Thursday 1 May 2014

03. තර්ක විතර්ක

මේක බොහොම පොඩි කතාවක්. මේක මට ලියන්ට හිතුනේ අද උදේ "තිලක සිත" කියවලා.

මේක සිද්ද වුනේ ඇත්තටම ඊයෙ හවස්කොරේ. ඊයෙ හැන්දෑවේ මම වැඩ ඇරිලා ගෙදර ගියාම මට ගජමන් නෝනා කිව්වා නෝනෙයි ඇළපාත කුමාරියි (අපේ දොනියැන්දෑ, තාම මොට්ටසෝරි යන්නෙ!!!) අතර ඇති වුණු දෙබසක්.

ඇළපාත කුමාරි: අම්මි, අම්මිගේ surname එක මොකක්ද?
ගජමන් නෝනා: ................ නේ (ගජමන් නෝනෙගෙ පරම්පරා වාසගම. කැන්දං ආවා කියල මම නෙවෙයි ඕං  ඕවා වෙනස් කොරන්ට ගියේ)
ඇළපාත කුමාරි: එතකොට මගේ surname එක මොකක්ද?
ගජමන් නෝනා: ................ නේ (මගේ මුදලි වාසගම, එහෙනං හ්ම්)
ඇළපාත කුමාරි: එහෙම බෑනෙ, අම්මියි මායු girls ලා හින්දා හරිනම් girls ලට එකම surname එක තියෙන්ට ඔනිනේ (මුන්දැට හැම දේම girls & boys කියල වෙන් කොරන්ට ඕනේ. නිල් පාට රතුපාට  ඇඳුමක්වත් අදින්ට කැමති නෑ ඒවා boys colours කියලා, ඕන්න එහෙනං)
ගජමන් නෝනා: නෑ නෑ බබාලට දාන්නෙ අප්පච්චිගේ surname එක
ඇළපාත කුමාරි: ඒ වුනාට අම්මිනේ අපිව hospital එකෙන් ගෙනාවෙ, අම්මිනෙ අබුන් කවන්නෙ, කුක්කු හදල දෙන්නෙ (එතකොට මම මොකවත්ම කොරන්නෙ නෑ එහෙනං) හරිනම් බබාලට දාන්ට ඕනෙ අම්මිගේ surname එකනෙ.
ගජමන් නෝනා: හි... හැ... හු.. හූ

බලාගෙන ගියාම දොනියැන්දගේ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ නේද?

මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.

Follow This Blog !!!

25 comments:

  1. ස්ත්‍රීවාදී පෝස්ට් පලකිරීම පිළිබඳව අපගේ බලවත් විරෝධය.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල මැයි රැළි බලලා වැඩි වෙලාද විරොධය පාන්නෙ

      Delete
  2. ඒක හොද වැඩක් සුජාතබව ගැන එහෙම ඇතිවෙන ගුටලුවලට හොද විසදුමක්,

    ඒ කොහොම උනත් අම්මා තමයි ඔක්කොම කරන්නේ කියනකොට නං තාත්තලට ටිකකි මළ පනිනවා තමයි

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ඕකත් අර ප්‍රසව වේදනාව මාරු කොරගත්තා වගේ වෙයිද දන්නෙ නෑ

      Delete
  3. කෙල්ලගේ කතාව එක පැත්තකින් හරි බලන් ගියාම. අපි මේ ගැන වහ නෝනාගෙන් අහලා බලමු.

    ReplyDelete
    Replies
    1. ඇහුවොත් නං ආයෙ එකෙන්ම

      Delete
  4. ළමයගේ කතාව හරි මමත් හිතන්නෙ.ගජමන් නෝනා කැමතිද වැඩේට.

    ReplyDelete
    Replies
    1. උන්දැත් හිතං ඇති එහෙනං

      Delete
  5. අර හෑන්ඩ් බෑග් එක කරේ දාගෙන පරක්කු වෙලා මීටින් වලට ආපු හිටපු ජනාධිපති නෝනා එයාගෙ ළමයින්ට කලා වගේ... මුදළි තුමාගෙයි ගජමන් නොනාගෙයි දෙන්නගෙම වාසගම දාගත්තනම් හොඳයි නේද දුවේ...!!!!!

    ReplyDelete
    Replies
    1. දැනට තියෙන එකත් දිග වැඩී කියලයි ඕං දැං කියන්නෙ. තව දෙකක්ම දැම්මොත් කොහොමට හිටීද?

      Delete
  6. හරිනෙ කතාව

    ReplyDelete
    Replies
    1. මල්ලි හරි මල්ලි

      Delete
  7. අර වේරලියද්ද දෙන්නෙක්ගෙ වාසගම් හුටපටයක් යනවා මේ දව්ස්වල අම්මගේ වාසගම ගත්තා කියලා.

    ReplyDelete
    Replies
    1. ඕකුන්ට අමු කැවිලනෙ මචං

      Delete
  8. ඇයි යකෝ කියලා දුන්නනම් ඉවරයිනේ අප්පච්චිත් අම්මිගෙන් කුක්කු බීලා තියන නිසා තමයි ඒ විදිහට නම දාන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් නං ඒ බොන කුක්කු ටිකත් බොන්ට වෙලාවක් නැති වෙලා තියෙන්නෙ ඕං. මේකලා බුදියනකොට රෑ දොළහත් පනිනවා

      Delete
  9. දෙන්නම ගෑණු නොවැ බොල...අන්න ඒකයි කාරණේ...උඹේ පැත්තට ඡන්දයක් ගන්න නම් කෙලීගෙ තනියට කියලා ගජමන් නෝනගෙන් අවසර අරගෙන කොලුවෙක් හදාපන් යෝධයො....

    ReplyDelete
    Replies
    1. දැනටමත් එකෙක් හදලා බොල ඉන්නෙ ඌට තාම ඡන්ද අයිතිය නෑ. තාම යංතං මාස 8යි. එකා තව ජුන්ඩක් ලොකුවුනාම බලමුකො. එතකොට අම්මයි දුවයි අපිට කොරයි. එහෙනං.

      Delete
    2. ඇලපාත වැඩකරු එහෙනං....අපේ පාසලේ හිටියා අයි ඕපාත කියලා නවක ගුරෙක්...මිනිහා දැක්කම ඉස්සර කුපාඩි කොල්ලො...අයියෝ පාත කියලා අහවල් එක මිරිකගන්නවා....

      Delete
  10. අහෝ ඇලපාත...ප්‍රවේසමෙන්...මේ තවත් ස්ත්‍රී විමුක්ච්ති සටනක ආරම්භය විය හැක....

    ReplyDelete
    Replies
    1. "වනිතාවට එහෙ සමතැනද
      එයාලා දන්නව නියම තැන ..."

      මේ හැබැයි අඟහරු ලෝකේ

      Delete
  11. මෙතනට අර වනිතා හඩ එහෙම ආවනම් හොඳ අදහස් ටිකක් අහගන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. අනේ ඇවිත් යන්ට එන්ට කියාපන් මලේ

      Delete
  12. අපේ අම්මයි තාත්තයිත් මට වාසගං දෙකම දාලා බං.පුල්ස්කැප් කොලයක් ඕන නම ලියන්ඩ .

    ReplyDelete
  13. මොනා කොරන්ටද බං පරපුරේ නම ගෙනියන්ටත් එපැයි

    ReplyDelete