මේක බොහොම පොඩි කතාවක්. මේක මට ලියන්ට හිතුනේ අද උදේ "තිලක සිත" කියවලා.
මේක සිද්ද වුනේ ඇත්තටම ඊයෙ හවස්කොරේ. ඊයෙ හැන්දෑවේ මම වැඩ ඇරිලා ගෙදර ගියාම මට ගජමන් නෝනා කිව්වා නෝනෙයි ඇළපාත කුමාරියි (අපේ දොනියැන්දෑ, තාම මොට්ටසෝරි යන්නෙ!!!) අතර ඇති වුණු දෙබසක්.
ඇළපාත කුමාරි: අම්මි, අම්මිගේ surname එක මොකක්ද?
ගජමන් නෝනා: ................ නේ (ගජමන් නෝනෙගෙ පරම්පරා වාසගම. කැන්දං ආවා කියල මම නෙවෙයි ඕං ඕවා වෙනස් කොරන්ට ගියේ)
ඇළපාත කුමාරි: එතකොට මගේ surname එක මොකක්ද?
ගජමන් නෝනා: ................ නේ (මගේ මුදලි වාසගම, එහෙනං හ්ම්)
ඇළපාත කුමාරි: එහෙම බෑනෙ, අම්මියි මායු girls ලා හින්දා හරිනම් girls ලට එකම surname එක තියෙන්ට ඔනිනේ (මුන්දැට හැම දේම girls & boys කියල වෙන් කොරන්ට ඕනේ. නිල් පාට රතුපාට ඇඳුමක්වත් අදින්ට කැමති නෑ ඒවා boys colours කියලා, ඕන්න එහෙනං)
ගජමන් නෝනා: නෑ නෑ බබාලට දාන්නෙ අප්පච්චිගේ surname එක
ඇළපාත කුමාරි: ඒ වුනාට අම්මිනේ අපිව hospital එකෙන් ගෙනාවෙ, අම්මිනෙ අබුන් කවන්නෙ, කුක්කු හදල දෙන්නෙ (එතකොට මම මොකවත්ම කොරන්නෙ නෑ එහෙනං) හරිනම් බබාලට දාන්ට ඕනෙ අම්මිගේ surname එකනෙ.
ගජමන් නෝනා: හි... හැ... හු.. හූ
බලාගෙන ගියාම දොනියැන්දගේ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ නේද?
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
ස්ත්රීවාදී පෝස්ට් පලකිරීම පිළිබඳව අපගේ බලවත් විරෝධය.
ReplyDeleteමේ දවස් වල මැයි රැළි බලලා වැඩි වෙලාද විරොධය පාන්නෙ
Deleteඒක හොද වැඩක් සුජාතබව ගැන එහෙම ඇතිවෙන ගුටලුවලට හොද විසදුමක්,
ReplyDeleteඒ කොහොම උනත් අම්මා තමයි ඔක්කොම කරන්නේ කියනකොට නං තාත්තලට ටිකකි මළ පනිනවා තමයි
ඊට පස්සේ ඕකත් අර ප්රසව වේදනාව මාරු කොරගත්තා වගේ වෙයිද දන්නෙ නෑ
Deleteකෙල්ලගේ කතාව එක පැත්තකින් හරි බලන් ගියාම. අපි මේ ගැන වහ නෝනාගෙන් අහලා බලමු.
ReplyDeleteඇහුවොත් නං ආයෙ එකෙන්ම
Deleteළමයගේ කතාව හරි මමත් හිතන්නෙ.ගජමන් නෝනා කැමතිද වැඩේට.
ReplyDeleteඋන්දැත් හිතං ඇති එහෙනං
Deleteඅර හෑන්ඩ් බෑග් එක කරේ දාගෙන පරක්කු වෙලා මීටින් වලට ආපු හිටපු ජනාධිපති නෝනා එයාගෙ ළමයින්ට කලා වගේ... මුදළි තුමාගෙයි ගජමන් නොනාගෙයි දෙන්නගෙම වාසගම දාගත්තනම් හොඳයි නේද දුවේ...!!!!!
ReplyDeleteදැනට තියෙන එකත් දිග වැඩී කියලයි ඕං දැං කියන්නෙ. තව දෙකක්ම දැම්මොත් කොහොමට හිටීද?
Deleteහරිනෙ කතාව
ReplyDeleteමල්ලි හරි මල්ලි
Deleteඅර වේරලියද්ද දෙන්නෙක්ගෙ වාසගම් හුටපටයක් යනවා මේ දව්ස්වල අම්මගේ වාසගම ගත්තා කියලා.
ReplyDeleteඕකුන්ට අමු කැවිලනෙ මචං
Deleteඇයි යකෝ කියලා දුන්නනම් ඉවරයිනේ අප්පච්චිත් අම්මිගෙන් කුක්කු බීලා තියන නිසා තමයි ඒ විදිහට නම දාන්නේ කියලා.
ReplyDeleteදැන් නං ඒ බොන කුක්කු ටිකත් බොන්ට වෙලාවක් නැති වෙලා තියෙන්නෙ ඕං. මේකලා බුදියනකොට රෑ දොළහත් පනිනවා
Deleteදෙන්නම ගෑණු නොවැ බොල...අන්න ඒකයි කාරණේ...උඹේ පැත්තට ඡන්දයක් ගන්න නම් කෙලීගෙ තනියට කියලා ගජමන් නෝනගෙන් අවසර අරගෙන කොලුවෙක් හදාපන් යෝධයො....
ReplyDeleteදැනටමත් එකෙක් හදලා බොල ඉන්නෙ ඌට තාම ඡන්ද අයිතිය නෑ. තාම යංතං මාස 8යි. එකා තව ජුන්ඩක් ලොකුවුනාම බලමුකො. එතකොට අම්මයි දුවයි අපිට කොරයි. එහෙනං.
Deleteඇලපාත වැඩකරු එහෙනං....අපේ පාසලේ හිටියා අයි ඕපාත කියලා නවක ගුරෙක්...මිනිහා දැක්කම ඉස්සර කුපාඩි කොල්ලො...අයියෝ පාත කියලා අහවල් එක මිරිකගන්නවා....
Deleteඅහෝ ඇලපාත...ප්රවේසමෙන්...මේ තවත් ස්ත්රී විමුක්ච්ති සටනක ආරම්භය විය හැක....
ReplyDelete"වනිතාවට එහෙ සමතැනද
Deleteඑයාලා දන්නව නියම තැන ..."
මේ හැබැයි අඟහරු ලෝකේ
මෙතනට අර වනිතා හඩ එහෙම ආවනම් හොඳ අදහස් ටිකක් අහගන්න තිබ්බා
ReplyDeleteඅනේ ඇවිත් යන්ට එන්ට කියාපන් මලේ
Deleteඅපේ අම්මයි තාත්තයිත් මට වාසගං දෙකම දාලා බං.පුල්ස්කැප් කොලයක් ඕන නම ලියන්ඩ .
ReplyDeleteමොනා කොරන්ටද බං පරපුරේ නම ගෙනියන්ටත් එපැයි
ReplyDelete