා නියම status update එකක්. ඒක තිබුනෙ මෙන්න මෙහෙම "අපේ Wife කියනව ගෙදර වැඩට උදවු කෙරුවට මැරෙන්නෙ නැහ කියල.....එත් මොකටද අවදානමක් ගන්නෙ නේද ?....."

ගජමන් නෝන නං බොහෝවිට අහන්නේ මැරෙනවද කියල නෙවෙයි. ගෙවෙනවද කියලා.

උදා: 1 "ඇයි මගේ කෝප්පෙත් හෝදලා තිබ්බම අත් දෙක ගෙවෙනවද?
උදා: 2 "ඇයි මම උදව්වක් කලාම thank u කියලා කිව්වොත් කට ගෙවෙනවද?" (වෙන ගෑණුන්ට නම් ඕන තරං ඒවා කියයි)
උදා: 3 "මොකද පුතාට නින්ද යනකං වඩාගෙන අවිද්දම කකුල් දෙක ගෙවෙනවද?"
උදා:4
උදා:5
උදා:6
.
.
.
.
උදා:n

අනෙ මේ යෝදිට තේරෙන්නෙ නෑනෙ මම අවදානම මග හැරීම (Risk avoiding) කියන මූලික අවදානම් කළමණාකරන උපාය (Risk Management strategy) ප්‍රායෝගිකව කිරියාවෙ යොදවනවා කියල.ඇත්තටම අහනව වගේ මොකක් හරි ගෙවිලා ගියොත් ආයේ පංචිකාවත්තෙන් ගෙනත් දන්ටද, එහෙනං? ඕවා අපිට විස්සවිජ්ජාලෙදී කියල දුන්නෙ මේ වගේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පාවිච්චි කොරන්ට නේන්නං.

ප.ලි
හැබැයි අර විදිහට status update එක දාපු මගේ ෆ්‍රෙඩා නං මට හිතෙන විදිහට දන්නෙම නැතුව කොරල තියෙන්නෙ එක අවදානමක් මඟඇරලා ඊට වඩා ලොකු අවදානමක් බාර ගැනීමද (Risk retention/acceptance) මන්දා? මොකද මේ status update එක ඒකාගේ ගෙදර උන්දැ දැක්කම මොනවැයින් මොනව වෙයිද දන්නෑ.

මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.

Follow This Blog !!!

14 comments:

  1. 4. ඇයි මේ වයසක මගේ කොන්ඩේ තෙල් ටිකක් ගාවම අත් දෙක කොර වෙනවද?

    5. ඔයා රෙදි හෝදන වෙලාවට රෙදි හෝදන මැෂිමේ මගේ යට ඇඳුම් හෙදෙන්නේ නැද්ද?

    6. වැලේ තියන රෙදි ටික එකතු කරලා ගෙට ගෙනාවට වටේ ගෙවල් වල ඉන්න ගෑණු මොකුත් කියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. 6ක් නෙවේ මේ වගේ ඒවා තව නහුතයක් ලියන්ට පුලුවන්.

      Delete
  2. නෝනා කියන කතා නම් ඇත්ත ඉතින්. අපිත් තව ටික කාළයක් හරි ජීවත් වෙන්න එපයි.

    ReplyDelete
    Replies
    1. එකනෙ කියනේ, මේ ඉස්ත්‍රී පරානෙට මේක තෙරෙන්නෙ නෑනේ. අපි මේ විදිහට අවදානම මග ඇරල ටිකක් වැඩිපුර කල් ජීවත් වෙන්ට බලන්නෙ ක හින්දද නේද?

      Delete
  3. /  "මොකද පුතාට නින්ද යනකං වඩාගෙන අවිද්දම කකුල් දෙක ගෙවෙනවද?" /

    මොකද ගජමන් නෝනා පුතාව නිදිකරවන්න ඔච්චර දත කන්නේ......?????

    උඹ අහුවෙන්න එපා ඇළේ ඔව්වට..ඊට පස්සෙ අහයි එකත් එකටම.." ඇයි පොඩ්ඩක් ****** ඔහෙගෙ ***** ගෙවෙනවද? " කියල..මම මේ හූන කියන්නැහෙ කියන්නෙ..බලාපං බොරුද කියල

    ReplyDelete
    Replies
    1. එව්වා නං ගෙවිල බිමට වැටුනත් මොකද ඇති වෙනකං පවිච්චි කොරලා. ඒ වුනාට මුන්දැලා දන්නව ආවුදෙ මුවහත් වෙන්නෙ ගෙවෙන්ට ගෙවෙන්ට තමා කියල. හරියට අර කිඹුල උදළු තලේ වගේ. "කපන්ට කපන්ට මුවහත අළුත් වෙනවා."

      Delete
    2. අම්මප රවි අයියෙ ඔහෙගෙ කට තමයි කට

      Delete
  4. තවම අදාල නැති වුණත් බඩු ශුවර් තව අවුරුදු පහ හයකින් මැවිලා පෙනවා දැනටත් වෙන දෙවල් දැක්කාම :))))))))

    ReplyDelete
  5. පවු බන්...වයිපරේ යන්තරයක් නෙමෙයිනෙ..සම්ප්‍රදායික පිරිමියෙකු නොවී උදව්වක් කොරහං...

    ReplyDelete
    Replies
    1. හිටහන්කො උබත් බදිනකන්.ඉට පස්සෙ බලමු

      Delete
    2. සිරාවටම කියන්නෙ මම නම් මේ වැඩ ඔයාටයි...මේ වැඩ මටයි කියලා වෙන්කරන්නෙ නැති සම්ප්‍රදායික නොවන සැමියෙක් වේවි.

      Delete
  6. කිවුවත් වගෙ ගෙවුනොත් එහෙම නේද

    ReplyDelete
  7. මාර වැඩේ කියන්නේ ඇළේ..මම ගෙදර කරන කරන හැම වැඩක්ම වැරදෙනවා. අතුගෑවොත් තැන් තැන් වල් වැලි. ඇඳ හැදුවොත් එක පැත්තක් යටවෙලා නැහැ. රෙදි මැෂිමට දැම්මොත් , අරක කරකවලා තියෙන්නේ වැරදි තැනකට. ඉතින් උඹ හිතපන් එකම වැඩේ දෙන්නෙක් කරන එකේ තේරුම මොකක්ද? මම ඇහුවා එහෙම ඒ යෝදිගෙන්. තාම උත්තරයක් නැහැ.

    ReplyDelete
  8. Kawadawath Women top karala nahane?

    ReplyDelete