පෙරේදා
අත පසු වූ නිසා එන්නට කියූ ලෙස
මඩිනට සැහැසි ඒ ගොර බිර මදුරු විස
මැතිසඳ කීමටත් පෙර තම වරද නිස
බැඳගත්තා කඹක් ගෙන ලඟ තිබූ ගස
ඊයේ
ගිය කළ විසඳන්ට ගැටුමක් නැගී ඇති
ගැටුමෙහි වූවො මුට එරෙහිව නැගී ගති
බිය සැක නැගී ඌ සියොළඟ වෙළාගති
සිය අවියෙන්ම සිය සිරසම පළා ගති
අද
ඇඳගත් චීවරෙන් පටියක් ඉරාගෙන
තදකොට දෑත හා දෙපයත් වෙළාගෙන
හිස බානා කරෙන් බිජ්ජත් කපාගෙන
සිටියා වැටී මළමිනියක් විලාසෙන
හෙට
ලියන්නෝ සිටිත් උන් අත් කපාගෙන
කියන්නෝ සිටිත් උන් දිව කපාගෙන
අසන්නෝ සිටිත් උන් කන් කපාගෙන
අසිරිය නැගෙත් මුළු දිවයින වසාගෙන
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
කරගල ගගා එන්න
ReplyDeleteකරගල ගගා එන්න
කරණවෑමි සොහොයුරානනේ
මා සුන්නත් කරන්න
පෙරසම ඇද කපන්න
කරණවෑමි සොහොයුරානනේ
කරණවෑමි සොහොයුරා ඔන්නෑ කියල නෙව දැං කියන්නේ
Deleteහිනාවෙනවද අඬනවද කියලා මේ හිත හිත ඉන්නේ
ReplyDeleteදැං මේවට ඇඬෙන්නෙ හිනා යන්නෙ නෑ බං.
Delete\\ලියන්නෝ සිටිත් උන් අත් කපාගෙන
ReplyDeleteකියන්නෝ සිටිත් උන් දිව කපාගෙන
අසන්නෝ සිටිත් උන් කන් කපාගෙන
අසිරිය නැගෙත් මුළු දිවයින වසාගෙන//
ඕක තමයි ලොකුම ඛේදවාචකය. ලොකුම හානිය මෝඩයන් සිටීම නෙවෙයිලුනෙ, බුද්ධිමතුන් නිහඬව සිටීමලුනෙ.
ඒකනේ මේ ආශ්චර්යෙ දෝරෙ ගලන්නේ
Deleteලියන්නෝ නොලියති
ReplyDeleteකියන්නෝ නොබනිති
අසන්නෝ නාසති
කා බී සුකති සැනසෙති
ඇත්තෝ කා බී සුකති
Deleteනැත්තෝ @#$ සුකති
ඔන්න හෙට අනිද්දට නානසාර ළමයෙක් වැදුවොත් මාව එහෙම අල්ලගන්න එපා.
ReplyDeleteමේ යන විදිහට ඒ ටිකත් වෙයි වගේ තමා පේන්නේ
Deleteටොක්ක තදටම රිදෙන්නටම වැදේවා...
ReplyDeleteපට්ට
ජයවේවා
ටොකු ඇන්නට වැඩක් නෑ
Deleteකාටවත් ම දැනෙන් නෑ
අඩේ මේක නම් නියමයි බං..
ReplyDeleteතැන්කූ බං
Deleteඇළේ.....මල් මසුරං....කියලා වැඩක් නැහැ.
ReplyDeleteකවි කෙලින් කරන විදිහක් තියෙනවා නේද...කවි බ්ලොග්ස් ලියන අය දන්නවා.
හොයලා බලන්ට ඕන
Delete++++++++++++++
ReplyDelete-------------------------
Deleteමෑත කාලීන ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක් හරස්කඩක් ලෙස බොගේ මේ කයිය මවිසින් හදුනාගතිමි.
ReplyDelete