අතීත කතාව
එක් සමයෙක්හි ඇළපාත නම් නියම් ගම් වැසි කුලදරුවාණ කෙනෙක් තමා වැඩිවියට පැමිණියේ පසල් දන්ව්වේ තිබ්බාවූ සිප්හල අකුරු කරවා අන්තයේ රජයෙන් පවත්වන්නට යෙදුනා වූ විභාගයෙනුත් සමර්ථවූයේ උන් දෙමාල්ලන් හා ගුරුන් විසින් උපමාවිෂයාතිඃක්රන්ත ලෙසින් වැනුවා වූ ද සකළ ශිල්පයට ම නිධාන වූ ද කොළොම්තොට නිසා එක් මනරම් සරසවියකට බැඳී උසස් උසස් මහැදුරන් යටතේ යහපත් කොට සිල්ප හදාරන්ට වන්නේ ය.
මෙසේ මේ මානවක තෙමේ ගුරුන්ගෙත් හිත් ගන්නා ලෙසිං සිල්පයත් ප්‍රගුන කරමිං බඩබැදි යාලු කොල්ලනුත් සමග කෙළිදෙලෙං දවසරින්නේ ක්රමයෙං පළමු වසරින් සමත් වැ දෙවැනි වසරට වන් කල උන්ගේ සරසවියට නවක මානව මානවිකාවන් බඳවා ගන්නා දිනත් උදාවි ය. ඇළපාතයාත් නවකයිං පිළිගන්නා සැටියෙන් උන්ගේ යාලු කොල්ලන් හා එක්ව සරසවිය පුරා බිම මට්ටම් කරවා ඊ පිට සුදු වැලි අතුරා යන්නා වූ මග දෙපස මල්ගොමු ලියගොමු හා ඉරු රැස් වලකන්ට ආසින් ආ වළාවන් බඳු වූ මහ දජ සේසත් නංවාලා කුඩා අනුකුඩා ද්වාර දෑළේ කුඩා අනුකුඩා පුංකළස් ද තබ්බාලා උතුරු වාසල්දොර මල්කමිං ලියකමිං හා සත්ත්ව කැටයමිං ඔපවැඩියාවූ ගන්ධදාම පුෂ්පදාමාවලම්භිත විතානෝපලක්ෂිත මාඇඟි තොරණක් ද ඉදි කළේ ය.
මෙසේ තොරණ හා දජ සේසත් ඈ නො එක් විසිතුරු කර්මන්තයෙන් ගැවසියා වූ සරසවියට පැමිණි ඒ නවකයින්, උයන් කර්මාන්තයට නො දෙවෙනි වූ චිත්තාකර්ශනීයවූ උළෙලක් ද ඊට ම ආනුෂංගිකවූ මහැදුරන් සමහරක්ගේ ගම්බිර දෙසුම් ද පවත්වා අවසන බත්කෑ මනාවුන්ට බුලත් විටකුත් දී ලන්නාසේ දෙවැනි වසරේ වූ කතාවට සමර්ථ එක් මුකරි කොල්ලෙක් ලවා නවකයින් පිළිගන්නා ලෙසින් හා උන්ගේ බියදුරුවනු පිණිස බුහුටි දෙසුමක්ද කොට සරසවියට පිළිගන්නට වූයේ ය. ඉනික්ඹිති අලුත්වැ ආ උන් හා සුදුසු ලෙසින් පිළිසඳර කතාත් කොට අනෙක් දින හිමිදිරියේ ම සරසවියට පැමිණෙන නියායෙන් උන් හැම ගිවිස්වාගෙනැ අන්තයේ උන් සියල්ල ම නම් පොත් ආදියෙ නම් ඇතුළු කිරීම ඈ තව ඉතිරි වැ ඇති පරිපාලන කටයුතු කරන පිණිස නිසි ඒ ඒ නිලදරුවන් වෙත පමුණුවාලා ඇළපාතයා තම යාලු ගණාත් පිරිවරගෙනැ තමා වසන නේවාසිකාගාරයට ම නික්මුණේ යැ.
එතෙක් පටන් දිනක් දිනක් පාසාම තව තුන් මසක් විචර කල් ඒ පැමිණි නවකයින් උදාසන සරසවි බිමට වන්නටත් පළමුව මේ ඇළපාත නම් මානවකයා, පෙර සේ හිරු රැස් නැගී තම පශ්චාත් භාගය දවන තෙක් නිදා නො සිට හිමිදිරියේ සැවුළන් හඬන්නාත් හාම යානෙන් නැගිටපියා ඇලි මැලි දුරලා අසුරුසැනයෙන් වත පස කිස නිමවා තමා අනු දක්නා ඒ යාලු පිරිවරත් සමග උදාසනක් සේ ම සරසවි බිමට නික්මෙන දෑ ය. නික්මී, තම පිරිස බනවා කියන්නේ "නුඹලා එක් තැනක නො සිට තැන් තැන්වලට වී සිට ඒ පැමිණෙන නවකයින් අල්ලා ගනුව. මාත් මගේ මේ සහචර කොල්ලාත් එක්වී සරසවිය වටබැඳි පවුරේ ඇති කුරුබිලිය අසළ රැක සිට ඉන් රිංගා එන වුන් අල්ලාගන්නේම් වේ දැ" යි කියා ලා ඓරාවණයා නවතන්නට යන සුර සෙනවියෙක් සේ තම සහචර කොල්ලාත් සමග පැදුම් දෙස බලා නික්මෙන දෑ ය. මෙපරිද්දෙන් ඒ තුන් මස මුළුල්ලේ ම සරසවියට අමුතුව ආ ඒ නවකයින් තන්හි තන්හි සිට අල්ලා ගන්නා මේ ඇළපාතයා හා සහචර පිරිස ඒ බියපත් වූ නවක බාලක බාලිකාවන්ට හස්ත විකාර මුඛ විකාර දක්වාලා උන් නො කළ වරදටත් මහ මූද පරගාන්නා සේ අක්‍රෝස පරිබව බෙනෙමින් උදාසන පටන් සූර්යයා අස්තංගතවනතුරුත් උන් හැම මුළුල්ල මහත් වෙහෙසට පත් කෙරෙ යි.අවසන, නවකානුරුපිතාව යැ යි කියූ ඒ තුන් මස ගෙවී ගිය කල්හී රැඟුම් වැයුම් ඇතුළත් විසිතුරු උලෙළක් කරවා අන්තයේ කන්නන්ට නිසි බත්, මස්, මාළු ආදී භෝජන පිරි බඳුන් ද බොන්නන්ට නිසි පාෂාණ, පරණ, සිංහ ආදී පැන් පිරි සැල්ද ඊට ම නිසි ඔඩම් ද තබා කාද්යභෝද්යෙන් ගැවසීගත් මහා සංග්‍රහ පවත්වා නවකයින් මුළුල්ලට ද නිසි පරිද්දෙන් නටා ගයා ප්‍රීති වීමට සලස්වා තුමූ සියල්ල දැන් එක් සමාගමයෙක් වී යැ යි මුලු සරසවි බිම් පුරා ආළෝලනය කළෝ ය.
දැන් වනාහි නවකයින් යනු පිරිසක් නැත්තේ ම යැ. ඇළපාතයා ඈ දෙටුවනුත් අලුත්වැ ආ උනුත් දැන් එකා වන් වැ සතුටු සාමීචියේ යෙදෙන්නෝ ය. උන් මුන්ටත් මුන් උන්ටත් විසුළු නම් කියා අමතන්නෝ ය. ඉන් උරණ වන්නෙක් නැති. මෙ පරිද්දෙන් දවසරිනා කළැ මෙපුවතෙහි කතුවා වන ඇළපාතයා සිතැ අමුතු මැ සිතිවිල්ලෙක් නැගී අයේ යැ.මේ නම් නිකම් නැගී ආ සිතිවිල්ලක් නො වී යැ. කලෙක් පටන් උන් සිතැ පිරිසිඳී කල් යත් යත් මැ කෙමෙන් වැඩී ආ හැඟුමකි. දැන් ඇළපාතයා වනාහී වෙනස් මැ එකෙකි. උන් පෙර සේ තම යාලු කොල්ලන් හා කතාවට නො එයි. උන් හා කෙළි හෝ කවට නො ද කෙරෙ යි. දවස මුළුල්ලේ බලා ගත් අත මැ බලා සිටී. සිල්ප උගැන්මෙ ද නිසි ඇළ්මක් නො කෙරෙ යි. පෙර කල කෑ පරිද්දෙන් වැළදීමද නො කෙරෙ යි. එකල්හි උන් අසළට ආ එක් වූ උගේ තන් වැසියෙක් අසන්නේ;
"කොල ඇළපාත, තෝ අපත් සමග යම් අමනාපයක් වී ද? නො සිතා කළ යම් විසිළුවකුත් හැර අපගෙන් වුණු අන් වැරැද්දකුත් ඇද් ද? අහරෙත් ඇළුම් නැතිවී මිතුරන්ගෙනුත් දුරු වූ කලට සිල්ප සෑදෙන්නෙත් කෙසේද?"
"මා ප්‍රියය, තොපතින් වූ වැරැද්දෙක් නැති. මේ මාතින් ම වූ මහත් වැරැද්දෙක. කලෙක පටන් මා සිතට කිසි සැනසිල්ලෙක් නැති. උදෑසන පටන් මැදුම් රෑ තෙක් මගේ සිතිවිල්ලට නම් නින්දෙක් නැති. ඌ මා දිවා රෑ දෙකේ නො නිදා දවයි".
"කියව යහළුව කිමෙක් ද ඒ සා වූ මහත් ලතැවුල. තොප පවුලේ යමෙකුට යම් ගැහැටක් වී ද? අපටත් කළහැකි යමක් වේ ද? දුක් ගැහටේදි නැති මුතුරුදමිං කම් කිම්ද?"
"නැත නැත කොල්ල, අප පවුලේ කාටත් කිනම් හෝ විපතක් නැත. නමුත් මට නම් වූයේ මහත් විපත. අහෝ, මේ මට වූයෙ කිම් ද?"
"කොල ඇළපාතය, ගෙල බැඳි මුත්හර වල්කොටගත් සොළොස්වියැති කෙල්ලක සා නො වැළපී තොට වුයේ කිම්දැ යි කියව. මෙසක්වළ නැගි කිනම් හෝ පැනයකටත් පිළිතුරක් ඇත්තේ වේ ද? කියව, තොට පිළිසරණ වන්නට මා හැර වෙන සමර්ථ වන්නෙකුත් වෙන ඇද් ද? මාගේන් මුෂ්ටි ප්‍රහාරයක් නො කා වහා කියව, පැන විසඳන්නේ නම් මම්ම වේ ද?"
"එසේ නම් අසා ගනුව. මෑතක සිට මා සිත අලුත් වැ ආ අර ගජමං නම් කෙල්ල කරා යෙ යි. උන් කෙරේ නො වලක්නා පරිද්දෙන් ආල සිතක් බැඳී යෙ යි. උන් නො ලද්දොත් නම් මා දිවි නො රැකෙ යි".
"වන්නාට ඇළපාත, එය මේ නො කා නො බී සිටිය යුතු දෙයක? ආලය නම් ලෙඩෙක? තෝ නො බා සිටුව. තම ස්වාමී වූ වේදේහරජුට, චූලණී බ්රඃමදත්තයා සේනා යොදා රැකි ඒ පංචාලචන්ඩි කුමාරිකාව අගමෙහෙසුන් කොට දුන්නා සේ ම්ම් නුඹට මේ ගජමං නැමැති කෙල්ලව සරි කොට දෙන්නෙමි. තෝ රිසි සේ කා බී සතුටු වෙව. කාරිය කරන්නේ නම් මම් වේ ද". මේසේ වාසි බස් දෙඩූ ඒ ඇළපාතයාගේ සහචරයා ගජමං නැමැති ඒ කෙල්ලට අසෙන සේ නො එක් නො එක් ලෙසින් ඇළපාතයාගේ ගුණ මැ කියා අවසනැ කෙසේ හෝ ඒ කෙල්ලගේ සිත මේ ඇළපාතයා කෙරෙ සිතිවිල්ලක් පාල කළේ ය. නො බෝ දිනෙකින් ම ඇළපාතයා තම යාලු කොල්ලා යොදා දුන් පරිදි ඒ ගජමං නැමති කෙල්ල සම්මුඛවි තම සිතැඟි පවසා ඈ සමග ආල සන්ථවයකට මුල පිරී යැ.
කල් ගතවත් මැ ඇළපාතයා හා ගජමං යන දෙදෙන අතර ඇති ප්‍රේමය අතු ඉති ලා වැඩෙන්නට වනැ. දිනක් දිනක් පාසා මුන් දෙන්නා ඒ ඒ සන්ථාගාරය පාමුල ද ඒ ඒ අවන්හල් තුළ ද ඈ එකී මෙකී නො කී සියළු තන්හී සිට පෙම් බස් බනන්නට වනැ. මේසෙ කල් යන්නට වු අතුරේ දිනක පෙම් බස් මුමුණනාතුර ගජමං නැමති ඒ බාලිකාව මෙසේ කියන්නට වන.
"මා ප්‍රිය ඇළපාතය, මාගේ එක් ගැබ්බර ඤාතිවරියක් වෙයි. ඈට සිරිපා කරුණා කෙරුමට දොළක් උපනි. මහ හිමේ යෑම නම් ඉතා දුස්කර දෙයක. ඒත් ඈ එහි යෑමට ම ඉල්ලා සිටී. ඇගේ දුක්පත් ස්වාමියා කෙසේ මේ දොළ සන්සිඳවන්නෙ දැ යි කියමිං තැවේ. මතු යම් දිනෙක මා මෙසේ වූ දෙයක් කියතොත් තෝ කරනුයේ කිම් ද? දොළ නො පුරා මා වළප්නේ නම් තෝ කරනුයේ කිම්ද?"
"ප්‍රිය දේහනිය, මා සිත නො තලව. තී එක් දරුවෙක් වදා නැවත ගැබ්බරව සිටි කල්හි මේවන් වූ වරයක් ඉල්ලුව මැනව. මේ ඇළපාත වන මම් ඇතුන් දස දෙනෙක්හුගේ බල ඇතියෙමි. තී එක් උරෙකත් ළපැටියා අනෙක් උරෙත් තබා වක් කළ අතක් දික් නො කරන තාක් මහ හිමය එසැණින් තරණය කොට තොප හැම සිරිපතුල් මුළ ලන්නෙ වේ ද? තී විපිළිවර නො වෙව. මහ බලැති ඇළපාතයා නම් මම ය".
වර්තමාන කතාව (දසකයකට පමණ පසු)
ඇළේ, අපි මේ සැරේ ලංකාවට ගියාම සිරීපාදෙ වඳින්ට යමුද?
පිස්සු කතා කරනවද, මේ ළමයි බමයි උස්සාගෙන කොහොමද යන්නේ. මේ ගොල්ලෝ ලොකුවුන දවසක යං. පොඩි කාලෙ ඔකේ යන්ට හොඳ නෑ. ලෙඩ වෙනවා. හෙන හීතල.
අප්පෝ ඒ දවස්වල් නං කීවෙ කොහොමද "තී එක් උරෙකත් ළපැටියා අනෙක් උරෙත් තබා වක් කළ අතක් දික් නො කරන තාක් මහ හිමය එසැණින් තරණය කොට තොප හැම සිරිපතුල් මුළ ලන්නෙ වේ ද? තී විපිළිවර නො වෙව. මහ බලැති ඇළපාතයා නම් මම ය", අනේද කියන්නෙ කෝ ඒ කීව මහ බලේ මොකද බොලේ එකට වුනේ?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අපේ උන්දෑලාගේ red button එක පේන්ට නෑ එච්චරයි.
මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.
මොකක්ද යකෝ මේ අපබ්‍රන්ශේ...
ReplyDeleteඕ ලෙවල් ඒ ලෙවල් වලට සිංහල සාහිත්‍ය ද කලේ...
මෙහෙම එකක් දැක්කමයි...
පුදුම ඉවසීමකින් කියවගෙන ගියේ..
කියවන්න එච්චර ඉවසන්න උනානම් අර මහප්‍රාණ වචන ටයිප් කරන්න වරදින තැන් හද හද ආපහු ටය්ප් කරන්න උඹට නම් පට්ට ඉවසීමක් තියෙන්න ඕන...
Excellent....Well Done...
මොකක්ද යකෝ මේ අපබ්‍රන්ශේ... //කොහේදෑ අපබ්‍රංශයක් තියෙන්නේ//
Deleteඕ ලෙවල් ඒ ලෙවල් වලට සිංහල සාහිත්‍ය ද කලේ...//A/L ඔලට නං කොළේ නෑ O/L ඔලට කොරන්ට වුනා//
මෙහෙම එකක් දැක්කමයි...//එහෙනං හොඳට බලා ගනිං//
පුදුම ඉවසීමකින් කියවගෙන ගියේ..//ඉවසන දනා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද//
Excellent....Well Done..//Thank u//
මහ බලේ ඇලේ බොලේ.
ReplyDeleteකියනවිට එසේය කරනවිට මෙසේයයැයි තී නොදන්නෙම්දැයි පවසාලූහ.
එසේම යැ
Deleteආන්න කතාව
Deleteමට මේකේ පසු කතාව කියවන විට මතක් වුණේ අපේ කෝරළේ මලයව. බනියව කර තියන් සිරිපාදේ ගිය හැටි. ඒ සිද්ධිය මගේ හිතට තදින්ම වැදිලා තියන දෙයක්. මට ඒ ලින්කු හොයන්න බැ මේ වෙලාවේ. වලව්වට ගොඩවැදිල කියවන්න ඒ ලිපි කීපය. උන් දෙන්නටයි අලුතෙන් ආ පැටියටයයි සුමන සමන් දෙවි පිහිටයි.
ReplyDeleteමම සැරයක් කියෙව්වද කොහෙද ඒවුනාට කමක් නෑ ආයෙත් කියවලා බලමු
Deleteඇඹරිලා ගියා මේක කියවන්න ගිහිල්ලා.. :D
ReplyDeleteදැං ඇඹරුම් ඇරිලද?
Deleteසිරිපාදේ එක සැරයක්වත් නොගිය එකා මෝඩයා. එක පාරට වඩා යන එකාත් මෝඩයා.. පෝඩ්ඩක් ඉවසන් ඉන්න කියහන්.. කේබල් කාර් එකේ යන්න පුළුවන් ළඟදීම.
ReplyDeleteඅනිවා මචෝ, cable car එකේ ගිහින් foot print එක බලලා එන්න තියෙනව නම් හරිම ශෝයි. අපේ kidsලා හරිම ආසයි cable cars වල travel කරන්න.
Deleteවට හතක් කරකවලා අත හැරියා වගේ බොල. පට්ට.
ReplyDeleteමාත් තාම ශ්‍රී පාදෙ ගිහින් නෑ.
දැං එහෙනං අනික් පැත්තට තව වට 7ක් කැරකියං
Delete//මාත් තාම ශ්‍රී පාදෙ ගිහින් නෑ.//
පස්සෙං පහු අර විමලයා වගේ මම සීගිරි ගිහින් නෑ මම සිරීපාදෙ ගිහින් නෑ කිය කියා නාහෙං අඬන්නේ නැතුව දැම්ම ගිහිං වර
කතාවේ මුලින්ම තියනවනේ invisible button කියලා. ඔය මෝඩ ඉන්දියන් ගෑනු වගේ රේකොඩින් බොත්තම පේන්න තියාගෙන නෑ අපේ උන්දැලා.
ReplyDeleteඅම්මපා ඔක්කොමත් ඉවසුවෑකි, ඔය පරණ කතන්දර මතක් කරලා ආඩාපාලි කියනකොට තමයි යුද්දේ හොඳයි කියලා හිතෙන්නේ.
ඒ යුද්දෙ මොකද්ද මේ යෝදියොත් එක්ක කොරන යුද්දෙත් එක්කල බැලුවම නේද ආයුබෝං
Deleteහිහි නෑ නෑ කීට මට පේන්නෙ සද්ධර්ම රත්නාවලිය එමහම මරල වගේ...
ReplyDeleteපට්ට ඇලේ
මසුස්පයෝ, විබාගෙට ඉගෙන ගත්තෙ නැතිවුනාට ඔය කෝකත් එහෙං මෙහෙං කියවල තියෙනවා
Deleteඋඹට බනිමින් කියවගෙන ආවා. පස්සේ හිතුනා ඇළගේ එලකිරි වැඩක් කියලා නියමයි. මේ ඊයේ පෙරේදා අපේ කෙනා මතක් කලා මීට අවුරුදු 26කට ඉස්සෙල්ලා මම කියපු එකක් දිනයත් එක්කම (එදා වෙසක් දවසකක්). මම කිව්වා බොරු කියන්න එපා කියලා. සාක්කි අපේ අම්මාලු. අම්මාත් කිව්වානේ බන් ඒ කතාව ඇත්ත කියලා. බලපන් දෙන්නාම ගෑණුනේ.
ReplyDeleteඕන්න බලපං එකෙත් හැටි, මොනව නැතත් පිරිමි අපිට විරුද්ධව නං නැන්දම්මලා ලේලිලා එකට හිටගන්නවා.
Deleteඅරූලට බොරු පොරොන්දු දෙන්න පුළුවන් ඒවා මතක කරලා දෙන කාන්තාවෝ තමයි අන්තිමට වැරදිකාරයෝ.
Deleteමාත් ඕල්ඩ් රෙකෝඩ් ඔක්කොම මෙමරි කරන් හිටියා මේ ළඟක් වෙනකම්.දැන් මෙමරි චිප් එක අවුල් වෙමින් යනවා. හිටිගමන් දවල්ට කාපු දේත් අමතක වෙනවා.
හා..හා.. ඒකත් ඇත්ත රංගි....කවුද හිතන්නේ ඒවා පොරොන්දු කියලා..සොඳුරු ආදර වදන්... නමුත් යෞවනයේ දොඩමළුවීම් හැමදා පොරොන්දු ලෙස රැකිය යුතුද? පීස්සුද රංගි...ආදරය සහ අනුරාගය තුල ඔයිට වඩා කොච්චර දේවල් අපි කතා වෙනවද? පිරිමි විතරක් නෙමේ ගැහැනුත්. උදාහරණ ඕනම නැහැනේ. කාලය විසින් තරුනයා පමනක් නොව තරුනියටත් යම් කිසි වගකීම් පවරනවා. හරිද මන්දා...අපි යතාර්තවාදී වෙනවා....උඹලා අපිට මෝල්ගස් කෙලින් කරනවා. වගකීම් විසින් ආදරයේ සුන්දරත්වය පොඩ්ඩක් පරක්කු කරනවා :D
Deleteඅනේ මේ ගෑනුංගෙ මෙමරි චිප් ෆෝමැට් කරන්න ක්‍රමයක් තිබුනනං......
Deleteමාත් තාම ශ්‍රීපාදේ ගිහින් නෑ. කොහෙද පොඩි කාලේ පොඩි ළමෙක් කියලා අම්මලා එක්කන් ගියේ නෑ. පස්සේ කාලේ ලංකාවට එන කාලවල සීසන් නොවෙන හන්දා යන්න වුනෙ නෑ.
ReplyDeleteදැන් ආයේ යයිද කියන්නත් දන්නේ නෑ.
ඔය ප්රේමකතාවලදි කියන පොරොන්දු තියෙනවා නේද? දැන් බොලා හිතන්නේ ඕවා බොලාගේ ප්‍රේමවන්තියන්ට විතරයි මතක කියලද?
මට හෙට අනිද්දට නඩු වැටුනේ නැත්නම් ඇති ඔය ඉටු නොකරපු පොරොන්දු වෙනුවෙන්.....
අනිවා නඩු දාල උපරිම දඩුවං නියම කොරන්ට ඕනෑ. ඔය කාපු බීපු වෙලවට කියන කතා ඔල මොන බරපතල් කොමක්ද අයෙ පස්සෙ මතක් කොර කොර වදේ ගහන්ට. (කෑවෙ බීවෙ මොනවද කියල අහන්ට එපා)
Deleteඋඹේ ජාතක කථා ඉස්ටයිල් පෝස්ටුවේ ඇතුලේ යථාර්තය වැගිරෙනවා ඇලයෝ...මාරක ළිඳේ මෝටසයිකල් වගේ...
ReplyDeleteමේ පදින මෝටර් සයිකල් රේස් ඔල හැටියට මාරක ලිං සිම්පල් නේ.
Deleteඋඹ යන වෙලාවක සිරීපාදෙ...මටත් කථා කොරහං ඇළේ....මමත් තවම ඔය ඉසව්වට ගාටලා නැතුවා. බොලා කැමති නම් බොලාගෙ සහයෝගයට පැටියෙක් ගන්න බැරියැ මයේ උර පත්තට...
ReplyDeleteහරි හරි යන දවසක කියන්නං හැබැයි එතකොට එක පැටියෙක් අරං ඇතිවෙයිද කියලනං කියන්ට බෑ ඕං.
Deleteඅඩා මරු ලියමන බං. මේ පැත්තෙ ආවෙ අදද කොහේද!
ReplyDeleteඅඩා welcome ඩා
Deleteඅද අව්ව් ෆලෝ ගැජට් එක නැද්දෝ
ReplyDeleteFollow This Blog !!! කියල හැම post එකක් යටින්ම තියෙනවා නොවෑ
Delete