"ලොකු නුවණක්කාර පුංචි ඉවාන්ගෙ" crush කතාව කියපුවම මට කතාවක් මතක් වුනා. මේක නං crush කතාවක් නෙවේ crash වෙන්ට ගිය කතාවක්. එහෙනං අහගන්ටලා.
ඒ මං O/L කොරළා පොරතිපල එනකං ගෙදර හිටි කාලේ. අයෙ මොනාද දිවිය ගෙවුනෙ නිකං සරුංගලයක් වගේ. උදේට කාල ගෙදරිං එළියට බැස්සම ඉතින් බල්ලට හැතම්ම නෑ වගෙ තමා ඔහේ හත්දික්කරාවෙම ගාටල අයෙ රැ ජාමෙට තමා ගෙදර එන්නෙ. අයෙ කොරන්ට කියල වැඩක් තියෙන එකක්යැ ඉතිං.
ඔය සන්දියේ මට යාලුවෙක් හිටියා (එකෙක් නෙවේ හැත්තබුරුත්තක්ම හිටියා) ම්... කියමුකෝ මූට කමල් කියලා. ඉතිං මේ කමලට ගැණුදරුවෙක් එක්ක පටලැවිල්ලක් තිවුනා. එක පටලැවිල්ලක් නෙවේ මේකට පටලැවිලි කීපයක්ම තිබුණා (අන්තෝ ජටා බහි ජටා). කොහොම හරි ඉතිං මේ කාලෙ වෙනකොට මේ කියන පයුරු පාසනේ තමා ලකේටම තිබුණේ ඕං.
මේ දැරිවිගේ ගෙවල් තිවුනෙ අපෙ ගමේ ඉඳල ටිකක් ඈත. ඈත කියනේ බස් එකේම යන්ට ඔනේ. ඉතිං ඔන්න දවසක් කමලා මට කිවුවා;
"ඇළපාත මලෙ අපි හෙට කුමරිලෑ දිහෑවෙ යමුද?"
"අනෙ බං අය්යේ මට නං බෑ. බොට ඕන්නං තනියෙං පලයං. මට බෑ ඕවයේ ගිහිල්ල උන්දැලාගෙ අප්පගෙං මැරුං කන්ට."
මේ සම්බන්දෙ ගැන කුමාරිලාගෙ ගෙවල් ඔලිනුත් ටික ටික දැනගෙන උන්නෙ. උන්දැලගේ අප්පල කඩ කාරයෝ. අපේ එකා මේ නිකම්ම නිකං නිකමා. "කපලා ගඟේ මූදෙ දැම්මත් හතීකොන රස්තියාදු ගහන ඔය වගේ කඩප්පුලියෙකුට නං දුව දෙන්නෙ නෑ" කියල තමා කුමරිලෑ අප්පුච්චා කියලා තිබ්බේ. ඉතිං එහෙව් එකේ කුමාරි බලන්ට ඒකිලෑ ගෙදෙට්ටම යන්ට මේකට මොනාට හිතුනද කියලයි මං කල්පනා කොලේ.
"එහෙම නෙවේ බං, හෙට කුමාරිලෑ ගෙදර කවුරුවත් නෑ කිව්වා. උංගෙ මලයත් උදේට ඉස්ස්කොලෙ ගිහිල්ලා එනකොට දවල් වෙනවා, ඉතිං ඌ ගෙදර එන්ට කලිං අපි එහෙ ගිහිල්ල එමු."කමලා එහෙම කීව්වා.
"හරි ඉතිං අපි යනකොට ගෙදර කවුරු හරි හිටියොත් මොකද කොරන්නේ. වැරදිලාවත් මාමංඩිකාරයා එහෙම හිටියොත් බඩු බනිස්ම තමා" මම කිව්වා.
"එව්වට ක්‍රම සහ විදි තියනවා හරිද මල්ලී. අපි එවා ඔක්කොම ගානට පැලෑන් කොරලයි තියෙන්නෙ. මෙහෙමයි, හෙට උදේ ගෙදර කට්ටිය හැමෝම පිටවෙලා ඒරියල් එක ක්ලියර් වුනාම කුමාරී එයාලගේ ලැට් එක උඩ ප්ලේට් එකේ රතු පාට බාල්දියක් තියනවා. අපි ගේ ලඟ පාරේ වංගුව ගාවට ගියාම ගානට ලැට් එකෙ ප්ලේට් එක පේනවා. ඉතිං බාල්දිය තිබ්බොත් අපිට සේප් එකෙ ගෙදෙට්ට යන්ටයි තියෙන්නෙ, සරළයි, සුගමයි. මොකද කියන්නෙ, බෑ නොකියා කොහොම හරි යමං. ඕන්නං අර සුනිල ඉනේ ඕකවත් තනියට ඇදගෙනයං".
ඒ දවස් වල මේ දැං වගෙ කොල්ලටයි බල්ලටයි හැම එකාලටම mobile phones තිබ්බේ නෑ. ඔය වගෙ කෙරේම ඔලිං තමා බොහොමයක් සුපෙංවතුං පයිඩ හුවමාරු කොරගත්තේ.
"හරි එහෙනං සුනිලත් එක්ක යමං නැත්තං උඹල දෙන්නා ඔය අවල කෙළි ඔක්කොම කෙළිනකං මට උඩබලාගෙන ඉන්ට තමා වෙනේ. හැබැයි පුතෝ මං ගාව නං සතයක්වත් නෑ. උඹ බස් එකට ටිකට් ගනිං".
කොහොම හරි වදෙං පොරෙං සුනිලවත් වැඩේට කැමති කොරගෙන ඔන්න පහුවෙනිදා උදැහැනැක්කෙම තුං දෙනාම ගමන පිටත් වුනා. ඔය කුමාරිලගේ ගෙවල් ඔලට පහලිං තියෙනවා පොඩි කඩ මංඩියක්. අපි එතනිං බස් එකෙං බැස්සා, ඉතිරු ටික පයිම යන එක කෝකටත් හොඳයි කියලා. මොකද ගේ ලඟම බහින්ට ගිහිල්ලා කාට හරි මාට්ටුවුනොත් හෙම හෙන කෙලියක්නෙ වෙන්නේ. ඉතිං කඩ මංඩිය ගාවිං බැහලා දැං තුන් දෙනා හෙමීට කන්ද නගිනවා.විනාඩි පහකිං වගේ කුමාරිලෑ ගේ ගාව වංගුව ලඟට අවා. අම්මද බොල, ඔය තියෙන්නෙ සුබ නිමිති. ලැට් එකේ ප්ලේට් එකෙ උඩ රතුපාට බාල්දිය උදේම වැටෙන ලා ඉර එළියට දිස්ස්නෙ දෙනවා. ඒ දිස්නෙට වඩා කමලගේ මූණෙ පෙම්පාට වැටිල දිස්නෙ දෙනවා. ගේ ඉඳිකඩුල්ල ලඟට එනකොට අපි දැක්ක කුමාරිත් හිනා කටක් පුරෝගෙන ඉන්නවා. අපිත් වට පිට බලලා කවුරුවත් එන්ට කලිං ටක් ගාල කඩුල්ලෙං පැනල ගේ පැත්තට ගියා.
ඉතිං සාද කතා සහ අපේ වීර චාරිකවේ මං විස්තර කුමාරිට කියල ඉවර වෙලා කුමාරි හදල දුන්න තේ එකත් බීල හෙම උං දෙන්නා අපිට ටිකක් ඉන්ට කියල ඔන්න පල්ලෙහා තට්ටුවට බැස්සා. කුමරිලෑ ගෙවල් තියෙන්නෙ මහ හෙලේ. යමක් කමක් තියෙන උන්දැලා ගෙවල් හදන්නේ තට්ටු දෙකට. පොළෝ මට්ටමේ එක තට්ටුවයි, ඊට පහළිං හෙළපැත්තට තව තට්ටුවයි. ඉතිං උං දෙන්නා පහළට ගියාට පස්සෙ අපි දෙන්නා උඩ තට්ටුවට වෙලා කයියක් ගහ ගෙන හිටියා. පැයක් හිටියා, දෙකක් හිටියා ම්හ් මුං දෙන්න නෙවෙයි උඩට ආවේ. ඔන්න දැං සුනිල කුරු කුරු ගාන්ට ගත්තා ඌට මොකක්දො තව වැඩකට යන්ට තියෙනවා වෙලා යනවා කියලා. ඉතිං මම සුපෙංවතුන්ට කරදරයක් කියල දැන දැනම කමලට කතා කොළා.
"කමලෝ මේං මේ සුනිලට විගහට යන්ට ඕනැලූ තව විනාඩි දහයෙකිං එන බස් එකේ ඌ යනවලූ".
"අනේ ඇළපාතේ ඌට යන්ට කියල උඹ හිටහං. මං තව සුට්ටෙං එනවා අපි දෙන්න ඊලඟ බස් එකෙ යං". කමල පහළ ඉඳලම කිව්වා.
මං දැං මොකද කොරන්නේ. මේකා දාලා යන්ටත් බෑ. මොකක් හරි කෙළියක් උනොත් හෙම කාට කියන්ටද. එහෙම හිතලා මම සුනිල්ට යන්ට කිව්වා මම කමල එක්ක පස්සෙ එන්නං කියලා. ඊට පස්සෙ මං TV එකත් දගෙන ටික වෙලාවක් කිව්වට ටික වෙලාවක් නෙවේ තවත් පැයක් හමාරක් විතරම හිටියා. ඔන්න ටිකකිං ජෝඩුව උඩට අවා. ඇවිල්ලා සාලේ ගාවම තිවුනු කුමාරිගෙ කමරේ ඇතුලට ගිහිං අයෙත් කයිය ගහන්ට පටං ගත්තා. දැං නං මටත් ටිකක් මල පැනල හිටියෙ ඇයි යකො ආ කාරිය කොරගත්තනං ගෙදර පලකෝ අයෙ තවත් මොන කිරි කේජුවක් කන්ට ලගිනවද මං අහන්නේ.
"අඩේ කමලෝ දැං නං ඉස්කොලේ ඇරෙන්ටත් ලඟයි තව ටිකකිං මලයා එයි ඊට කලිං යම යන්ට" මම බලා ඉඳලා බැරිම තැන කීවා.මට මෙහෙම කියලා කට ගන්ට හම්බ වුනේ නෑ, කුමාරි "කමල් කමල් , මල්ලි මල්ලි" කියල කෑ ගැහුවා. කෙලියා තාප්පෙට, මේකා ඉස්කොලේ ඇරෙන්ටත් කලිං ගෙදර එනවා. කමලා සුටුස් ගාලා කමරෙං එළියට පැන්න පාරට ලඟ තිබ්බ කනප්පුවේ වැදිලා අන්ඩක් නොකැඩී බේරුනේ ඌ ඒ දවස් ඔල ඔය ජිට් කුන්ඩොද බිං කුන්ඩොද මොකද්ද එක ප්‍රගුන කොළහින්දා වෙන්ට ඔනේ මයෙ හිතේ. දැං මොකෑ කොරන්නේ. ජනෙලෙං අපිට පේනවා මලය හිමීට හිමීට කන්ද නැගගෙන එනවා. කුමාරිට දෙලෝ රත් වෙලා. තුම්මුනිං දඩිය දාලා "අනේ කමල්, අනේ කමල්" කියල කියනවා. බයටම වචන හරියට පිටවෙන්නෙත් නෑ. "ක ක ක .." කියනවා. මටත් දැං හීන් දාඩිය දලතියෙන්නෙ. මාට්ටු වුනොත් නං බබියත් සුං බබිගෙ ආච්චිත් සුං.
ගේ අතුලෙ හැංගෙන්ටත් බෑ. පල්ලෙහට බැහලා එහෙං එළියට යන්ට තැනකුත් නෑ අපි දෙන්නා සහ මුලිම්ම කොටුවලා. එළියට යනවනං ආපු විදිහටම ඉඳිකඩුල්ලෙම්ම තමා යන්ට වෙන්නේ. අප්පා දැං මොක්කුද කොරනවා.
"දැං කොරන්ට දෙයක් නෑ ඇළපාතේ, මොනව වෙන්ට හරි කියල ඉස්සරහිම්ම තමයි යන්ට වෙන්නේ. මලය ගෙට ඇතුල් වෙනවත් එක්කම අපි දෙන්න සුටුස් ගාල ඌට පේන්නෙ නැති වෙන්ට මාරු වෙමු", කමලා කිව්වා.
කුමරිලෑ ගෙට ඇතුල් වෙන්ට දොරවල් දෙකක් තියෙනවා ඉස්සරහා ඉස්තෝප්පුවෙ දෙකෙළවරට වෙන්ට.
"මල්ලි සාමාන්‍යයෙං ගෙට එන්නෙ මොන දොරෙංද?" කමල් කුමාරිගෙං ඇහුවා.
"අර පැත්තෙ තියෙන දොරෙං", කුමාරි එක පැත්තක තියෙන දොරක් පෙන්නුවා.
"හරි මචො එහෙනං මේකයි සිද්දිය හරි. අපි මල්ලි දොර ගාවටම එනකං ඌට පේන්නෙ නැති විදිහට ගේ ඇතුලට වෙලා ඉන්නවා. ඌ ගෙට ඇතුල් වෙනවත් එක්කම අපි අනික් දොරෙං ටිස් ගාලා පැනලා සිං ගාලා කඩුලෙං පැනලා පාරෙ පල්ලෙහට දුවනවා හරි".
"ටිස් ගාල, සින් ගාල, තොට මම කිව්ව යම විගහට කියල කොහෙද ඉතිං අපෙ රැවුල නෑ නේ. දැං සනීපයිනෙ. තොපි එක්ක එනවට අපිට මෙහෙම වෙලා මදි". ඔන්න දැං කුමාරි "අනේ කමල්" වෙනුවට "අනේ ඇළේ, අනේ ඇළේ", ගගා කෙඳිරි ගානවා. මට දැක්කම පව් කියල හිතුනා. කෙල්ලගෙ මූන රතුවෙලා, කං දෙකෙං දුම් පිට වෙනවා, නාහෙං හොටු බේරෙනවා. අනේ ආලේ නිසානේ මේ දුක මට දෙයියනේ කියල හිතුනා.
මොකක් නමුත් දැං නං ක්ෂනිකවම කොරන්ට ඕනේ. කමල කිව්ව විදිහ ඇරෙංට වෙන විකල්පයකුත් නෑ. ඕන පුකක් වෙද්දෙං කියලා මමත් "හරි යමං" කියල දැං බිත්ති කන්ඩියට මුවා වෙලා මලය එන දිහා හොරෙං බලාන ඉන්නවා. කුමාරිත් කමලගෙ අතේ එල්ලීගෙන ඉන්නවා. අම්මාපල්ලා මේ ගෑණු කියන ජාතිය. මෙහෙං අපි අර වසවර්තියාට නොපෙනෙන්ට පට ගාල පැනගන්ට බලාන ඉන්නව මුංදෑ වාහෙගේ අතෙ එල්ලීගෙන හූල්ලනවා. "බොල කුමාරි අක්කේ එහාට වෙලා හිටු අපිට පැන ගන්ට, බොලත් උස්සාගෙන යන්ටද අපිට කියන්නේ", මම කිව්වා. ඔන්න ඒ පාර කුමාරි ටිකක් පස්සට වුනා ඒත් කුනු කුනුව නැවතුනේ නෑ.
ඔන්න දැං තමයි අර බුත්සරණේ එන නාලගිරි දමනය episode එකට එන්නේ.
ඈත පොත් ටික අතට ගත්තු මලයාය, මෑත බාටා දෙක අතට ගත්තු කමලාය, ඈත සන්සුං ගමනිං එන මලයාය, මෑත පොළොව පළාපියන්නා සේ දිවෙන්නට සැරසීගත් කමලාය, ඈත වට පිට බලමිං එන මලයාය, මෑත එක එල්ලේම කවුළුවෙං පිටත බලාගත් කමලාය (කමලාය කියල ලිව්වෙ rhyme වෙන්ටය. මමත් ඌට පිටිපස්සෙ සිටියාය). ඔන්න දැං තමා climax එක. මලයා දැං දොර ගාවටම අවිල්ලා. "අක්කා" කියාගෙන ගෙට ඇතුල් වෙන්ට ඔන්න මෙන්න. අපි දෙන්නා මල්ලි ගෙට ඇතුල්වෙන වේගෙම්ම හෙමීට නොකර සද්ද අනිත්දොරෙං එළිය පැත්තට කැරකෙනවා. හරියටම මලයා ගෙට ඇතුල් වෙනවත් එක්කම අපි දෙන්නා සුටුස්ගාල එළියෙ ඉස්තොප්පුවට ගොඩවෙන්ට තිබ්බ පඩිපෙළටත්ත් උඩිං පැනලා කාල් ලුවිස්ටත් (ඒ දවස් ඔල උසේන් බොල්ට් හිටුයෙ නෑ, හිටිය නං උගෙ රැකෝඩ් කුඩේ කුඩු) වැඩි වේගෙං දුවල ගිහිං කඩුල්ලට උඩින්, කන්ථකයා නේරංජනාවට උඩිං පැන්නටත් වඩා හොදිං පැනල පාරේ පහලට ටික දුරක් දුවගෙන ගියා. දැං අපි දෙන්නට මැරෙන්ට හිනා වෙච්ච වැඩේට. කොහොම හරි ටික වෙලාවක් බඩ කොර වෙනකං හිනාවුනාට පස්සෙ ඕං කමලට පියවි සිහිය ආවා.
"අඩේ ඇළපාතයො අරෙහේ මොනවා වෙලාද දන්නෙ නෑ, වර ටිකක් හොස්ස දාල බලලා එමු", එහෙම කිව්ව කමල මාවත් ඇදගෙන අයෙත් කුමරිලෑ ගෙවල් දිහාට යන්ට ලෑස්තියි.
"ඔහොම ටිකක් හිටු. මේ බලාපිය යකෝ මගෙ සෙරෙප්පු දෙක නෑ".
"හෑ, ඇයි බොල ගොං වස්සෝ තො ගෙයිං එලියට පනිංට ඉස්සෙල්ලා බාට දෙක අතට ගත්තෙ නැද්ද?"
"කොහොමද යකෝ ගන්නේ, මම සෙරෙප්පු දෙක ගැලෙව්වේ අර තොගෙ වෙන්ට මස්සිනා කියන එකා ගෙට ආපු දොර ගාවනෙ. දැං කොහොමද බොල විලිලැජ්ජාවක් නැතුව බස් එකේ යන්නේ. අනේ තොපි වාගෙ එවුං එක්ක ගමං එනවට අපිට මෙහෙම වෙලා මදි".
මේකයි සිද්දවුනේ, උදෙ අපි කුමරිලෑගෙට එනකොට කමල කුමාරිත් එක්කම ගෙට ගියාට මමයි සුනිලයි ටිකක් එළියට වෙලා ඉඳල පස්සෙ තමා ගෙට ගියේ. අපි දෙන්න ගෙට ගියේ කමල ඇතුළට ගිය දොරෙං නෙවෙ අනිත් දොරෙං. දැං කොහොම හරි සෙරෙප්පු දෙකක් නෑ. කකුල් දෙකටම ඩෙනිමක් ගහගෙන සෙරෙප්පු දෙකක්වත් නැතුව බස් එකේ යන්නෙ කොහොමද. වස ලැජ්ජාවයි.
"හරි හරි මම තොට පල්ලෙහා කඩෙං බාටා දෙකක් ඇන්න දෙන්නං. දැං යමකො අරපැත්තෙ මොකද වුනේ කියල පොඩ්ඩක් බලලා එන්නට. අරූට වැඩේ මාට්ටුවුනාද දන්නෙත් නෑ".
"අනේ පල යන්ට තෝ ඇන්න දෙන සෙරෙප්පු මම දැක්කනේ උදේ බස් එකෙ ටිකට් ගන්ට කොන්දට කැටේ කඩල වගේ මාරු කාසි තොගයක් දුන්නා. පල පල මට ඕනැති සෙරෙප්පුවක් නෑ. මම මෙහෙම්ම යන්නං"
මෙහෙම කියල අපි ඒ පැත්ත්ට එන්ට හදනකොටම "කමල් කමල්" කියල කව්රු හරි කතා කොරනවා ඇහුනා. බැලින්නං කුමාරි. මේ බඩ්ඩ මලය බත් බෙදාගන්ට කුස්සියට ගිය අල්ලපනල්ලේ මගේ සෙරෙප්පු දෙක අරගෙන ඇවිලා. ඒක දැක්කම අයෙත් අපි දෙන්නට හිනා යන්ට පටං ගත්තා.
"දැං මෙතන හිනාවෙවි ඉන්නෙ නැතුව මේකත් අරගෙන විගහට යනවලා. කවුරුහරි දැක්කොත් එහෙම මේකේ වසල හමාරයි" කියල කුමාරි අපි දිහාට සෙරෙප්පු දෙක විසික්කා කොළා. ටික් ගාල සෙරෙප්පු දෙක ඇහිදගෙන අපි දෙන්න ඩබල් එකේ පල්ලෙහාට දුවගෙන ඇවිල්ලා ඊලඟ බස් එකේ ගෙදර ආවා. ඕන්න ඔහොමයි යාන්තං crush එකක් හින්දා crash නොවී බේරුනේ.
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
ප. ලි.
කොහොමිං හරි පස්සෙං පහු මුං දෙන්නා කසාද බැන්ඳා. දැං ලොකු දරුවොත් ඉන්නවා. තාමත් සැට්වුනාම අපේ ත්‍රාසය භීතිය කුතුහලය රැගත් වීර ප්‍රේම චාරිකාව මතක් කොරලා බඩ පැළෙනකං හිනා වෙනවා.
මොන බඩේ ගින්දර ඇල්ලුවත් පහළ තට්ටුවෙදි තෙල් ටික නං මාරු කරගන තියනවා කමලා. එහෙම නේද. එතකං උඹ අත් කරත්ත පැද්දා. හා බොරුද ඇලා..
ReplyDeleteඅලුත් තෙල් හින්ද වෙන්ටෑ ලෑල්ලට පාගන්ඩ පුලුවං උනේ .. ඒත් ඇලා කොහොමෙයි ?? අනේ මන්දා :D
Deleteතෙල් පරණ වුනත් වෙලාව ආවාම පත්තුවෙනවා
Deleteමොන අත් කරත්තද බොල, මම ඇඟිලි ගෙවෙනකං TV Remote එක ඔබ ඔබ බලන්ට පුලුහං channel එකක් හෙව්වා.
ReplyDeleteවීර වික්කමාන්විත පේම චාරිකාව... කමලා සහ ඇලයා...
ReplyDeleteමං පිචෑර් එකක් කොරනව
හැක්
කොරමු කොරමු හැබැයි අපිවම පිචෑර් එකේ චරිත ඔලටත් ගනිං. සල්ලි එපා ගරු රඟපෑම්.
Deleteමට තේ හදන්ඩ පුලුවං කෑම ගේන්ඩ පුලුවං :D
Deleteඔය තේ හදන කෑම ගේන එව්වෝ තමා අන්තිමේදි අද්දියක්සකයටත් කෙලලා පොරදාන නිලියත් එක්ක සැට් වෙන්නේ
Deleteනියම වචන සැට් එක ඇලෝ,ටොප් එකටම ලියා තියෙනව.රතු බාල්දිය තියල තියෙනකොට මට මතක් වුනේ සිකුරු හතේ ෆිල්ම් එකේ විජය නන්දසිරිට ගෙට එන්න දුව රතු කොළ සිග්නල් දෙන හැටි.
ReplyDeleteඒකනං එළ film එක. මට මතකය් ඔය පරන ෆ්රෙඩිය ඉන්න film වලත් ඔය වගේ එක එක තාලෙ සිග්නල් දෙන සීන් තිබ්බ්බා
Deleteඅර රෙද්ද උස්සන් දුවන සීන් එක නේද? :)
Deleteදැන් එතකොට ඔය පහල තට්ටුවේ ඉඳන් කතා කර කර ඉන්ට ඇති මයේ හිතේ , සෙරෙප්පු දෙක වගේද බන් අරුන් දෙන්නගේ ප්‍රේමේ
ReplyDeleteයකෝ පහළ තට්ටුවේ ඉඳලා කතා කොරගන්ට බැරිවුන හින්දා නේන්නං දෙන්න එක්ක උඩ තට්ටුවට ඇවිල්ලා කතාව පටං ගත්තේ.ඕකනෙ කියන්නෙ ලොකු නුවණක්කාරයා වුනාට තාම පුංචියි කියලා.
Delete//සෙරෙප්පු දෙක වගේද බන් අරුන් දෙන්නගේ ප්‍රේමේ//
ඒ දවස් ඔල රබර් සෙරෙප්පු දෙකක්වත් ගන්නෙ බොහොම අමාරුවෙං බොල.
අඩේ මොකක්ද බං ඇත්තටම "ලොකු නුවණක්කාර පුංචි ඉවාන්ගෙ" කියන එකේ තේරුම .... මට තේරුනේ නෑ බං
Deleteමනුස්පයෝ ලස්සන වසීලිස්ස පොත කියවලා නැද්ද?නැත්තං ඔය කවුරු හරි ගෑල්ලමයෙක්ගෙං අහල ඉල්ලගෙන කියවල බලහං. ඒවා තමා කියවනවනං කතා මේ අපි ලියන පට්ටංතර හෑලි වගේ නෙවේ.
Deleteඒක මිසක් ,ඇයි හත් ඉලව්ව්වේ පුංචි කාලේ බඩ බැඳගෙන කියවපු පොතනේ. මතක් විදිහට පුංචි ඉවාන් තමයි දුප්පතා ,
Deleteකොහොම හරි යෙලේනා කුමරියත් එක්ක යන්න තිබුණු චාන්ස් එක තමයි නැතිවුනේ අප්පා :D
මං හිතුවේ මට මොකක් හරි මඩක් ගැහුවා කියලා
මට පිස්සුවක් ඇතෑ ඌරන්ට මඩ ගහන්ට
Deleteඌරා...? හුහ් හිටහන් විචාරකගෙන් LMG එකක් ඉල්ලං එනකං
Deleteඉවාන්ට හරියන්නෙ යෙලේනා නෙවෙයි බාබයිගා ඇන්ටි පාර .. :D
Deleteයකෝ බබායිගා අවුලක් නෑ. දෑවැද්දට පියාඹන කොස්ස හම්බවෙනවනේ එතකොට ඉවානයට එකෙ නැගලා ගිහින් යෙලේනව හම්බවෙලා එන්ට පුලුවං.
Delete"....ලැට් එකේ ප්ලේට් එකෙ උඩ රතුපාට බාල්දිය..."
ReplyDeleteඇළේ මොකක්ද බං ප්ලෙට් එක කියන්නේ...
අනුමාන කලේ නම් වහලෙ කියලයි...හරිය....
මචෝ අපේ පැත්තෙ Roof Slab එකට කියන්නෙ ප්ලේට් එක කියලා
Deleteහැක්. පට්ට සීන් එක. නිකන් ශෘංගාරය, හාස්‍ය, ත්රාස්ය රැගත් පිලුම් ඒකක් බැලුවා වගේ.
ReplyDeleteඔක්කොමත් හරි අර පණිවිඩේ දෙන්න ලැට් එකක්ම තෝර ගත්ත එක තමා වැඩේ.
1. එහෙම තමා බොල තියෙන සම්පත් ඔලිං එපෑයැ පොරෝජන ගන්ට.
Delete2. ලැට් එකෙ වහලේ (ප්ලේට් එක) තමා මහ පාරට ඉස්සෙල්ලාම පේන්නෙ
ප්‍රියා අන්තිම හරිය කියවද්දි ලැප අරං හිටගත්තා මං.ඕ යේස් :D
Deleteඑල..
ReplyDeletethank u වේවා
Deleteඒ කාලේ ගම හරහා දිවීමට හෙම ඇලේ ගිහින් නැතිව ඇති නේද?
ReplyDeleteඅපි නම් ඒ කාලේ ඔය සිග්නල් නෙමෙයි කෙලින්ම ටෙලිග්‍රෑම්. අනේ ටෙලිග්‍රෑම් එන්නේ මුළුගමම දැනගෙන. ඊටත් වඩා පෝස්ට්මන් ඕක ගෙනත් දෙන්නෙත් ගෙදර එවුන්ට. කොල්ලා හම්බවෙන්නත් ඉස්සෙල්ල ගමම දන්නවා කොහෙද හම්බවෙන්නේ කියලා.
එහෙමත් කාලයක්.... දැන් නම් ඒ අපිමද කියලාත් හිතාගන්න බෑ....
යකඩෝ මෙහෙමත් ටෙලිගිරෑං ගහලා love කොරන්ට යන කතාවක් මම ඇහුවාමයි. අපේ ගමට නං ටෙලෙගිරෑං එකක් අවොත් ඉතිං ඒ නං හත් දවසක් නිදි මරන්ට වෙන වැඩකට තමා ඕං.
Deleteඒකනේ කීවේ. මේ ඇවිත් ඉන්ටර්කොන්ටිනෙන්ටල් ලව් සීරීස් කියලා.
Deleteකලිං කියන්ට එපැයි, අපි දන්නවද හිතේ තියං හිටියාම.
Deleteකමලා ඒකිගෙ රීරි මාංශය උරා බොන්න ඇති කාමරේට වෙලා...උඹ ටීවී කබල ලගට වෙලා කාටුන් බැලුවද එතකොට....සපෝටරයෙක් එක්කගෙන ගමනක් යන්නෙ අාරක්ෂාව ගැන බලන්න...ඔය කොරලා තියෙන්නෙ.
ReplyDeleteලැට් කියලා වචනයක් මොන එකකට එබුවද මේකට...ඒ වගේද බං කක්කුස්සිය කියලා ලිව්වා නම් දැනෙන අලංකාරෙ...
පුංචිම කාලේ ඉස්ස්කෝලේ යනකං ගෙදර ඉද්දි තිබුනේ "කක්කුස්සිය", ගමේ ඉස්කෝලේ ගියාම ඒකේ තිබුනේ "ලැට්", තව ටිකක් ලොකුවෙලා ටවුමේ ඉස්ස්කොලේට ආවම එකෙ තිවුනේ "ටොයිලට්".
Deleteආයෙ මොනාද ත්‍රාසජනක ෆිල්ම් එකක් බැලුවා වගෙ තමා..අර දුවන සීන් එකට බං උඹල උදේට කාල ගියෙ කාබයිට ද ???
ReplyDeleteමාත් ෂපෝටර්ට නං ගිහිං තියනවා.. කෙල්ල යාලුවෙක් එක්ක ආ දාට පත්තරය ගොඩ.. කරුමෙ කියන්නෙ අල්ලල හිටින් නෑනෙ බං :D සතියයි දෙකයි .
ඒකනේ බං අර කතාවකුත් තියෙනවානේ "තල නම් තෙලට වේලේ මී බෙටි කුමට වේලේ" කියලා. මට නං හැමදාම වුනේ මී බෙට්ටක් වෙලා ඉන්ට.මොනවා කොරන්ටද පෙර කරුමේ, පෙර කරුමේ.
Deleteඅර අලි මොකක්ද කරනකොට අපි මැරෙනවා කියලා වඳුරෙක්ද කොහෙද කිව්ව කතාව මතක්වුනා.
ReplyDeleteමෙව්වට ගිහිං නොමැරී බේරී ඉන්නෙ පූරුවෙ වාසනාවකට තමා නැද්ද මං අහන්නේ
Delete