Wednesday 28 May 2014

06. දේව වරම

පහුගිය දොහේ උනු අලකලංචිය හින්දා බ්ලොග් ලිවිල්ල අල්ලා දාන්ටත් හිතුනා. ඒත් අන්තිමේ ඒක ගොඩදාගන්ට පුලුවං කොරමේයක් හම්බවුන හින්දා උන්නු විදිහට මළාමදිද කියල ඔන්න ඔහෙ හිත හදා ගත්තා.

අද උදේ බ්ලොග් සාගරයේ ජබුඃ ගහන කොට උදෙම දැක්කෙ රවී ලියා තිවුනු මැගිලිං ගෙ කතාව. මීට කලිනුත් ඔය රවිය මේ වගේ කාන්තා විමුක්ති අරගලයට හරස්කපන ඔය වගේ පොරතිගාමී කතා ලියලා තිබුනා. ඕන්න යන්තමිංවත් බබලතුංගෙ එඩිය වඩවන්ට හේතුවුනෙ අර හැලපයා දමපු කොච්චිමෝලේ කතාව විතරයි. ඒ හින්දා මටත් හිතුනා අපේ ධීර වීර බො.බ.සේ (බොදු බබලත් සේනාව)ට දිරි දෙන කතාවක් ලියන්ට. ඒක හරි හමං පුරුසයෙකුගෙ යුතුකොමක් වෙච්චි.

මේක ඔය රවියලා හැලපයලා කියන්නැහේ මේ ඊයෙ පෙරේදා උන්නු ඔය මැගිලිං, අමරේ, බමරේ වගේ අවසේස එකාලගෙ සන්දියේදී වුනු සංගෙදියක් නෙවේ. ඔය බලංගොඩ මනවයා නෙවේ ඒකාගෙ අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා තියා කිරිකෑමුත්තටත් කලියෙං සිද්ද වෙච්ච දෙයක් ඕං. සහසුද්දෙම්ම කියනවානං ලෝකාරම්බයේදීම වෙච්චි වැඩක්.

ඔන්න දැං සර්වබලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත පරිදි මේ මගුල් සක්වළත් ඔය තියෙන ගහකොල, දියෑලිත් ඉන්න අනෙකුත් සතා සීපාවත්  ප්‍රාදූර්බභූත කොරලා අහක්ක වෙලා අන්තිමේදි මේ සියලු දෙවල් බලා කියාගෙන ඉන්ටය කියලා මේ මනුසතාත් කිරියේට් කොළා. උන්වහන්සේ මේක කළේ බොහොම ක්‍රමනානුකූලව පියවරෙන් පියවර. මුලිං ලෝකය හා දෙව්ලොව, ඊගාවට අඳුර, ආළෝකය, මුහුද, තාරකා ඔයසේරම මවා තියලා සවැනි දවසේ තමයි ඕං මේ මගුල්සක්වළට හා පුරා කියලා මනුසතාව පහල කොලේ. එකා තමා "ආදම්" (දැං කාලෙ එකාලනං කියන්නෙ ඇන්ඩම් කියලා).ඉතිං ටික කාලයක් මේ ආදම් බොහොම සමාදානෙං ඊඩ්න් උයනට වෙල හිටියා. ඔහොම යනකොට දෙවියන් වහන්සේට හිතුනා මූත් ඊතිං කාගෙ වුනත් දරුවෙක්නෙ තනියෙං තියන එකත් හරිනෑනේ කියලා ආදම්ට නින්ද යනකං ඉඳල උගේම ඉළ ඇට කෑල්ලක් අරගෙන "ඒවා" කියන ලෝකේ පළවෙනි ඉස්තිරියාව පහල කොලා. (දැං බලමුකො එකෙත් හැටි මුන්දැලා මූලාරම්බේ ඉදලම අපේ ඇටේ (මං කිව්වේ මේ ඉළ ඇටේ, ඉළ ඇටේ) කාගෙනමනේ හැදිල තියෙන්නේ).

ඉතිං දැං දෙන්නම ඊඩ්න් උයනට වෙලා පළවැල වළඳමිං කල් යවනවා. හැබැයි දෙවියන්නාන්සේ එක කොන්දේසියක් දැම්මා. ඒ තමා තහනම් ගහේ පළ කෑම තහංචියි කියන එක. උන්වහන්සේ මේ තහංචිය පනවලා නිකා හිටියෙ නෑ. ආදම් සහ ඒවා තහනම් ගහෙන් දුරිං දුරුවෙලා සතුටිං සුවෙං ඉන්නවද කියල බලන්ට විඩිං විඩේ ඇවිදිල්ල යනවා. උන්නාංසේ මෙහෙම විසිට් කොරනකොට ඔය අපේ එකාල වගේ හිස් අතිං අවේ නෑ. හැමදාම ආදම්ට සහ ඒවාට මොනවා හරි තමූංගේ හචා මල්ලේ දාගෙනම තමා ආවේ (අපේ උන්දැලගේ මලුඔල තියෙන එවෑ හැටියට සර්වබලධාරී වූ උන්නාසෙගේ මල්ලෙ කොච්චරනං දේවල් තියෙන්ට ඇද්ද නේද?). එතුමා අරගෙන ආවෙත් ඔය අද කාලෙ වගේ ටොපිචොකලට්, සිං කාඩ් (sim card) නෙවේ. හැමදාම ගෙනාවේ ආදම් සහ ඒවාගෙ ජීවිතේට වැදගත්වෙන දෙයක් තමා. ඒ ගේන එක එක දේවල්වලින් උන්වහන්සේ තමා මැවූ මේ සුහුඹුල් ජීවීන් දෙන්නගේ සරීර කූඩු තව තව වැඩි දියුණු කොලා. කෙටියෙං කියනවා නං fine tune කලා ඕං.

ඔන්න ඉතිං දවසක් විසිට් එකක් ආපු වෙලාවක ආගිය තොරතුරු කතා කොරල හිට (\\එහෙත් හරි වැස්ස මෙහෙත් හෙම වෙංටැ//,  \\බුලත්මද කන්නේ සුරුට්ටුද බොන්නෙ//) උන්වහන්සේ මෙන්න මෙහෙම කීවා.
"අද මම බොලාට බොහොම වටිනා කියන තෑගි දෙකක් ගෙනැල්ලා තියෙනවා. මේ දෙකම බොහොම බලගතු වරම් දෙකක්. තමන්ගෙ වරම තමාට තෝරාගන්ට පුලුවං.හැබැයි එකක් හොඳට මතක තියාගන්ට ඕනේ. තමුංගෙ වරම තොරාගත්තට පස්සෙ අයේ තව අවුරුදු දාහකට නෙවේ කෝටියකට පස්සෙ මගෙ ලඟට ඇවිත් ඉල්ලුවත් අයේ දුන්න වරම වෙනස් කොරන්ට විදිහක් නෑ. ඒ හින්ඳා බොහොම කල්පනාවෙන් තමුංගේ වරම තොරා ගන්ට ඕන. හොඳයි ඉස්සලාම දෙන වරම තමා තමුංට හිටගෙන මුත්‍රා කොරන්ට පුලුවන් වීමෙ වරම. කාටද මේක ඔනේ?"

ආදම් ඔහොම හිටියට හොඳ කල්පනා කාරයා. මිනිහා ක්ෂනිකව හිතුව "මට මේ වරම ලැබුනොත් ආයෙ ගස් ගල් අස්සෙ රිංග රිංගා බිමට පාත් වෙවී ඉන්ට ඔනෙ නෑ කෙලිං හිටගෙනම කාරිය කොරගන්ට පුළුවං". මෙහෙම හිතලා ආදම් විගහට පැනලා කීවා "අනෙ දෙවියනේ මට දෙන්ට, මට දෙන්ට" කියලා.

දෙවියන් වහන්සේ ඒ පාර බැලුවා ඒවා දිහා. බලලා ඇහුවා "ඒවා, දුව මොකද කියන්නේ. මේ වරම එහෙනං මේකට දීල දාන්ටද?"

ඒවාත් ටිකක් කල්පනා කොරලා මෙහෙම කීවා." කොයි හැටි වෙතත් ඉතිං ආදම් නෙව වැඩිහිටියා. එයාට කැමති එක ඔන්න ඔහෙ ගත්තාවෙ ආයෙ මයෙ මොකෝ. ඔක්කෝම හරි ඔය වරම මට දුන්නා කියමුකෝ. මේ තියෙන විදිහට (අදාළ අවයවෙත් පෙන්නලා, ආයෙ ඉතිං රෙදි ඇඳගෙන හිටිය එකක්යැ) ඔය කාරිය හිටගෙන කොරන්ට ගිහිල්ල අයෙ මොටද ඔය හුළිජ්ජ දෙපරැංදෙත් හිට ගා ගන්නෙ. ඔන්න ඔහෙ ආදම්ටම දීල දාන්ට. මයෙ අමනාපයක් නෑ."

"හා එහෙනං හොඳයි" කියලා උන්නාන්සෙත් ආදම්ගෙ ජුන්ඩට ළං කොල්ලා අසුරක් ගැහුවා, ගහලා පුඃ පුඃ පුඃ කියල තුංපාරක් පිඹලා හිට , "හා එහෙනං ආදම් කොලුවො චැක් කොරලා බලපං" කියලා කීවා. ආදමුත් ඔන්න වැඩෙ චැක් කොලා. අම්මද බොල, ඔය යන්නෙ තුන් දෙනාම ඩබල් දාලා හිටගෙනම. ආදම්ට දැං හෙන සැට. මේකනෙ යකෝ නියම සුදිය කියල මිනිහ දැං අහළ තියෙන හැම ගහක් ගලක් ගානෙම ගිහිල්ලා ටැප් එක අල්ලනවා. විසිල් ගහනවා. තනි කකුලෙං හිටගෙන චූ කොන්නවා. කකුල් දෙක ඈත් කොරගෙන චූ කොන්නවා වැඩ කෝටියයි.

ඕන්න ටික වෙලාවකට පස්සෙ ආදම් තමංගෙ ආතල් එක අරගෙන ඉවර වුනා. (මං හිතන්නේ ටැංකිය හිස් වෙන්ට ඇති). ඔන්න ඊට පස්සෙ දෙවියන්වහන්සේ මෙහෙම කීවා. "හා ඕන්න එහෙනං ඒවා දුවගෙ වරම. ඒක තමා, තමුංට මිං පස්සෙ පුලුවං බහු සුරතාන්ත (multiple orgasms) අත්විඳින්ට." මේක ඇහුනා විතරයි ආදම්ට තමං ඉක්මං වෙලා වැඩේ අල කොරගත්ත බව තෙරුං ගියා. "අනේ දෙවියනේ, අනේ ...", "හා හා මම කීවනේ ආයෙ මේ වරම වෙනස් කොරංට විදිහක් නෑ කියල දැං ඉතිං කොරන්ට දෙයක් නෑ. මෙහෙම කියල දෙවියන් වහන්සෙ එවාටත් ආදම්ට සේම පුඃ පුඃ පුඃ කියල තුංපාරක් පිඹලා අහක්කලා උන්වහන්සෙගේසක කිරි සේ හොබන ධවල සෛන්ධවයින් සදෙනෙක් යෙදූ දිව්‍ය රථයට නැගලා දෙන්නටම ටටා පාරක් දාල තමුංගෙ විමානෙට ගියා.

හොඳටම පශ්චත්තාප වුනු ආදම්, "දැං ඉතිං වෙන කුමක් කොරන්ටද, මේ දිවිය මට මොටද" කියලා ගිහිං තහනං ගහට නැගලා "මම මැරිලම පලච්චාවේ" කියල එකේ තිබුන ගෙඩි ටික කාගෙන කාගෙන ගියා.

ඉතිං මේ ආදම් කියන අපේ මුත්තගෙත් මුත්තගෙත්  මුත්තගෙත් .... මුත්තා ( ...තා) කියන එකා හදිස්සි වෙලා කොරගත්තු දෙයිං මේ පිරිමි සංහතියට වුනු සැසඳිය නොහැකි (incomparable) පාඩුව දැක්ක නේද (මෙන්න point එක බො.බ.සේ ට අල්ලගන්නවානං). ඒ නිසා මිං ඉදිරියට පිරිමි අපි ගන්නා සෑම තීරණයක්ම වඩාත් හොඳිං හිතා බලා ගන්නට අපි අපටම සපථ කොර ගමු (අපි වෙනුවෙං අපි).

මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.

ප. ලි.
එත් ඉතිං පළවෙනි වරම ඒවට දීලා දෙවෙනි එක ගන්ට හිටියා නං එක මොකක් වෙයිද කියලා කව්ද දන්නෙ. සමහරවිට ඒක මාසික දිනුම් ඇදීම වුනානං හෙම කාට කියන්ටද නේද?

Follow This Blog !!!

27 comments:

  1. Ravi style copy nokara thamangema style ekakin liwwa nam thama honda...kathawa nam niyamaaayi ! Jaya wewa ! 😊

    ReplyDelete
    Replies
    1. ඇයි මේ? මෙන්න මේ වගේ බ්ලොග් පොලිස්කාරයොත් වග කියන්න ඕනෙ සිංහල බ්ලොග්වල බහිනකලවට

      Delete
    2. මං දන්නා විදිහෙං තමා ලියන්නේ. ඒ වගේ ලියන තව අය හිටියා කියලා අයෙ මං මක් කොරන්ටද?

      Delete
  2. අපි ඉතින් සූටි උන්නෙ බං...ලොකු මාමලට කියන දෙයක් කියන්න කියලා...පැත්තකට උනා නම් හොදා කියලා හිතෙනවා...තහනම් ගහේ ගෙඩිය කෑවට පස්සෙද ආදම්ට ඊවගෙ ගෙඩිය කන්න හිතුනෙ එතකොට...

    ReplyDelete
    Replies
    1. දැං උඹේ කොතැනිංද පොඩි?
      //තහනම් ගහේ ගෙඩිය කෑවට පස්සෙද ආදම්ට ඊවගෙ ගෙඩිය කන්න හිතුනෙ එතකොට...//
      නෑ මයෙ හිතේ. ඌ එතකොටත් තහනං ගහේ ගෙඩි ඇරෙන්ට අනික් ඔක්කොම ගෙඩි කාල අහකයි.

      Delete
  3. ගජමං හමුවෙච්ච වෙලාවක මේ ගැන අහල බලන්නං...

    ReplyDelete
    Replies
    1. //මේ ගැන//
      මොනවා ගැනද?

      Delete
  4. හප්පේ හිනා වෙලා ඉල ඇදෙනව...
    පට්ට හූ..............................

    ReplyDelete
    Replies
    1. හූ කියන්ට එපල්ලා මට ලැජ්ජයි

      Delete
  5. අම්මපා ඇත්තටම අර අන්තීමට කිව්ව එක දෙන්න ආපු වෙලාවක නම් හෙම විනාසයි නෙව ඉතින්. කොහොමද බෝල් ගඩ් දාලා වගේ පෑඩ් එකකුත් දාගෙන යන කොට.. අනික ඉතින් ඕක ඉස්සරහට දාන්න වෙයිද, පස්සට දාන්නෙ වෙයිද කව්ද දන්නේ..

    ReplyDelete
    Replies
    1. දෙවියන්නාන්සේගෙ කැමත්තනෙ බං. ආයෙ දුන්නා නං එපා කියන්ටද.අර වතාවක් විලිරුදාව මාරු කොරගෙන වෙච්ච හරිය මදෑ.

      Delete
  6. අර පලිය ගැන තාම හිතනවා බන හැබෑටම එහෙම වුනානම් එහෙම මොන දෙයියන්ට කියන්නද?

    ReplyDelete
    Replies
    1. //මොන දෙයියන්ට කියන්නද?//
      වෙන දෙයියෙකුට නෙවේ ඒක දුන්න දෙයියන්ටම තමා කියන්ට වෙන්නේ.

      Delete
  7. /// හොඳටම පශ්චත්තාප වුනු ආදම්, "දැං ඉතිං වෙන කුමක් කොරන්ටද, මේ දිවිය මට මොටද" කියලා ගිහිං තහනං ගහට නැගලා "මම මැරිලම පලච්චාවේ" කියල එකේ තිබුන ගෙඩි ටික කාගෙන කාගෙන ගියා.////
    ආදම්ගේ මුනුබුරාලා වෙන අපි, කිරිකෑමුත්තාගේ නම්බුව තියන්නත් එක්ක වෙන්ටෑ දිගටම තහනම් ගෙඩිම කන්නේ ඈ...ලීගල් ඒවාට වඩා තහනම් ඒවා රසයි......

    මාසික දිනුම් ඇදීමනම් ඉවසගන්නවත් තිබුනා පාංකඩයක් හරි ඔතාගෙන...හිතහං මාස දහයේ කේස් එක දුන්නානං...උන වෙඩිල්ල වගේ තියෙයි එහෙනං.....!!!!!

    ReplyDelete
    Replies
    1. එහෙම වුනා නං බඩු බනිස්

      Delete
  8. අපරාදෙ බොල ඇලපාතයෝ අර දෙවෙනි ඔප්ෂන් එක ලැබුන නං මල් මසුරං බොලේ,අනික චූ කරන එක හිටගෙන කලාම මොකද ඉඳගෙන කලාම මොකද.සික් අම්මපා වස වැරැද්දයි.

    ReplyDelete
    Replies
    1. මල්ටි ඕගසම් දුන්නානම් අනිවාර්‍යයෙන්ම දසමාසේ උරේකථ්වා දෙනවාමයි හැලපේ...ලද දෙයින් සතුටුවෙමු..

      Delete
    2. හැලපේ,
      ඒකනෙ බං අයියේ අර ගොනාට ඔය ටික කම්පනාවට අවේ නෑනේ හැබෑට
      චෙෆ්,
      ඒකත් කියන්ට බෑ තමා. එකනේ සුද්ද කියලා තියෙන්නේ මෙහේම
      "There ain't no such thing as a free lunch"

      Delete
  9. // මාසික දිනුම් ඇදීම // :D

    අම්බෝ.. මැරිලා යනවා හොඳා බං ඒකනං එපාමයි :D

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවා අහනවද

      Delete
  10. පට්ට ඉස්ටෝරියක්නේ, හෙක් හෙක්, අඩේ නියමයි ඈ, මන් නම් කියන්නේ ආදම්ගේ චොයිස් එක හරි, පොඩ්ඩක් හිතන්නකෝ පාරේ තොටේ යනකොට අහවල් වැඩේ ඉඳගෙන කොරන්න උන්නනම්, එච්චර ඔන්න නෑ, අපි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා, කොල්ලන්ට චුබරේ උන් බෙරිහන් දෙනවා, බුස් කාරයා නවත්තන නැතිවම යනවා, ඉතින් මිස්ලා ඉන්නේ බස් එකේ ඉස්සරහනේ, අනික බස් එක යන්නේ දොරවල් වහගෙනනේ, ඉතින් එක එක පස්සේ දොර පඩියට බැහැලා දොර ඇරියම ලෝක එක දාන අගුලේ හිල ඒම් කොරල ලස්සනට වැඩේ කොරා, පස්සේ ගඳ යන්න වතුර ටිකක් ගැහුවා, ඉතින් හිතන්නකෝ අර කියන්න වගේ ඕක ඉඳගෙන කොරන්න උන්නනම්, අනික ඔය මල්ටිපල් කතාව දැන් හරි සිම්පල්නේ, එකට ඔය වයග්රා තියෙන්නේ, අනික ඔය කියන සුරාන්තයට එන්න ඔකෙන්ම අනින්න ඕනද? එකටනේ ඇඟේ අනිත් පාර්ට් තියෙන්නේ, ඔබන්න පුළුවන් හැම පාර්ට් එකෙන්ම ආදම්ට වැඩ අල්ලන්න තමා, අනික ඔය මල්ට්පල් සීන් එක ඒවාට හම්බ උනේ නිකම්ම වෙන්න බෑ,ආදම්ගේ ඇට හින්දෙනකන් වැඩේ කොරගන්න තමා, ඉතින් කාටද ආඩම්බර. කොහොම හරි පට්ට කතාව, බ්ලොග් ෆොලොවරේ ඩා ගන්නෝ, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. than u වෙවා
      //බ්ලොග් ෆොලොවරේ ඩා ගන්නෝ// කොහොමද දා ගන්නෙ?

      Delete
    2. blogger home ----> lay out-------> add a gadget----> more gadgets -----> followers
      add and save template

      Delete
  11. මොකද්ද ඔය බහු සුරතාන්තය කිව්වේ දකුණු අත් ගොඩක් දුන්නද? අනේ මන්දා අපිට ඔව්වා බෑ.......................අපි ඔව්වට නෑ..............................

    ReplyDelete
    Replies
    1. ඇයි වමත වැඩ කොරන්නේ නැද්ද?

      Delete
  12. අම්මො මසික දිනුම් ඇදිම නම් මොකක් එක්කවත් එපා

    ReplyDelete
    Replies
    1. සැනසිලි තෑග්ගක්වත් එපාද

      Delete